මා නැවත ස්තෝප්පුව දෙස බැලුවෙමි....අක්කා සමග අම්මාද එකතුවී සුරන්ජිත් සමග කියවනු දුටු මා ඉක්මනින් කාමරය තුලට පිය මැන්නේ මොවුන් මට කුමක් කියවිදැයි ද්ගිඩියාවෙන් යුතුවය.....මේ වබවිට නිමන්ති නාගෙන කොන්ඩය පිස දමමින් සිටිනු දුටුවෙමි.......මා ඇය දෙස නොබලාම ඇදේ වාඩිවී අත් දෙකෙන් මුහුන වසාගත්තෙමි......මොකද චතූ.....නිකන් බයවෙලා වගේ.....මා කිසිවක් නොකියා මුහුන වසාගෙන සිටියෙමි.....මා අසලින් වාඩිවූ නිමන්තී.....ඇයි චතූ.... මොකද මේ.....මගේ දෑත් මුහුනෙන් ඉවත්කරමින් ඇසුවාය......මට බයයි නිමන්තී.....මා කීවෙමි......ඇයි අනේ මොකද උනේ.....ඇය ඇසුවාය.......මම එලියට වෙලා තනියෙම සුරන්ජිත් අයිය එක්ක කතා කරකර හිටිය කියල....අක්ක එයාගෙ අම්මට කියල......අම්ම මගෙන් ඇහුව....මට කියාගන්න දෙයක් නැතුව ඉන්නකොට හොදවෙලවට එයාලගෙ තාත්ත ආව ....ඒකෙන් අම්මට මොකුත් කියාගන්න බැරිවුනා......දැන් අම්මයි අක්කයි සුරන්ජිත් එක්ක එලියටවෙලා මොනවද කියෝනව.......මට හිතෙන්නෙ සුරන්ජිත්ට බනිනව ඇති.......මා විස්තර කලෙමි....ඉතින්..අනේ අක්කනෙ සුරන්ජිත්ව ඔයාගාවින් තියෙල පුරුදු කලේ.....නිමන්ති කීවාය......අක්ක එහෙම කරල තියෙන්නෙ.....මාව සුරන්ජිත්ට යාලුකරවන්න නෙවෙයි.....එයාගෙ කෙල්ලන්ට තියෙන ලැජවයි අකමැත්තයි නැතිකරන්න......මා කීවෙමි......එයා අපිත් එක්ක චාටුවෙන් හිටියට මහ කපටි ගෑනියෙක්නෙ.... තරහෙන් මෙන් පැවසූ නිමන්ති.... මුහුන බැලුවම පේන්නෙ නැද්ද අනේ අමුතු ලොකු කමක් ආරූඩ කරගෙන ඉන්නෙ කියල. ඒත් නිමන්ති කාටවත් මොකුත් කියන්න එපා අපි හරියටම මොකුත් දන්නෙ නෑනෙ......ඔයා කියන හින්ද මම මොකුත් කියන්නෙ නෑ.....නැත්නම් හොදවයෙන් දෙකක් කතාකරන්නෙ......ඇය කේන්තියෙන් කීවාය.
දැන් මම බයේ ඉන්නෙ එයාල මට මොනව කියයිද කියල.....මම.මේකට කැමති වුනේ නෑනෙ අනේ සුරන්ජිත්නෙ පස්සෙන් ආවෙ......මා පැවසුවෙමි......ඔයා බයවෙන්න එපා චතූ....අපිනෙ ඔයාව එක්ක ආවෙ මොකක් හරි ගැටලුවක් උනොත් අපේ අම්මයි තාත්තයි ඔයාගෙ පැත්තට ඉන්නව.....ඇය කීවාය......
ඇය එසේ පැවසුවද ඔවුන් නිමන්තිගේ තාත්තාගේ ගජ මිතුරන්ය. මා මෑතකදී හදුනාගත් කෙනෙකි.....මෙවැනි ගැටලු වලදී ඔව්න් මා පැත්ත ගනීවි යයි කිසිවිටටකත් සිතීමට නොහැක.....මා තනිවූවාක් මෙන් නැවත දැනෙන්ට විය......මා නිමන්තිට කිසිවක් නොපවසා ඇදේ ඇලවූවෙමි.....චතූ ...තේ හදල එන්න බොන්න....නිමන්ති කතාකරනු ඇසුනි.....මට එපා නිමන්ති.... ඔයාල බොන්න.....මගේ සිතේ තිබුනු ගැටලුව නිසා තේබීමත් එපාවී තිබුණි ....සුලු වේලාවකින් නිමන්තිගේ අම්මා නිමන්ති සමග මා අසලට ආවාය.....මොකද දුවේ වුනේ.....ඇසූ නිමන්තිගේ මව....දුව බය නැතුව ඉන්න......මම මේක ගැන හොයල බලන්නම්.....මගේ හිස අතගාමින්.....පවසා......නිමන්ති දුවේ .....චතුරිකාට තේ එක ගෙනත් දෙන්න කීවාය......ඔවුන් කාමරයෙන් පිටවී ගොස් සුලුවෙලාවකින්.....නිමන්ති තේඑක රැගෙන පැමිණි බව දුටුවෙමි.....මේක බොන්න චතූ.....අපේ අම්ම මේකට මොකක් හරි කරයි....මා නිමන්තී ලගටම තේ කෝප්පය රැගෙන ආ නිසා පානය කලෙමි....

No comments:
Post a Comment