මෙහෙට එන්නකෝ සුරන්ජිත් මගේ අතින් ඇදගෙන පිට්ටනියක් වැනි ස්තානයකට ගොස් කැමරාව මගේ අතට දුන්නේය...දැන් මේකෙ සටර් ස්පීඩ් එක මේ විදියට වැඩිකරල.....මම අතන උඩ පනිනවත් එක්කම පොටෝ එකක් ගන්න....ඔහු මා ඉදිරි පිට සිටගත්විට කැමරාවේ නාබි දුර සකසා ඔහු උඩ පනින තෙක් කාචය තුලින් බලා සිටියෙමි.....ඔහු උඩපනිනවාත් සමගම බොත්තම තද කලෙමි.....කොහොම පොටා එකක්ද දන්නෙ නෑ වැටුනෙ.....මා ඇසුවෙමි.....එහෙම ගත්තම ගුවනෙ ඉන්නව වගේ වැටෙන්නෙ ....ඔහු කීවේය.....දැන් ඔයා යන්නකො ඉස්සරහට.....අපෝ මටනම් බෑ උඩපනින්න....මා පැවසුවේ මා දැන් ගැහැනු ලමයෙක් නිසාය......උඩ පනින්න එපා චුට්ටක් කැරකෙන්න ඔය ගවුමෙ සාය මලක් වගේ උඩට යන්න.....අනේ අයියේ සාය උඩට යනවනේ ....මට ලැජ්ජයි.....මා කීවෙමි....ගොඩක් උඩට යන්නෙ නෑ...නංගී..ඔයා වටේට සාය මලක් වගේ පිම්බිලා තියෙන විදියට ගන්න ඕනැ.....මා සෙමින් කැරකුනෙමි.....ආපෝ වේගෙ මදි සාය පිම්බෙන්නෙ නෑ.....ඔහු කීවේය.....මා තව ටිකක් හයියෙන් කැරකුනෙමි....තව චුට්ටක් හයියෙන් කැරකෙන්නකො.....මගේ වේගයට ගවුමේ සාය ඉස්සී මලක් මෙන් දිස්විය....ඔහු ඉක්මනින් චායා රූප කිහිපයක් ගන්නා බව තේරුනි......හුලන් පාරකුත් ආවනම් ලස්සනට තියෙයි.....ආ හිතේ ඇති .....හිමිජ්ජ වගේ හිටියට හිතන ඒව.....මා ඔහුට සෙමින් පහරක් එල්ල කරමින් කීවෙමි....ඔහු සිනාසෙමින් මා පහර දුන් ස්ථානය අතගැවේ වේදනාවට නොවන බව තේරුනි.....අපි තාම මෙතැන..... ඔක්කොමල්ල අරෙහෙ යනව....ඈත බැලූ මා කීවෙමි......කැමරාව කරේ එල්ලා ගත් සුරන්ජිත් මගේ අතින් අල්ලාගෙන අම්මලා අසලට සෙමින් දුවන්ට විය
කොහෙද දරුවනේ ගියේ....අම්මා ඇසුවාය.....එයාල ඉතින් තනින් තැන නතරවෙවී පොටෝ ගන්නවනෙ අම්මෙ....අක්කා උත්තර දුන්නාය......ඔව් ඔව් මෙයාල ලස්සන ලස්සන පොටෝ ගන්නව අපිත් දැක්ක.....අම්මා සිනාසෙමින් කීවාය.....අම්ම දැක්ක කියල චතුරිකා නංගිට ලැජ්ජ හිතිලනෙ.....මගෙන් අහනව අම්මට මුහුන දෙන්නෙ කොහොමද කියල.....මම කිව්ව ඔයාගෙ මුහුන අම්මට දෙන්න එපා.....අම්ම ගාවට ගිහින් මුහුන පෙන්වන්න කියල.....ඇය සිනාසෙමින් කීවාය.....මම හිතන්නෙ ඒක නෙවෙයි ලොකු දුවේ.....උපාසකය වගේ හිටිය අපේ පොඩි පුතාට මොකද වුනේ කියල.....ඒකට ඉතින් අපේ චතුරිකා නංගිට තෑන්ක් කරන්න ඕනැ....අක්කා කියනු ඇසුනි......
නැවත අපි මල්වත්තෙන් එලියට එනවිට සවස එක පමනවිය......දිවා ආහාරය සදහා අපි නැවත නැවතුනු ස්තානයට ගියෙමු.....අපි යනවිට ආහර පිලියෙල කර තිබුනු නිසා සියලු දෙනාම එකතුව කෑම ගත්තෙමු.....අම්මා සුපුරුදු පරිදි මට කෑම කටවල් කිහිපයක් කැවුවාය. කෑමෙන් පසු අපිට සුපුරුදු පරිදි යෝගට් පුඩිම් සහ අයිස්ක්‍රීම් තිබුනි.....මා අයිස් ක්‍රීම් කප් එකක් දාගත්තෙමි.....මා දෙස බලා සිටි සුරන්ජිත්ද අයිස්ක්‍රීම් ගත් බව දුටුවෙමි.....ඔහු මා අසලට පැමින ඒවා රසබලන්ට විය......ඔයාගෙ කප් එකේ මොකෙක්ද ඉන්නව.....ඔහු මගේ අතින් කප් එක ඇද්දින්ටවිය....කලබලයට පත්වූ මා එය ඔහුට දුන්නෙමි......මේක පොඩ්ඩක් අල්ල ගන්නකො පැවසූ ඔහු ඔහුගේ කප් එක මගේ අතටදී මා ගේ කප් එකෙන් කන්ට විය..... දැන් ඔයා ඕක කන්න මා අත තිබුනු කප් එක දෙස බලා කීවේය......හරි කපටිය......ඔහු දෙසට හිස ගස්ස පැවසූ මා.....කන්දෝ නොකන්දෝ සිතුවෙමි.....මොකද බලා ඉන්නෙ කන්න....මම කාපුව කන්න හිරිකිතද ....ඇසුවේය....මා ලැජ්ජවෙන් මෙන් එහි රසබලන්ට වුනෙමි......මා බෙදාගත් එකට වඩා මෙහි අමුතු රසයක් ඇතිබව දැනෙන්ට විය.....එය ආදරය මුසුවූ රසයක් බව තේරුනි...මා වටපිට නොබලා ලැජ්ජාවෙන් මෙන් කනවිට......අයිස් ක්‍රීම් පිරුනු හැන්දක් මගේ මුවට ලන්වූ බව දුටුවෙමි......සුරන්ජිත් ඔහුගේ හැන්දෙන් මට කැවීමට සූදානම් වන බව තේරුනි.....කවුරු හරි දකියි මා රහසෙන් කීවෙමි.....ඒක තමා ඉක්මනට කන්න.....මා එය මුවතුලට දාගත්තෙමි....ඔයාගෙනුත්.....ඔහු රහසෙන් කීවේය..වටපිට බැලූ..මා හැන්දක් පුරවා ඔහු දෙසට දික් කලෙමි....ඔහු ඒවා රසකරමින් කන ආකාර්ය දුටුවෙමි

No comments:
Post a Comment