
Wednesday, May 16, 2018
ආත් අම්මාගේ පාඩම 70...............මට පුලුවන්නම් එහෙම කරනව තමයි.....කොහේද ඉතින් ලොකු පුතාට වයසත් වැඩියි අනිත් එක එයා බඳින්න එක්කෙනෙකුත් ඉන්නව.....පොඩි පුතා තමයි ඉතින් ඉන්නෙ..... අනේ මන්දන්නෙ නෑ.....එයා කසාදබදියිද කියල...අම්මා කනගාටුවෙන් මෙන් කීවාය......එහෙම කියන්න එපා අම්මෙ.....ඔය උපාසක බලල්ලු තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ......අක්කා සිනාසෙමින් කීවිට......අපේ පොඩිපුතා.....මීයො දෙන්නෙක් නෙවෙයි එක මී පැටික්කියෙක් අල්ලගත්තොත් මට ඒ හොදටෝම ඇති......ඇය කීවාය.....අම්මේ එයාට දැනටම මී පැටික්කියෙක් අහුවෙලා වගේ තියෙන්නෙ.....අක්කා කීවාය......දුවට හොදටම විශ්වාසද......අම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය.......තාම හරියටම විශ්වාස නෑ අම්මෙ ....හක්කෙ තියාගෙන ඉන්නෙ තාම එලියට දැම්මෙ නෑ.....අක්කා සිනාසෙමින් කීවාය .....අනේ මට තේරෙන්නෙ නෑ මේ ලමය මොනව කියනවද කියල......කී ඇය තවදුරටත් කකුල අතගාමින් සිටි මා අමතා......දැන් ඇති දුවේ..... දැන් ඔයාගෙ අතත් රිදෙනව ඇති.....කීවාය.......අනේ නෑ ඇන්ටි සනීපනම් මම තව ටිකක් අතගාන්නම්.....ඕනැ නෑ දුවේ මට දැන් හොදයි......අම්මා පැවසූ නිසා මා එය නතර කලෙමි......අත හෝදගන්න....ඇය කී නිසා මා අතේ බෙහෙත් සුවද ඉඹිමින් කාමරයෙන් පිටවීමට සූදානම් වනවිට......මේ බාත්රූම් එකට යන්න දුවේ මේකෙ කවුරුවත් නෑ.....ඇය පැවසුවාය.....මා එය තුලට ගොස් අත සෝදාගෙන එලියට පැමිනිවිට..... මාව අම්මා ලගට කතාකලාය......ඇයි ඇන්ටි මා ඇය ලගට ගොස් ඇසුවෙමි.....මට මීටපස්සෙ ඇන්ටි කියන්න එපා දුවේ මට අම්ම කියල කතාකරන්න.... මාව පුදුමයට පත්කරමින් පැවසූ ඇය මාව තුරුලු කර ගනිමින් මුහුන සිපගන්ටවූවාය.......ඇත්තද දුවේ මේ අක්ක කියන කතාව......අනතුරුව මගෙන් ඇසුවාය......මොකක්ද ඇන්ටි....මා ඇසූවිට....මම දැන් කිව්වනෙ මට ඇන්ටි කියන්න එපා කියල......සොරි....කී මා....මොකක්ද අම්මෙ ....නැවත වරක් ඇසුවෙමි......මාගේ අම්මා නැතිවීමෙන් පසු අම්මා යන වචනය වෙනත් කාන්තාවකට පාවිච්චිකල පලමු දිනය අද විය.....මා ඇගේ මුහුන දෙස ආදරයෙන් බලා ඇගේ පිලිතුර බලාපොරොත්තුවෙන් සිටියෙමි......දුව ඇත්තද අපේ සුරන්ජිත් පුතා එක්ක එලියට වෙලා ගොඩවෙලාවක් කතා කර කර හිටිය කියන්නෙ......මේ මොකක්ද ඒසැරේ අහන්නෙ.....ඒක නරක වැඩක්ද දන්නෙ නෑ.....මම වගේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක තනියම කතාකර කර ඉන්න එක හොද නැති වැඩක් තමයි.....අම්ම බනිනවනම් බැනපුවාවෙ මගේ අතේනෙ වැරැද්ද.....කොල්ලෙක් කතා කලාම මාත් ගැහැණු ලමයෙක් විදියට දැනගන්න ඕනැ එතැනින් මග ඇරල එන්න......මාත් ඉතින් සුරන්ජිත් අයියත් එක්ක කතාකරන්න තිබුනු ආශාවට මොකුත් කලේ නෑනෙ......මට හිතෙන්නෙ අක්ක තමයි මේක කියන්න ඇත්තෙ......මීට ටිකවෙලාවකට ඉස්සෙල්ල මටත් තේරුනා මම සුරන්ජිත් අයිය එක්ක වැඩිපුර කතාකරනවට අක්ක කැමති නෑකියල.....අක්ක මෙච්චර වෙලා මාව පාවිච්චි කරල තියෙන්නෙ සුරන්ජිත්ගෙ ලැජ්ජ බය නැතිකරන්න.......මා එසේ කල්පනා කරමින් .....බියපත්ව බිම බලාගත්තෙමි.....ඒහැටි දෙයක් කතාකලේ නෑ ඇන්ටි.....මා කීවිට....ඔන්න ඉතින් ආයෙත් ඇන්ටි කියනව ....මගේ මුවට සෙමින් පහරක් එල්ල කර .....අම්මා කියන්න යනුවෙන් කීවාය......ඒ හැටි දෙයක් කතාකලේ නෑ අම්මෙ...මා කීවෙමි......එහෙනම් අපේ දුව කියන්නෙ ඔයාල ගොඩක් වෙලා කතාකර කර හිටිය කියල.......ඇය කීවාය.....අනේ අම්මෙ මගෙන් වැරැද්දක් උනානම් සමා වෙන්න....මම වගේ ලමිස්සියෙක් ඒවගේ ඉලන්දාරියෙක් එක්ක තනියම කතාකරන එක වැරැද්දක් තමයි......මම මීට පස්සෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ......මා බැගෑපත්ව කීවෙමි......

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment