කියවමින් සිටි පුවත්පත ඉවත තැබු අක්කා අපිදෙසට පැමිනෙනු දුටුවෙමි......ආ... මේ... මොකද අපේ අම්ම අලිබබෙක් උකුලෙ තියාගෙන නලවන්නෙ.....ඔයාට අලි බබෙක් උනාට මට මෙයා පොඩි බබෙක්......ඇය මගේ මුහුන නැවත වරක් සිප ගනිමින් කීවාය.....මාවත් ඕවගෙ උකුලෙ තියාගන්නකො...අම්මේ....මාත් ආසයිනේ.....ඔයත් දැන් පොඩි බබෙක් වෙන්නද හදන්නෙ.....එන්න ඔයාගෙත් ආශාවනේ...කී ඇය...ඒක නෙවෙයි දුවේ......ඔයා දන්නවද මේ නංගිට තිබිල තියෙන ප්‍රශ්නෙ ගැන.....මාත් මේක දැනගත්තෙ මිසිස් බන්ඩාර කිව්වම.....ඇය එසේ පවසන අතර තුර මා ඇගේ උකුල මතින් නැගිට ඇය අසලින් වාඩිවුනෙමි.....මොකක්ද අම්මෙ....අක්කා ඇසුවාය......ඔයාගෙ මල්ලි මෙයා එක්ක කතාකරකර ඉන්නව දැක්ක කියල දුව මාත් එක්ක කිව්වනෙ.....මම මෙයාගෙන් ඒක ගැන ඇහුව.....ඒකට මෙයා හොදටම බයවෙලා......ඒ මොකද නංගියේ අක්කා පුදුමයෙන් මෙන් මගෙන් ඇසුවාය.....මෙයා හිතල තියෙන්නෙ තනිපංගලමෙ එයත් එක්ක කතාකලාට අපි බනියි කියල.....බනිනව නෙවෙයි අනේ...අපිට පුදුම හිතුනෙ කෙල්ලන්ට කැමති නැති අපේ මල්ලි......මෙයත් එක්ක මේතරම් ලඟින් ඉන්නෙ ඇයි කියල.....පැවසූ අක්කා....මා අසලට පැමින...බනින්න නෙවෙයි නංගිට අපි ස්තූති කරන්න ඕනැ මල්ලිගෙ හිත වෙනස් කලාට......ඇය මගේ අත් දෙක තදින් අල්ලාගෙන කීවාය.
මගේ ගැටලුව මෙතැනින් අවසන් වීම ගැන සතුටක් ඇතිවිය. මේ අතර පයිඩ් රයිස් පිලියෙල කරන ආකාරය දැනගැනීම සඳහා කුස්සිය දෙසට ගියෙමි.......මා යනවිට උයන අම්මා ඒ සදහා එලවලු කපමින් සිටියාය.....එන්න පුංචි බේබි.....පැවසූ ඇය මට වඩිවීම සදහා පුටුවක් තිබ්බාය.....ඕනෙ නෑ කී මා ඇය එලවලු කපන ආකාරය බලා සිටියෙමි. මේටික ටිකක් හීනියට කපාගන්න ඕනැ බේබි....දැනට එලවලු ටික කපල තියාගෙන බත් එක හදන්නෙ කෑමට කිට්ටු කරල.....නැත්නම් සීතල වෙනවනෙ බේබි....මම මස්ටිකත් කපල තෙල් දාල බැදගත්ත.....බේබි දන්නව ඇතිනෙ ඒව හදන හැටි....ඇසුවාය......ඒවනම් දන්නව මට ඕනැ එලවලු බත් ටික හදන හැටි දැනගන්න......ඒක ඒ හැටි දෙයක් නෑ බේබි....හත හතා මාර වෙනකොට එන්නකෝ....මම ඒක පෙන්වන්නම්....ඇය කීවාය....
මා කුස්සියේ සිට එලියට ගියවිට....ඇදිරි වැටෙමින් තිබුනි......මිදුලේ තිබුනු ලී බන්කුව මත වාඩිවූ මා ඇදිරි වටෙමින් තිබුනු නිසා නොපෙනීයන ඈත කදුකරය දෙස බලා සිටියෙමි. තැනින් තැන විදුලි බල්බ පත්තු වනු දුටුවේ රාත්රියට අහසේ තරු පායන්නාක් මෙනි.............මොකද තනියම භාවනා කරනවද...ඇසූ...සුරන්ජිත් මා අසල තිබුනු බංකුවෙන් වාඩිවිය...මම දවල් බයේ හිටියෙ සුරන්ජිත් එක්ක මේ විදියට තනිපංගලමෙ කතාකරන එක හොද නෑ කියල.....ඒත් අම්ම කිව්වනෙ ඒකට කමක් නෑ කියල....ඒ හින්ද ගැටලුවක් නෑ ඔහු දෙස බලා කල්පනා කලමි....දැනුයි නංගි නාගත්තෙ......නාගෙන එලිය බලනකොට සුරංගනාවියෙක් බංකුවක් උඩ වාඩිවෙලා ඉන්නව දැකලයි මෙහාට ආවෙ......කෝ ඒ සුරංගනාවි.... අයියව දැකල පැනල යන්න ඇති නේද ඇසුවෙමි......එයා එහෙම පැනල යන එක්කෙනෙක් නෙවෙයි.....ඔහු එසේ පවසන විට ඔහුගේ ආදරනීය බැල්ම මාදෙසට යොමුවී ඇති බව දුටු මගේ සිත කීරි ගැහෙන්ට විය......ඒ බව නොහැගවූ මා......තැනින් තැන ලයිට් පත්තු වෙන කොට රෑවීගෙන එනකොට අහසෙ තරු එක එක පායනව වගේ නේද.....මා ඈත බලමින් කීවෙමි.....පූර්න චන්ද්‍රයා පායපු දාට තරු දිහා නෙවෙයි බලන්න හිතෙන්නෙ ඒ හද දිහා...මා ඈත බලා සිටියත් ..ඔහු මාදෙසම බලාගෙන පවසනු දුටුවෙමි....සුරන්ජිත්ට දැන් මාව පේනව ඇත්තෙ මේ තරු වගේ දැල්වෙමින් තියෙන විදුලි බුබුලු අතරෙ පායපු පසලොස්වක සඳ වගේ වෙන්න ඇති......ඒක තමයි එයා ඒ උදාහරනෙ ගන්න ඇත්තෙ.

No comments:
Post a Comment