චතුරිකා අපිව ගනන්ගත්තෙ නැතිවුනාට. නිමන්තිගෙ තාත්ත අපිව හොදට අදුනනවනෙ......සුරන්ජිත් මට සෙමින් පැවසුවේය......ඔයාව ගනන්ගන්නෙ නැතුව නෙවෙයි අනේ .....ඔයත් එක්ක කතාකරල අපේ සම්භන්දය වැඩිවුනොත් මොනවගේ දෙයක් වෙයිද කියල මට බයයි. මොකද මම උපත්තියෙන් ගැහැනු ලමයෙක් නෙවෙයි. අර කට්ටඩි අන්කල්ගෙ මන්ත්‍ර බලයෙන් තමයි මාව ගැහැනු ලමයෙක් බවට පත්වුනේ. කොයි වෙලාවෙ හරි මාව ආපහු කොල්ලෙක් බවට පත්වුනොත් අපිට මොකද වෙන්නෙ.....මට මෙලෙස පැහැදිලි කිරීමට නොහැකිව අසරන තත්වයට පත්වී කල්පනාකලෙමි....
සුරන්ජිත් ඔයාට ලවු කියල මට තේරෙනව.....අපි වාහනයට යන අතරතුර නිමන්ති කීවාය..ඒක මම දන්නෙ නෑ.......මටනම් පේන්නෙ අජිත් ඔයාට ලවු කියල...මම කීවෙමි....අපෝ එහෙම වෙන්න බෑ එයා ඒබවක් හැගෙවුවෙ නෑ........නිමන්ති කීවාය.......ඇහුවොත් ඔයා කැමති වෙනවද.....මා සිනාසෙමින් ඇසුවෙමි.....එයට උත්තරයක් නොදුන් ඇය ලැජ්ජාසගත ලෙස සිනාසුනාය....ඉසෙල්ල කියන්නකො ඔයා සුරන්ජිත්ට කැමතිද කියල......ඇය ඇසුවාය.......අපෝ මට බෑ.....මා එසේ කීවේ ඔහුට තිබුනු අකමැත්තෙන් නොව හිතේ තිබුනු බිය නිසාය........ඒ මොකද හොද කොල්ලෙක්නෙ .....කොල්ලත් හැන්ඩ්සම් උගත් කමත් තියෙනව. උසස් පවුලක්.....ඉතින් මොකද බෑ කියමින්නෙ .....ඇය ඇසුවාය......ඕව ගැන දැන්ම හිතල අපේ මොලේ අවුල් කරගන්න ඕනැ නෑ අපිට ඕවට කල් තියෙනව......අපි දැන් හිතන්න ඕනැ ඉගෙනීම ගැන......මා පැවසුවෙමි..........අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැති මෝඩි......නිමන්ති මගේ කන සෙමින් මිරිකා කී ඇය...... මේවගෙ කොල්ලෙක් ඔයාට ආයෙත් හම්බවෙයිද කවුද දන්නෙ......කීවාය.........එක අතකින් ඇය කියන දේතුල සත්‍යයක් තිබුනි. ගැහැණු ලමයෙකුට මෙවැනි ගුනවත් උගත් වැදගත් කොල්ලෙක් ලැබීම වාසනාවකි . එහෙත් නැවත කොල්ලෙක් බවට පත්වීමට සිටින මට ඒ වාසනාව කොයින්ද......මා කල්පනාකලෙමි.
නැවත වාහනයට ගොඩවූ අපි ඔව්න් සමග ගමන ආරම්භකලෙමු.......ටික දුරකින් වාහනය නැවැත්වූ ඔව්න් අපිට දිගටම යෑමට සඤඤා කලේය. අපි දිගටම ගිය පසු ඔව්න්ගේ වාහනය අපිට ඉස්සර කරන ගමන් සුරන්ජිත් අපිට කෑගසනු ඇසුනි.....වාහනය එලවන්නෙ අජිත් නේද......නිමන්ති කීවාය......ඒක තමා කගවේන වගේ යන්නෙ.....නිමන්තිගේ අම්මා කීවාය......කොල්ලොනෙ....නිමන්තිගේ තාත්තා සිනහසෙමින් කීවේය......කොල්ලො කියල මොකක් හරි වුනොත් ....නිමන්ති තරහෙන් මෙන් කීවාය.....ඔයාට මොකද තියෙන අමාරුව......මා ඇගේ කනට කර ඇසුවෙමි.....ඇයි අනේ අජිත්නෙ එලවන්නෙ ...මට බයයි......ඇගේ සිතේ තිබුනු දේ නිකම්ම හෙලිකලාය.....මා සිනාසෙමින් අහක බලාගත්තෙමි.

No comments:
Post a Comment