නැවත ගැහැණු ඇඳුම් ඇදගත් මා කුස්සිය දෙසට ගියෙමි....පරිස්සම් ඇති තැනකින් තියාගත්තද .....ආත් අම්මා ඇසුවාය....ඔව් ආත් අම්මෙ....මම දැම්ම ගැහැනු කම ස්ථීර කරගන්නෙ නෑ....ආත් අම්මගෙ නැති වුන පුතා තාම ඉන්නව....මා සිනහසෙමින් කීවෙමි. මට දැන් ගැහැනු බව ගැන කිසිදු ගැටලුවක් නැත. නැවත නිමල් වේ යයි බියක් වියයුතු නැත උපැන්න සහතිකයෙන්ද මා ගැහැනියක බව ඔප්පුවී ඇත.දැන් මට තිබෙන්නේ නියම ගැහැනු ලමයෙකු ලෙස සමාජයේ ජීවත් වීමටය.
සතියක් පමන ගතවන විට මාව කොළඹ ජනප්‍රිය කාන්තා පාසැලකට ඇතුලත් කර ගැනීමට කැමැත්ත පලකල ලිපියක් ලැබුනි. ඉතා සතුටින් නිමන්තිගේ නිවසට ගිය විට ඇයටද එම පාසැලම ලැබී තිබුනු බව දැනගන්ට ලැබුනි. චතූ..... ඒකට ඇතුලත් වෙන්න යන්න තියෙන්නෙ ලබන සදුද....ඔයාට සුදු ගවුමක් මහගන්න කාලයක් නෑ නේද. මම දෙන්නම් ඔයාට ගවුමක්.....එක දවසෙ හින්ද දෙන්නටම යන්න පුලුවන්....කී ඇය මටද එම පාසැල ලැබී ඇති බව ඇගේ අම්මාටද දැන්වූවාය.....එහෙනම් දූටත් සදුදට අපිත් එක්කම යන්න පුලුවන්. නිමන්තිගෙ තාතගෙ වාහනයේ යමු....ඔයා ආත් අම්මත් එක්ක එන්න....ඇය කීවාය.
මට සුදු පැහැති පාසැල් නිල ඇදුමක් නොමති නිසා නිමන්තිගේ ගවුමක් ඉල්ලාගෙන ඇදගත්තෙමි. කොන්ඩය කැරලි දෙකකට ගොතාගත් මා ආත් අම්මා සමග....නිමන්තිලාගේ වාහනයෙන් එම පාසැලට ගියෙමි....එහිදී අපිට නිල ලාංජන සහ ටයි පටි මිලදී ගැනීමට සිදුවූ අතර.....පන්ති පටන් ගැනීම ලබන වාරයේ බව දැන ගැනීමට ලැබුනි...ආත් අම්මා මට සුදු පාසැල් ඇදුම් කිහිපයක් මසා දුන්නාය .
අපිව එම පාසැලට තේරීම ගැන අම්මා සහ අක්කා බෙහෙවින් සතුටුවිය. ....අපි ගෙදර කතාවුනේ දුවට හොද ඉස්කෝලයක් නොලබුනොත් ජාතියන්තර පාසැලකට යවන්න.....අම්මා කීවාය....අපෝ එහෙම උනානම් ගොඩක් සල්ලි යනවනෙ....මා කීවෙමි....සල්ලි නෙවෙයිනෙ දුව..... අපිට දුවනෙ වටින්නෙ....අම්මා මගේ හිස අතගාමින් කීවාය.....මට එහේ සිට පාසැල් යෑමට යෝජනා කලත් ආත් අම්මා අකමැති නිසා නොහැකිවිය. අපිට පාසල් වාහනයක් කතා කල නිසා පාසැල් යෑමට පහසුවිය. පාසැල පටන්ගත් පසු මටත් නිමන්තිටත් ලැබුනේ එකම පන්තියමය. අපි දෙදෙනා එක ලගින්ම වාඩිවුනෙමු....පිරිමි ලමයෙකුව සිටි මා ගැහැනු ලමයෙකු බවට පත්වී කාන්තා පාසැලකට යෑමට ලැබීම මගේම වාසනාවක් දැයි මට සිතුනි....බැලූ බැලූ සැම තැනම සුදු ගවුන් ඇදගත් ගැහැනු ලමුන් කොක්කු රැන් වෙල් එලියේ සිටින්නාසේ මනස්කාන්ත දසුනක් විය.....ඔවුන්ගේ සිනහ හඩ කිචිබිචි ගාමින් කතාකරහ්න හඬ දෙසවනට මිහිරක් ගෙනදුනි.කොල්ලෙක් ලෙස සිටි කල මෙන් නොව මාව කෙල්ලෙක් බවට පත්වී ගැනු ලමුන් රාශියක් අතර සිටිනවිට අමුතුම මිහිරක් සිත තුලට ඇතිවිය. මේ පාසැලේ පිරිමි ලමුන් නොමැත. ඇසුරු කිරීමට ලැබෙන සියලු දෙනාම ගැහැනු ලමුන්ය... ...එය කෙතරම් සුන්දර අත්දකීමක් ද....මා සතුටින් කල්පනාකරන්ට වුනෙමි.
දින දෙකකට පමන පසු විවේක කාලයේදී අපේ පන්ති බාර ගුරුතුමිය . මට ලගට කතා කලාය....ඇය සිටියේ වෙනත් ගුරුවරියක් සමගය.....ඔයා ඉන්නෙ කොහේද දුවේ...... මගෙන් ඇසුවාය. ඉරිබේරිය වත්ත....මා කීවෙමි.....මෙහෙ ඉදල ගොඩක් දුරයි නේද ඇසූ ඇය.....නිර්මලා මිස් මම කිව්වෙ මේ දුව ගැන තමයි....ඇය අනිත් ගුරුතුමියට කීවාය.....අපේ ඉස්කොලෙ ලස්සනම ලමය එකොලහ වසරෙ දේවිකානෙ.....මෙයත් ඒවගෙම ලස්සනයි වගේ.....අනිත් ගුරු තුමිය කීවාය....නෑ අනේ මටනම් පේන්නෙ මෙයා ඊටවඩා ලස්සනයි කියල....මෙයාට අමුතු අහිංසක බවකුත් තියෙනව.....ඔව්න් දෙදෙනා මගේ රුව වර්නා කරන්ට විය......දුව කැමතිද ටෙලි නාටියක හරි චිත්‍ර පටියක හරි රඟපාන්න.....පන්ති බාර ගුරු තුමිය මගෙන් ඇසුවාය...මා ලැජ්ජාවෙන් ඇඹරුනෙමි.....ඔයාගෙ ෆිගර් එක ලස්සන නිලියක් වගේ.... ඒකයි ඇහුවෙ.....දුව දන්නෙ නැති වුනාට මේ මිස් ගෙ මහත්තය අධ්‍යයක්ෂක කෙනෙක් ඒකයි අහන්නෙ.......නිර්මලා මිස් කීවාය....දුව කැමතිනම් කියන්න.....පන්ති බාර ගුරු තුමිය කීවාය.
මොකටද අනේ අපේ මිස් කතාකලේ....... නිමන්ති ඇසුවාය....මාව ලස්සනයිලු ටෙලි නාට්ටියක රගපාන්න කැමතිද අහනව....මා කීවෙමි....ඔයා හා කිව්වෙ නැද්ද....අනේ නෑ මට බයයි.....අපරාදෙනෙ මම නම් පැනල හා කියන්නෙ.....ඇය කීවාය....මේ ඒක නෙවෙයි එකොලහ වසරෙ දේවිකා කියන්නෙ කවුද දන්නෙ නෑ....මා ඇසුවෙමි.....ඇයි....ඇය ඇසුවාය......ඒ කෙල්ලත් හරිම ලස්සනලු.....මා කීවෙමි....

No comments:
Post a Comment