මා යන විටත් ඇය ආපසු පැමින සිටියේ නැත....මා ඇගේ අම්මාට මගේ ප්රතිඵල පැවසූ විට ඇය සතුටුව මාව සිපගත්තාය.....මේක ඔයාගෙ අම්මයි අක්කයි දෙනගත්තොත් එයාල ගොඩක් සතුටුවෙයි.....පැවසූ ඇය....මම පනිවිඩේ අරින්නම් කීවාය......අපේ දුව කොහොමද දන්නෙ නෑ.....ඇය කුතුහලයෙන් යුතුව ඇසුවාය.....එයත් පාස් ඇති ඇන්ටි මා කීවෙමි.....අපි ඇය පැමිනෙන තුරු මග බලා සිටියෙමු .....ටික වෙලාවක් ගතවන විට ඇය පැමිනෙනු දුටුවෙමු.....එන විදියටනම් සතුටින් වගේ.....ඇය ඈත එනු දුටු ඇගේ මව කීවාය.....කොහොමද ....නිමන්තී...... මා ඇසුවෙමි....ඒ අටයි බී එකයි.....ඇය සිනාසෙමින්කීවාය.....මගෙත් ඒකමනෙ......මා සතුටින් යුතුව කීවෙමි.....බී.... මොකටද.....මා ඇසුවෙමි.....ගනන්....කී ඇය ඔයාගෙ ....බී....මගෙන් ඇසුවාය....ඉංග්රීසි.....මා කීවෙමි.....අනේ චතූ ඔයා ඒ ලෙවල් කරන්න අපේ ඉස්කෝලෙට එන්න.....පැවසූ ඇය මාසමග නිවස තුලට ගිය අතර ඇගේ අම්මා ඇයව තුරුලු කරගෙන සිපගත්තාය.....තාත්ත ගොඩක් සතුටු වෙයි යාලුවො දෙන්නම පාස් කියල දැනගත්තම.....කී ඇය ඔයාල ඉන්න මම දෙන්නටම කෑම ලෑස්ති කරන්නම්.....කී ඇය කුස්සිය දෙසට ගියාය......එපා ඇන්ටි ආත් අම්ම කෑම හදනව.....මා ඇය පිටුපසින් ගොස් කීවෙමි.....චුට්ටක් කාල යන්න දුවේ.....ඇය මට කාල යන ලෙස බල කලාය.....චතූ ආයෙ අපේ පන්ති පටන් ගන්නෙ ජනවාරියෙලු එතකල් අපිට ජොලියෙ ඉන්න පුලුවන් නිමන්තී මගේ දෑත් අල්ලාගෙන සොලවමින් කීවාය.....තව මාස දෙකක් විතර තියෙනවනේ....මා කීවෙමි....එතකන් අපිට මියුසික් ඉගෙන ගන්න පුලුවන් මා කීවිට....මම මියුසික් වලට ආස නෑ අනේ.....නිමන්තී.....මුහුන පුලුටු කරගෙන කීවාය.....මම නම් ආසයි.... මට සුරන්ජිත්ගෙ අම්මගෙන් අහගන්න පුලුවන්....එහෙදි ටිකක් ඉගෙන ගත්ත..... මා පැවසුවෙමි.....මට බෑ අනේ මම ආසයි කොම්පියුටර් ඉගෙන ගන්න තාත්තට කියල පන්තියකට යනව .....ඇය කීවාය.
මේ අතර නිමන්තිගේ අම්මා අපිට කෑමට කතාකලාය. ......දූලට මේ විදියට නෙවෙයි කෑමක් දෙන්න ඕනැ දෙන්නටම හොද පාටියක් දාන්න ඕනැ....මා කෑම බෙදාගන්නා විට නිමන්තිගේ අම්මා කීවාය.
මා නිවසට ගියවිට ආත් අම්මාද කෑම පිලියෙල කර තිබුනි....නිමන්තිගේ ගෙදරින් කැම ගත් බව පවසා කෑම නොකා හිටියොත් ආත් අම්මාගේ සිත නරක් වේවි යයි සිතූ මා කැම ටිකක් ගත්තෙමි......දැන් තව පොඩ්ඩකින් ආත් අම්මට කියල මට තියෙන ගැටලුව නිරාකරනය කරගන්න ඕනැ සිතූ මා....ආත් අම්මා කුස්සියේ වැඩ අහවර කර එනතෙක් සාලයට වී නොඉවසිල්ලෙන් බලා සිටියෙමි.....

No comments:
Post a Comment