තේ පානය අවසන් කල අපි බසයට ගොඩවුනෙමු......අජිත් සහ සුරන්ජිත් දෙදෙනාම අපිට පිටුපස ආසනයේ වාඩිවී සිටි ආකාරය දක්නට ලැබුනි......අක්ක මෙතැනින් වාඩිවෙන්න......සුරන්ජිත් තරුනියට ආසනයක් පෙන්වා පවසනු ඇසුනි......මේ සුරන්ජිත්ගෙ අක්ක වගේ......එදා කතරගමදි වගේ සුරන්ජිත්ට වැඩිය නිදහසක් ලැබෙන එකක් නෑ.....ඒකත් එක අතකට හොදයි ....නැත්නම් මෙයාගෙ කරදරේ හින්ද මට බේරුමක් නැතිවෙනව........මා කල්පනා කලෙමි......
ටික දුරක් යනවිට......ඔක්කොමල්ල නිදි කිරනවනෙ .....කිසි ජොලියක් නෑනෙ.....හයියෙන් පැවසූ.....සුරන්ජිත්ගෙ අක්කා .......මොනවද නංගි සිංදුවක් වත් කියමුකෝ...අපිදෙස බලා පැවසා.. සිංදුවකට මුල පිරුවාය......අජිත් සහ සුරන්ජිත් දෙදෙනාද.....ඇය සමග සින්දු කියන්ට වූවාය.....ටික වේලාවකින් නිමන්තිද ඔව්න්ට එකතුවූවාය......අපේ ගමනට ලස්සන නංගියෙකුත් ඉන්නවනෙ.....මොනවද නංගි රූපෙ හැටියට ලස්සන කටහඬ කුත් ඇතිනෙ කියන්නකො සිංදුවක්.......ඇය මගේ අතින් අල්ලා අදිමින් කීවාය.....මට ගී ගැයීමට ලැජ්ජාවක් ඇතිවූවද අත්පුඩියකින් ඔවුනට සහයෝගය දැක්වූවෙමි.....
මා නිමල් ලෙස සිටි සමයේ කොල්ලෝ සමග මෙවැනි සාජ්ජ කෙතෙක් දා ඇද්ද මා ඔව්න් සමග කෙතරම් ගීගයා ඇද්ද ....එහෙත් දැන් මට මොකද මේ වෙලා තියෙන්නෙ......ඇයි මට දැන් මෙයාලත් එක්ක සින්දු කියන්න ලැජ්ජ හිතෙන්නෙ.....මා කල්පනා කලෙමි......අනේ චතුරිකා සින්දුවක් කියන්නකෝ.....අජිත් පවසනු ඇසුනි......ආ මෙයා නමත් දන්නවනෙ.....සුරන්ජිත්ගේ අක්කා ප්‍රශ්නකාරීව කීවාය.....අක්ක දන්නෙ නැති වුනාට අපි මේ නංගිලව අදුනනව....... කී ඔහු මේ චතුරිකා....... මේ ඉන්නෙ නිමන්ති......ඔහු අපි දෙදෙනාව ඇයට හදුනා දුන්නේය......කොහොමද අනේ ඔයා එයාලව අදුනන්නෙ.....ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය. .....මේ ඉන්නෙ බන්ඩාර අන්කල්ගෙ දුව මේ එයාගෙ යාලුවෙක්..... ගේ ලගමලු ඉන්නෙ.....ඔහු එසේ කීවිට .....කෝ ඉතින් අදුන ගත්ත හැටි කිව්වෙ නෑනෙ......ඇය කීවාය......එදා කතරගමදි හම්බවුනානෙ......ඔහු කීවේය......අජිත් එසේ පැවසුවද සුරන්ජිත් කිසිවක් කතා කලේ නැත......
මේ සුරන්ජිත්ට මොකද අනේ වෙලා තියෙන්නෙ......අපි දිහා බලන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ.....තරහ වෙලාද මන්ද.....නිමන්ති ඇසුවාය.......තරහ වෙන එක හොදයි එතකොට මට කරදරයක් නෑ...... මා ගනනකට නොගෙන පැවසුවෙමි.....
අතරමගදී ඈතින් පෙනෙන දිය ඇල්ලක් අසල බසය නතරකල අතර අපි බසයෙන් බැස එය නරඹන්ට වුනෙමු. නිමන්ති අජිත් අසලට යනු දුටු මා තනියම දිය ඇල්ල නරඹමින් සිටිනවිට ලස්සනයි නේද නංගි .......සුරන්ජිත් ගේ අක්කා මා අසලට පැමින පැවසුවාය....ඔව් අක්කෙ.....මා පිලිතුරු දුන් මා.....ලගට යන්න බැරිද දන්නෙ නෑ......ඇසුවෙමි.....පුලුවන් ඇති අපිනම් ගිහින් නෑ.....ඇය කීවාය......අජිත් නිමන්ති අසල සිටිනනිසා මා මෙන් තනිවී සිටි සුරන්ජිත් අපිට තරමක් දුරින් දිය ඇල්ල නරඹමින් සිටින අයුරු දක්නට ලැබුනි......ඔහු අතේ කැමරාවක් තිබුනු අතර ඉන් චායාරූප කිහිපයක් ලබාගන්නා අයුරුද දක්නට ලැබුණි.
ඔයාට දැන් අපිව මතකත් නෑ නේද. නැවත බසයට ගොඩවූ මා නිමන්තිගෙන් ඇසුවෙමි......ඇයි අනේ මේවගේ වෙලාවකනෙ එයාව ආස්සරේ කරන්න පුලුවන්...... පැවසූ ඇය ඇයි ඔයාට ඉරිසියයිද ඇසුවාය......නෑ අනේ ඔයාට හරියනවනම් මාත් කැමතියි.....මම විහිලුවට කිව්වෙ........මා කීවෙමි.
අපේ නවා තැනට යෑම සදහා තරමක කන්දක් උඩට බසය ගැනීමට සිදුවිය......එය තරමක විශාල නිවසක් වූ අතර. එම ස්ථානයේ සිට නැරබූවිට මනස්කාන්ත දර්ශනයක් දිස්විය...නිවස වටා වගාකර තිබුනු නොයෙක් වර්ගයෙ මල් වර්ග නිසා මෙම ස්ථානය තවත් ප්‍රියමනාප බව වැඩිවී ඇති බව පෙනෙන්ට තිබුනි.....එය සුරන්ජිත්ලාට අයිති නිවසක් බව ඔවුන්ගේ කතාබහෙන් තේරුම් ගත්තෙමි ......බසයෙන් බැස්ස විට සීතල සුලන්රැලි මගේ සියුමැලි කාන්තා සිරුර සිසිල් කරමින් හමායන්ට විය......මේ වෙලාවට මෙච්චර සීතල නම් රෑවෙනකොට කොච්චර සීතල ඇද්ද.....සීතලට ඔරොත්තු දීම සදාහා දෑත් පපුවට බැඳගත් මා වෙවුලන සිරුරෙන් යුතුව කල්පනා කලෙමි .

No comments:
Post a Comment