සීයා 46........................................ඉක්මනින්ම පුටුවෙන් අහකට පැන්න මම .....ඉක්මනට අයින්වෙන්න කියමින් කුසල්වද පුටුවෙන් අහකට ඇද්දෙමි.....මගේ කෑගැසීමත් එකවර කුසල්ගේ අතින් ඇදීමත් නිසා කලබලයට පත්වූ ඔහු පුටුවෙන් ඉවත්වන විටම ඔහුගේ පයපැටලීමෙන් මගේ ඇඟ බදාගත් ඔහු මගේ ඇඟ මත ඇදගෙන වැටුනි. ඔහුගේ දැවැන්ත සිරුරට යටවුන මට ඔහුගෙන් බරක් නොදැනුනි..එහෙත් ඔහුගේ මුහුන සහ මගේ මුහුන එකිනෙක ගැටුනි...ඔහු මගේ සිරුර ඔහුට යටවීමට ඉඩ නොදී එක අතක් පොලොවට තබාගෙන සිටිනු දුටුවෙමි. කුසල් ගේ අනිත් අත මට යටවී තිබුනු අතර එය පසකට අදින බව තේරුනි....මා පසකට හැරී එය ඇදගැනීමට ඉඩදුන්නෙමි.......මොකද ලමයිනේ......සීයා අපිදෙස බලා අසනු ඇසුනි.....මගේ සිරුර මතින් ඉවත් වූ කුසල්.....මොකද උනේ....... මගෙන් ඇසුවේය.....මොකුත් නෑ......පැවසූ මමද නැගිට්ටෙමි......මොකුත් තුවාලයක්වත් උනාද?.....කොහේද වැදුන පාරකට මගේ අත රිදුමක් ඇතිවූබැවින් මා එම ස්තානය අතගානවිට කුසල් ඇසුවේය...අතේ මොකක්ද වැදුන හින්ද ටිකක් රිදුන ඒත් ගානක් නෑ මා කීවෙමි....මොකක්ද ලමයිනේ උනේ...පුටුවලින් අහකටවත් විසිවුනාද..සීයා ඇසුවේය......නෑ සීයෙ...සීය ලිවර් එක දාන කොටම ඉන්දිකා මාව පුටුවෙන් අහකට ඇද්දනෙ......කලබලේට නැගිටින කොට මෙයාගෙ ඇග උඩට වැටුන......කුසල් සීයාට සිද්ධිය පැහැදිලිකරන්ට විය......එතකොට ඔයාල මාරුවුනේ නැද්ද......අපි දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලූ සීයා ඇසුවේය......නෑ සීයෙ අපි දෙන්න එහෙමමයි.......අනේ මම දන්නෙ නෑ ඔය ලමයි මොනව කරනවද කියල. ලිවර් එක නැවත පහත්කල සීයා පැවසුවේය.....මට හිතෙන්නෙ ඉන්දිකා දුවට බය හිතෙන්න ඇති ඒකයි නැගිට්ටෙ.....බයවෙන්න එපා මොකුත්වෙන්නෙ නෑ.....ඔයාල දෙන්න මාරුවෙන එක විතරයි වෙන්නෙ......පැවසූ සීයා...හරි දැන් ආයෙත් සැරයක්..බය නැතුව වාඩිවෙලා ඉන්න.....කීවේය.....කුසල් නැවත පුටුවෙන් වාඩිවූවද මා වාඩිනොවී ඔහු දෙස බලා සිටියෙමි.....වාඩිවෙන්න ඉන්දිකා බයවෙන්න එපා......කුසල් කීවේය.....බයට නෙවෙයි කුසල්.....මම කීවෙමි......එහෙනම්.......පුදුමයෙන් මෙන් මා දෙස බැලූ කුසල් ඇසුවේය......ඔයා ආයෙත් ගැහැනුලමයෙක් වෙන්න කැමතිනෑනෙ......මම කීවෙමි.......ඒ වුනාට ඔයා ඔය ජීවිතේට කැමතිනෑනෙ......අනිත් එක මාත් පොරොන්දුවක් උනානෙ ආයෙත් මේ ශරීරෙ ඔයාට දෙනව කියල......කුසල් කනගාටුවෙන් මෙන් කීවේය.....ඔයා එහෙම පොරොන්දුවක් උනා තමයි....ඒත් ඒ පොරොන්දුව ඉස්ටකරන්න ඕනෙ නෑ කුසල්.......මම කීවෙමි.....ඒ මොකද?....කුසල් පුදුමයෙන් ඇසුවේය....කුසල් ඔයා ඔය විදියටම ඉන්න...ඔයාට හරියන්නෙ පිරිමි ජීවිතය විතරයි......මම කීවෙමි.....ඒවුනාට කමක් නෑ ඔයා අකමැත්තෙන් කෙල්ලෙක් වෙලා ඉන්න එපා.....මම හින්දනෙ ඔයාට කෙල්ලෙක් වෙන්න උනේ.....එදා මම ඔයාගෙ ලියුම පස්සෙ පැන්නුවෙ නැත්නම් ඔයාට මේ විපත්තිය වෙන්නෙ නෑනෙ......මේ ඔක්කොම වුනේ මගෙයි අපේ සීයගෙ වරදෙනුයි......අපි දෙන්නම ඔයාට මේ කලදේට වගකියන්න ඕනැ.....ඒ වැරැද්ද නිවැරදි කරගත්තෙ නැත්නම් මගේ හිතට හරිනෑ......අපිට සමා වෙලා අපෙන් සිද්දවුන ඒ වැරැද්ද නිවැරදිකරගන්න ඉඩදෙන්න.....කුසල් මගෙන් නැවත සිරුරු මාරුකරගන්නා ලෙස ඉල්ලා සිටියේය.....ඔයලමයත් බලාගෙන හිටියෙ ආයෙත් ඔය ලමයගෙ අම්ම තාත්ත ලගට යන්න නේද.....ආපහු මාරුව ඇරගත්තම ඔයාට ආපහු සැරයක් ඉස්සර හිටියවගේ කොල්ලෙක් හැටියට ගෙදර යන්න පුලුවන්නෙ දරුවො......සීයා පවසන්ට විය.....කිසිවක් නොපැවසූ මම නිශ්සබ්දව ඔවුන් දෙස බලා සිටියෙමි.....ඉතින් ඔතැන හිටගෙන බලා ඉන්නෙ නැතුව ගිහින් පුටුවෙන් වාඩිවෙන්න......කුසල් දැඩි ස්වරූපයෙන් පැවසුවේය.......මාසෙමින් සෙමින් පුටුව දෙසට පිය නැග්ගෙමි........සීයා ලිවරය අතින් අල්ලාගෙන මා දෙස බලා සිටියේ මා පුටුවේ වාඩිවූ ගමන්ම ලිවරය ඉස්සිමටය......
No comments:
Post a Comment