Friday, April 14, 2017

සැඟවුනු කුමරිය 2....(අවුරුදු කතාවකි)..............මා අවුරුදු කුමාරි තරගවලට නොගොස් මට තෑගි එවන්නේ ඇයිදැයි අප සැමගේම ගැටලුව විය..... ඔයානම් හරි එක්කෙනා තමයි .....මට කිව්ව ඔයා මේ සැරේ අවුරුදු කුමාරි තරගෙට යන්නෙ නෑ කියල. ඒ වුනාට ඔය ගිහින් හිටියෙ අපූරුවට....මෙහෙමත් බොරු කියන්නෙ ඇයි අනේ......මට හමුවූ පියුමි  දොස් කියන්ට විය. මම ඒ පැත්තෙවත් ගියෙ නෑ එදා මම හිටියෙ ගන්දර ඉන්න අපේ පුන්චිලගෙ ගෙදර......මම පැවසුවෙමි......අනේ බොරු කියන්නෙ නැතුව හිටහන් බන් එතකොට අවුරුදු කුමාරිට තේරුනේ උබ නෙවෙයිද. මේ ගමේ ඔක්කොමල උබව අදුනන එකේ මෙච්චර ආස්සරේ කරන උඹව මට අදුනගන්න බැරිද......ඇය මට බනින්ට විය. අනේ නෑ බන් මම මොකටද උඹට බොරු කියන්නෙ මම වගේ වෙන කෙනෙක් වෙන්න ඇති.....මම කීවෙමි. එතකොට උබේ නම තියෙන උඹවගේම කෙනෙක් මේ ගමේ ඉන්නව......මට අපහාස්මකව කීවාය.....ඒක තමා අපිටත් තියෙන ප්‍රශ්නෙ මම යන්නෙ නැතුව මම වගේ කෙනෙක් කොහොමද එතැනට ගියෙ කියල......දැකපු ඔක්කොමල කියන්නෙ මමමලු එතැන හිටියෙ.....මා පැවසුවෙමි. අපේ ගමේ පමනක් නොව අල්ලපු ගම වන මීරියවත්තේ අවුරුදු කුමරියටද මා සහභාගීවූ බව දුටු සැවොම පවසන්ට විය. මෙහි සත්‍යය අසත්‍යය තාවය දන්නේ අම්මත් මාත් පමනි.....මගේ මනෝ කායවත් එතනට ගියා දැයි ලොකු අයියා ප්‍රස්න කරන්ට විය......කොයි එකටත් දුවේ ඔයා මේදවස් ටිකේ කොහේ වත් තනියම යන්නෙ නැතුව පරිස්සමින් හිටපන්.....අම්මා මට අවවාද දුන්නාය.
           දින කිහිපයක් ගතවිය. මා සුපුරුදු පරිදි රූප ලාවන්ය පාඨමාලාව හැදෑරීම සදහා පිටත්ව ගිය අතර අම්මා තාත්තා සමග තාත්තාගේ යහලුවෙකුගේ ගෙදර ගොස් තිබුනි.....අයියලා දෙදෙනා වැඩ ඇරී ගෙදර පැමිනෙන විට තරමක් ඇදිරි වැටෙන බව අපි කවුරුත් දන්නා කරුනකි......මල්ලී සාමාන්‍යය  පෙල විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල බලා පොරොත්තුවෙන් ගෙදර සිටියේය.....එදින අපි කවුරුත් නැති අතර ගෙදර සිටියේ මල්ලී පමනි. මා පන්තියට ගොස් වෙනදාට වඩා ඉක්මනින් ගෙදර පැමිනියෙමි......මා ගේට්ටුවෙන් ඇතුලුවනවාත් සමගම ගැහැනු ලමයෙක් මා දැක කලබලයෙන් ගේ ඇතුලට දිවයන අයුරු දුටුවෙමි. කවුද මේ ගැහැනු ලමය.....කවුරුවත් ගෙදර නැති අතරෙ මල්ලිගෙ ගර්ල් ප්ර්න්ඩ් ටවත් එන්න කිව්වද දන්නෙ නෑ......ඒත් මම දන්න තරමින් මල්ලිට එහෙම කෙනෙකුත් නෑ....ඒත් කවුද දන්නෙ අපිටත් හොරෙන් ඉන්නවද කියල......මා ඉක්මනින් ගේ තුලට ගියේ ඇය කවුදැයි බලාගැනීම සදහාය.....එහෙත් ඇය පෙනෙන්ට හිටියේ නැත.....මල්ලිගේ කාමරය අසලට ගිය මා . ඔහුට කතා කලෙමි. එහෙත් ඔහුගේ කතාවක් නැත. මා දොර ඇරීමට වෑයම් කලෙමි.....එහෙත් එය ඇතුලතින් අගුලු දමා ඇති බැවින් ඇරීමට නොහැකිවිය.....එකත් එකටම මල්ලි ඒ කෙල්ලව කාමරේට දාල හංගන්න  ඇති ඒකයි අහුවෙයි කියල දොර ලොක් කලේ......සිතූ මා ඔහුට නැවත කතා කලෙමි.....පොඩ්ඩක් ඉන්න අක්කෙ මම එන්නම්......මල්ලිගේ කටහඬ ඇතුලෙන් ඇසුනි......ඔහු දොර ඇරියේය කොට කලිසම සහ කමිසය ඇදගෙනය.  ඇද සිටි ඔහුගේ කමිසයේ බොත්තම් වරදියට දමා ගෙන ඇති බව දුටු මට හිනා ගියේය.....ඒ අතර ඔහුගේ මුහුනේද යම් වෙනසක් දුටු මා හොදින් බැලුවෙමි......ඔහු තොල් රතුකරගෙන සිටි බවත් මුහුනට මගේ මේකප් බාවිතා කර ඇති බවත් දුටුවෙමි......මොකද මේ  කෙල්ලෙක් වගේ මුහුන පුරා මේකප් අතුල්ලගෙන......මා ඇසුවෙමි......නෑ අක්කෙ ......ලැජ්ජාවට පත්වූ ඔහු අල්ලෙන් මුහුන පිසදැමීමට පටන් ගත්තේය.......කවුද මල්ලියෙ හිටිය කෙල්ල.....මා ඔහුගේ කාමරය තුලට හිසදමා පරීක්ෂා කරමින් ඇසුවෙමි......කවුරුවත් නෑ අක්කෙ.....මම විතරයි හිටියෙ......ඔහු ගොතගසමින් කීවේය. ඔහුගේ ඇද මත ගවුමක් තිබෙනු දුටු මා දැනට සුලුවේලාවකට පෙර මා දුටු ගැහැනු ලමයා ඇද සිටි ගවුම බව මට තේරුනි.....අර ගවුම කොහෙන්ද....මා ඇසුවෙමි......අක්කගෙ ගවුමක් .....ඔහු බියෙන් කීවේය......එවිට ඔහු කර ඇති දේ මට වැටහුනි. ගැහැනු ලමයෙකු මෙන් ඇද පැලද ගෙන එලියේ සිට ඇත්තේ මල්ලී බවත් මා දුටු විගස කලබලයට පත්වූ ඔහු කාමරයට වැදී ඒවා ඉක්මනින් ගැලවීමට පටන්ගෙන ඇති බවත් මට අවභෝද විය. මා කිසිවක් නොකියා කාමරයට ගොස් ඇදුම් මාරු කරගෙන එලියට ගියෙමි. මල්ලී කිසිවක් සිදු නොවුනා මෙන් රූපවාහිනිය නරබනු දුටු මා ඔහු අසලින් වාඩිවුනෙමි......ඔහු බයෙන් මෙන් හොර ඇහෙන් මා දෙස බලනු දුටු මා.....මල්ලි බයවුනාද මේ ගැන කාටවත් කියයි කියල.....මම ඕව කාටවත් කියන්න යන්නෙ නෑ මල්ලියෙ......මම කීවෙමි.....අනේ අක්කෙ කියන්නනම් එපා.....ඔහු බැගෑපත්විය......මට කියන්නකො ඇයි ඔයා කෙල්ලෙක් වගේ ඇන්දෙ කියල...මම ඇසුවෙමි.....අනේ මන්ද මට එහෙම හිතුන......කොයි කාලෙ ඉදන්ද එහෙම හිතුනෙ.....දැන් ගොඩක් කල් ඉදන්....ඔහු උත්තර දුන්නේය.....අපි දන්නෙත් නෑනෙ.....පැවසූ මම හොරෙන්නෙ අදින්නෙ ඉතින් අපි දන්නෙ කොහොමද සිනාසෙමින් කීවෙමි......ඇයි ඔයා පිරිමි ලමයෙක් වෙලා ඉපදිලා කෙල්ලො අදින ඇදුම් අදින්නෙ.....මම අසුවෙමි......ටික වෙලාවක් නිශ්සබ්දව සිටි ඔහු .......මම ආසයි අක්කෙ.... කීවේය......ආසයි කිව්වෙ.....මම තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා ඇසුවෙමි......මටත් අක්ක වගේ ඉන්න ආශයි.......ඔහු බිම බලාගෙන කීවේය......මම වගේ කෙල්ලෙක් වෙන්න?.....මම ප්‍රස්නාර්තව ඇසුවෙමි....ඔව්....ඔහු සෙමින් කීවේය....ඔහුගේ පිලිතුරෙන් පුදුමයට පත්වූ මම කෙල්ලො වෙන්න කමති කොල්ලොත් ඉන්නවනෙ මම මෙච්චර කල් හිතා හිටියෙ කොල්ලො කෙල්ලො වෙන්න කැමති නෑ කියල ....මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.....අයියෝ මල්ලි ඇයි එහෙම හිතන්නෙ කොල්ලෙක්වෙලා ඉන්න එක කොච්චර හොදද.....කොල්ලෙක් උනාම කිසිම කරදරයක් නෑනෙ....අපිට වගේ නෙවෙයි....ඕනැ තැනක තනියම යන්න එන්නත් නිදහස තියෙනව.....ඔයාලට බබාල හම්බවෙන්නෙත් නෑ අපිට තියෙන කරදර එකක්වත් නෑනෙ මල්ලියෙ......මම ඔහුගේ සිත හැදීමට මහන්සිගත්තෙමි......ඒ වුනාට මම ආසනෑ අක්කෙ කොල්ලෙක් වෙලා ඉන්න......මා කෙසේ කීවත් ඔහුගේ අදහස අයින්කර නොගන්නා බව පෙනුනි.......ඔයා මෙච්චර කල් මගෙ ඇදුම් හොරෙන් අරන්ද ඇන්දෙ..ඇසූ මම ...ඒක තමයි  නවල පිලිවෙලකට තියල තිබුන ඇදුම් සමහර දාට ඇදල අවුල් කරල වගේ තිබුනෙ....මම හිතුවෙ අම්ම මගේ හොර අල්ලන්න මගේ ඇදුම් අස්සෙ බලනව කියල....මා කල්පනා කලෙමි....මගේ මේකප් ටිකත් අරගෙන තියෙන්නෙත් මෙයා තමා....පවු මල්ලිගෙත් ආශාවනෙ මේවට බනින්න හොදනෑ......මා සිතාගත්තෙමි.
            මල්ලිට මම පොඩි වුදවුවක් කරන්නද......හැබැයි කාටවත් අහුවෙන්න බෑ......ටික වෙලාවක් කල්පනා කරමින් සිටි මා ඇසුවෙමි ....නෑ අක්කෙ මම පරිස්සම් වෙන්නම්.....කී ඔහු....මොකක්ද උදවුව.....ඇසුවේය......ඔයා මගේ ඇදුම් හොරෙන් ගන්න ඕනෙ නෑ මම දෙන්නම්... ඇදුම් ටිකක් අම්මට අහුනොවෙන්න තියාගන්න.....මා පැවසුවෙමි.....අනේ අක්කෙ ඔය ඇත්තමද......නැවත පන ආවාක් මෙන් නැගිට්ට ඔහු....මගේ හොද අක්ක....කියමින් මගේ මුහුන සිපගත්තේය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: