Friday, April 14, 2017

සැඟවුනු කුමරිය 3....(අවුරුදු කතාවකි)............කාමරය තුලට ගිය මා වැඩිපුර පාවිච්චි නොකරන ඇදුන් කිහිපයක් තෝරාගත්තෙමි. අනතුරුව මල්ලිට අඩගැසූ මා ඔහුට ඒවා පෙන්නුවෙමි.......කැමති ඇදුම් කිහිපයක් තෝරාගත් ඔහු.......මේව අදිනකොට යට ඇදුනුත් ඕනැනෙ......කීවේය. මම ඇදපුව අදින්න එපා අලුත් ඒව අරන්දෙන්නම්.....මම කීවෙමි......කමක් නෑ අක්කෙ ඔයා මගෙම අක්කනේ.....ඔහු කීවේය.....ඔහුගේ බලකිරිම මත මා ඔහුට බ්රෙසියර කිහිපයක්ද යට ඇදුම් කිහිපයක්ද දුන්නෙමි....ඔහු මේ ඇදුන් සියල්ල ආශාවෙන් එකතු කරන අයුරු බලා සිටි මා.......මම දැක්ක ඔයාට දිග කොන්ඩෙකුත් තියෙනව........මා කීවෙමි......ඒක විග් එකක් අක්කෙ..... යාලුවෙක් අරන්දුන්නෙ......ඔහු පැවසුවේය........දැම්ම කවුරුවත් එන එකක් නෑ ඔයා මේ ටික අරන්ගිහින්  ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන එන්නකො ලස්සනද බලන්න......මා කීවෙමි. ඇදුම් ටික අතට ගත් ඔහු සතුටෙන් ඔහුගේ කාමරය තුලට යන අයුරු දුටුවෙමි......ටික වෙලාවකට පසු ගැහැනු ලමයෙක් මෙන් ඇද ගත් ඔහු මගේ කාමරයට ඇතුල් විය. ඔහු දෙස බැලූ මගේ ඇස් අදහා ගත නොහැකිවිය. මේ දකින්නෙ මගේම පිලිබිබුවද. මාව කන්නාඩියෙන් පේන්නෙත් මේ වගෙනෙ......මා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමි.ඔහු හිසට දමා සිටි විග් එකද මගේ කොන්ඩය මෙන් වීම පුදුම සහගත කරුනක් විය.......මල්ලියේ ඔයා කෙල්ලට ඇන්දම මම වගේමනේ.......ඒකනේ අක්කෙ මම අක්ක වෙනුවට අවුරුදු කුමාරි තරගෙට ගිහින් අක්කට තෑගි ගෙනත් දුන්නෙ.......ඔයාද ඒ හොර වැඩේ කලේ.....අහුවුනානම් එහෙම......මා කීවෙමි. කොහේ අහුවෙන්නද අක්කෙ මම අක්කගෙ අයි ඩී එකත් අරන්නෙ ගියේ.......මල්ලියෙ ඔයානම් පුදුම එක්කෙනෙක්....මම දැන් මල්ලි නෙවෙයි අක්කගෙ නන්ගි.......ඔහුට මල්ලී කීවාට අමනාපයෙන් කීවේය.......හරි හරි ඔයා දැන් මගෙ නන්ගි තමයි.......මා පැවසුවෙමි......ඔයා කොහොමද තනියම අවුරුදු කුමාරි තරගෙට ගියේ......මම ඇසුවෙමි......මගෙ යාලුවෙක් ඉන්නව එයා තමා උදවු කලේ......එයත් දන්නවද ඔයාට කෙල්ලෙක් වෙන්න ආසයි කියල.....එහෙම එකක් නම් දන්නෙ නෑ......මම එයාට අක්කගෙ ගැටලුව කිව්ව ඒ සැරේ තමා එයා මට කිව්වෙ මෙහෙම කරන්න කියල.......එතකොට ඔයා දන්නෙ කොහොමද ඔයා කෙල්ලට ඇන්දම මම වගේ කියල.....මම ඇසුවෙමි......මොකද මම දන්නෙ නැත්තෙ.....මම අක්කගෙ ඇදුම් ඇදගෙන කන්නාඩියෙන් බැලුවම පේන්නෙ අක්ක වගේමනෙ.....ඔයාට ඔය තරග වලට ඉදිරිපත්වෙනකොට බයක් චකිතයක් ආවෙ නැද්ද .....මම ඇසුවෙමි.......නෑ අක්කෙ මම මේවගෙ ඇදගෙන ඉදල පුරුදු හින්ද ඒතරම් ගානක් ආවෙනෑ මටත් ඒ වෙලාවට හිතුනෙ මාත් එයාල වගේ කෙල්ලෙක් කියල......මොනව උනත් මල්ලියේ....සොරී....නන්ගියේ ඔයා කරල තියෙන්නෙ මහ භයානක වැඩක්.....මා කීවෙමි. අවුරුදු කුමාරිට ඉන්න ඒතරම් ලේසි නෑනෙ ලස්සනට ඇවිදින්නත් ඕනැනෙ....මට එහෙම ඇවිදින්න පුලුවන් අක්කෙ......මේ බලන්න.....ඔහු මට ඉගසොලවමින් ඇවිද පෙන්නුවේය......ඔහු දෙස බලා සිටි මම ඇත්තටම ඔයානම් නියම කෙල්ලෙක් නංගියේ ...... කීවෙමි. මේ හම්බවුනු තෑගි ඔයගෙ නංගියේ ඒත් මේ ගැන කා එක්කවත් කියන්න බෑනෙ......මේක අපි රහසක් වසයෙන් තියා ගම්මු.....මම කීවෙමි.
             අක්කේ ඔයා දන්නවද කොල්ලො නියම කෙල්ලො කරන ක්‍රම තියෙනව කියල....දිනක් මල්ලී පැවසුවේය.....ඒ කොහොමද.....මම ඇසුවෙමි......හෝමෝන් ගත්තම ඇග හැදෙනව ඊට පස්සෙ ඔපරේසන් කරල අනිත් ඒව හදනව......ඔහු කීවේය.......මල්ලි කොහොමද ඕව දන්නෙ......මම නෙට් එකෙන් බැලුව අක්කෙ......කොහේද ඒව කරන්නෙ.....මම ඇසුවෙමි.....තායිලන්තෙ කරනවලු එහෙදි කර ගත්ත අය දැන් හරි ලස්සන කෙල්ලො අක්කෙ..... පැවසූ ඔහු.....අනේ මටත් ඒවගේ කරගන්න ඇත්නම් කීවේය......අපෝ ඕවට සල්ලි ගොඩක් යනව ඇතිනේ......මම ඇසුවෙමි.......ඔව් ලක්ස දහයක් පහලොවක් යනව......ඔහු පැවසුවේය. මල්ලී ගේ කතාවෙන් ඔහු මේ සම්භන්දව ගැබුරෙන් අධ්‍යයනය කර ඇති බව මා තේරුම් ගත්තෙමි. ඔහු මෙසේ මේ ගැන හොයන්න පෙළඹී ඇත්තේ   ඔහුටද ගැහැනු ලමයෙකු වීමේ වුවමනාව තදින්  තිබෙන නිසා බව මටද හැගී ගොස් තිබුනි.......එහෙත් ඔහුට මේ සදහා සහයෝගය දෙන්නේ කෙසේද......මා කල්පනා කලෙමි.......මා නුදුරේ දී රූප ලාවන්ය සැලුන් එකක් ආරම්භ කලොත් මට පුලුවන් වෙයි මල්ලිට මේකට සහයෝගය දෙන්න......මම කවද හරි මල්ලි වෙනුවෙන් ඒ දේ කරනව......මා අධිෂ්ඨානය කර ගත්තෙමි...........අවසානයි......කියවූ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
               Transgender body swap ගේ ඡායාරූපය

No comments: