Thursday, April 13, 2017

සීයා 53.................................අඩන්න එපා ඉන්දිකා මාත් කැමති නෑ තමයි තාම එයාලට නඩු දාල නෑනෙ එතකන් මේ විදියට ඉම්මු......කුසල් කීවේය.........ඔයාල ඔයතරම් ඔය වැඩේට අකමැතිනම්......නඩු දිනේට විතරක් ඔයාලව මාරුකරවන්න පුලුවන්.....සීයා පැවසුවේය....ඒකනම් හොද අදහස සීයේ ...පැවසූ කුසල්.....මොකද ඉන්දිකා ඒක ගැන කියන්නෙ...මගෙන් ඇසුවේය......ඒ අදහසනම් හොදයි එදාට විතරෙනෙ මාරුවෙන්නෙ.....මම පැවසුවෙමි......අපොයි ඔව් නඩුව ඉවරවෙලා ආවහම ආපහු මාරුව ඇරගන්න පුලුවන්.....සීයා කීවේය...අවසානයේ.....අපි සියලු දෙනාම එයට එකගවුනෙමු.
            මාව ගැහනු ලමයෙකු බවට පත්වූ මුල් දිනවල ආපසු කුසල් බවට පත්වීමට දින ගනිමින් සිටි මට නැවත කුසල් බවට පත්වීමට මෙතරම් අකමැත්තක් ඇතිවූවේ ඇයිද යන්න මටම තේරුම් ගැනීමට නොහැකිවිය. මොහොතකට හෝ මගේ ගැහැනු සිරුරෙන් ඉවත්වී පිරිමියෙකු වීම මට මහත් වදයක් සේ දැනේවියයි බියක් ඇතිවිය. එහෙත් කුසල්ගේ මවු පියන් වෙනුවෙන් එසේ කිරීමට එකඟවීමට සිදුවිය.
             දින කිහිපයක් ගතවිය. මිනීමරුවන්ට පොලීසියෙන් නඩුදමා ඇතිබවත් එහි ප්‍රධාන සාක්කි කරු වසයෙන් ඉන්දිකාගේ නමත් එයට අමතරව තවත් මා නොදන්නා නම් කිහිපයකුත් ඇතිබව ...සීයා මා සමග පැවසුවේය.....මේ නඩුවට මම හොද නීතීඥයෙකුත් අල්ලල තියෙන්නෙ.....පැවසූ සීයා ඉන්දිකාට එයා හම්බවෙලා උපදෙස් ලබාගන්න වෙනව.....ඔහු පැවසුවේය......කමක් නෑ සීයෙ යමු.....මා කීවෙමි......ඔයා ගිහින් වැඩක් නෑ ලමයො.....ඒකට යන්න ඕනැ නියම ඉන්දිකා.....ඒ කියන්නෙ කුසල්.....ඒකත් ඇත්ත නේන්නම්.....මා හිස කසමින් පැවසුවෙමි.......දැන් කවද්ද සීයෙ යන්න වෙන්නෙ...මම ඇසුවෙමි.....ලබන සෙනසුරාදා හවස එන්න කිව්ව.....සවස හය වෙනකොට .......ඊට ඉස්සෙල්ල කුසල්ට මෙහාට එන්න කියන්න වෙනව ඔය දෙන්නගෙ මාරුව ඇර ගන්න......මම කියන්නම් සීයේ....මා ඔහුට පනිවිඩය දීමට පොරොන්දුවුනෙමි.......පසුදින කැම්පස් එකේදී හමුවූ කුසල්ට සීයගේ පනිවිඩය පැවසුවෙමි.....අනේ මම දන්නෙ නෑ ඉන්දිකා මම මෙච්චර දවසක් කොල්ලෙක් විදියට ඉදල පුරුදුවෙලා කොහොමද ආයෙත් එක පාරට කෙල්ලෙක් වෙලා ඉන්නෙ කියල......පැය කිහිපයකට විතරෙනෙ කුසල් මම කීවෙමි.....හරි හරි බලමු.....කුසල් කීවේය.
               හෙටයි කුසල් ඔයාට ලෝයර් හම්බවෙන්න යන්න තියෙන්නෙ.....පෙර දින මා කුසල්ට මතක් කලෙමි.....කොච්චර අකමැතිවුනත් ඒ වැඩෙත් කරන්න ඕනැනෙ.....ඔහු කීවේය.....මුලදී මට නැවත කුසල් බවට පත්වීමට උවමනාවක් තිබුනත් කොල්ලෙක් බවට පත්වූදින සිට කුසල්ට නැවත ඉන්දිකා බවට පත්වීමට කිසිම කැමැත්තක් නොතිබුනි......මේ නිසා ඔහු මට වැඩියෙන් වෙනස්වීමට අකමැතිබව තේරුනි....එහෙත් ඔහුට උවමනාව තිබුනේ ඔහුගේ දෙමවුපියන් මැරූ මිනීමරුවන් නීතිය හමුවට පමුනවා දඩුවම් ලබාදීමටය.
              පසුදින කුසල් පැමිනෙන විට සවස පහ පමන විය......කෝ තාම ඔයා ලෑස්තිවුනේ නැද්ද.....මා ඇදසිටි පරන ගවුම දෙස බලා ඇසුවේය. මම නෙවෙයිනෙ යන්නෙ ඔයානෙ ඇදගන්න ඕනැ.....මම කීවෙමි......ඉන්දිකා මට ඇදගන්න උවමනාවක් නෑ.....ඔයා ලෑස්තිවෙලා එන්න ඊට පස්සෙ අපි පුටු උඩින් වාඩිවෙලා මාරුවෙමු. ඊට පස්සෙ මට පුලුවන් ඔයා ඇන්ද ඇදුන් පිටින් යන්න.....ඔහු පැහැදිලි කලේය......ඒකත් ඇත්තනේ.....ඔහු පැවසූ ආකාරයට කටයුතු කිරීම පහසුබව මටද තේරුනි......අපි මේ විදියට මාරුවෙලා එයාට ඇදගන්න කිව්වනම් එයාට දැන් තියෙන ඇදුම් තෝරගන්නත් අමාරුවෙනව....මා කාමරය තුලට ගොස් ඇදගෙන යෑම සදහා ගැලපෙන සායක් සහ බ්ලවුසයක් තෝරා ගනිමින් කල්පනා කලෙමි. මම මේ විදියට ඇදගෙනම ගිහින් මාරුවුනානම් එයාට ගොඩක් ලේසිවෙනව......එතකොට එයාට මේ කාමරේට එන්න ඕනැත් නෑ....අනිත් අතට එයාට දැන් ගැහැනු ලමයෙක් වගේ ඇදපැලද ගන්න එකත් අමතක වෙලා ඇති......මට සිතුනි.......ඇදුම් ඇදගත් මා කොන්ඩයද පීරාගෙන. මුහුනට සුලු ආලේපයක් කර ගත්තෙමි......සුවද විලවුන් ටිකක් ඇගට විදගත් මා කුසල් අසලට පැමින.....මම ලෑස්තියි......කීවෙමි........දැන් ඔය දෙන්න කාමරේට ගිහින් පුටු දෙකේ වාඩිවෙන්න මැෂින් එක ලෑස්තිකරල තියෙන්නෙ........අපි දෙස බැලූ සීයා පැවසුවේය......අපි දෙදෙනා පුටු මත වාඩිවුනෙමු.....කනගාටුවෙන්න එපා ඉන්දිකා පොඩි වෙලාවකටනෙ......කුසල් පැවසුවේය......නෑ කුසක් ඔයාල එනකොට ගොඩක් රෑවෙනවනෙ....මම කල්පනා කලේ රෑවුනාට පස්සෙ කොහොමද තනියම ඉන්නෙ කියල.....අයියෝ ඕකට බය වෙන්නෙ මොකටද ඔයා තව පොඩ්ඩකින් කොල්ලෙක්නෙ.....කොල්ලෙක් උනාම බයවෙන්න දෙයක් නෑ......මා තව පොඩ්ඩකින් කොල්ලෙක් වූ විට තනියම සිටීමට බියවීමට හේත්වක් නොමැතිබව කල්පනා වූවේ ඔහු එසේ පැවසූවිටය.....මැසිම තවදුරටත් පරීක්ෂාකල සීයා ලිවරය ඉස්සුවේය.......එකවරම අමුත්තක් දැනුනු මා නවත ඇස් ඇර බැලුවෙමි......රූමත් ගැහැනු ලමයෙක් වූ ඉන්දිකා මා අසල පුටුවේ වාඩිවී සිටිනු දක්නට ලැබුනි. මා මගේ සිරුර දෙස බැලුවෙමි.....දිගු කලිසමක් සහ කමිසයක් ඇද සිටි මා නැවත කුසල් බවට පත්වී ඇතිබව තේරුම් ගත්තෙමි......දැන් හරිනෙ....නැවත ඉන්දිකා බවට පත්වූ කුසල් ඔහුගේ පැරනි ගැහැනු සිරුර දෙස බලා පැවසුවේය.....දැන් හරි අපි යමු නේද.....සීයා ඉන්දිකාට කතා කලේය......ඔයා අපි එනකන් මෙහෙට වෙලා ඉන්න......ඉන්දිකා සීයාගේ වාහනයට නගින අතර තුර පැවසුවේය.......ඔවුන් පිටවී ගිය පසු මා ගේට්ටුව වසා දමා ගේ ඇතුලට ගොස් දොරද වසා ගත්තෙමි......මටනම් දැන් මේ පිරිමි ඇදුම් ඇදගෙන ඉන්න එක මහ වදයක් වගේ දැනෙන්නෙ......එයාල එනකන් මේව ගලවල ගැහැනු ඇදුම් ඇදගන්නව..සිතූ...මා කාමරය තුලට ගොස් කමිසය සහ කලිසම ගලවා ඉවත්කලෙමි......යටට ඇද සිටි බැනියමද ගලවා ඉවත් කල මට ඔහුගේ පපුව පුරා තිබුනු මවිල් පෙනෙන්ට විය.....ඊය... මට මේව එපා...... මා ඒවා අදිමින් සෙමින් මිමිනුවෙමි.....ඉන්දිකා වෙලා ඉන්නකොට පපුව කොච්චර ලස්සනද?...දැන් හරියට වලහෙක් වගේ......පියයුරු නොමැතිව පාලුවටගිය පපුව අතගාමින් කල්පනා කලෙමි......යට ඇදුම දෙස බැලූ මට එහි තිබුනු ඉදිරියට නෙරා ආ සලකුනෙන් මටද පෙර තිබුනු පුරුෂ අවයව සිහිවිය.......ඒව ටික දැන් කොහොමද දන්නෙ නෑ.....යට ඇදුම ගලවා ඒවා දෙස බලීමට සිත්විය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: