සීයා 52.................................මේ ගැන මට කතාකරගන්න තියෙන හින්ද කුසල්ට ඉක්මනට එන්න කියන්න.......සීයා පැවසූවිට......මොකක්ද දන්නෙ නෑ සීයට එකපාරටම හැදුන ලෙඩේ......සිතූ මම කුසල්ට දුරකතන ඇමතුම ගත්තෙමි........කුසල් ....සීයට ඕනැලු ඉක්මනට ඔයාව හම්බවෙන්න......ඒ මොකටද...ඔහු ඇසුවේය....අනේ මන්ද කුසල්...ඔයාම ඇවිත් අහගන්නකො.......මම උත්තර දුන්නෙමි.......හරි හරි මම දැන්ම එන්නම්.....ඔහු රිසීවරය තබුවේය. සුලු වෙලාවකින් කුසල් පැමිනියේය......මොකක්ද උනේ ඉන්දිකා......ඔහු ඇසුවේය......අනේ මන්ද කුසල් සීයට මොනව වෙලාද කියල.....මා ඔහු දෙස බලා පැවසුවෙමි.......ආ පුතා ආවද.....මම පුතා එනකන් හිටියෙ......පැවසූ සීයා හාන්සි පුටුවේ වාඩිවුනේය......ඒ අසල පුටුවේ වාඩිවුනු කුසල් .....අයි මොකද සීයෙ.....ප්‍රස්නාර්තව අසුවේය.....මා ඔව්න් අසල උලුවස්සට හේත්තුවී සීයා පවසන දේ අසා සිටියෙමි......පුතාගෙ අම්මයි තාත්තයි මරපු එකේ නඩුව ආපහු ගන්නව කියල අද උදේ පොලීසියෙන් මට කිව්ව....සීයා පැවසූ විට......ඒකනම් බොහොම හොදයි සීයෙ.....මේ සැරේනම් උන්ට බේරිලායන්න දෙන්න හොද නෑ......කුසල් කේන්තියෙන් මෙන් කීවේය.......ඒක නම් එහෙම තමයි දරුවො......ඒත් එක ගැටලුවක් තියෙනව පුතේ.......ඒ මොකක්ද?.....කුසල් ඇසුවේය......ඔයා තමයි ඒ නඩුවෙ ප්‍රධාන සාක්කි කාරය වෙන්නෙ.....ඔයානෙ ඒ සිද්දිය හොදට දැක්කෙ......සීයා කීවේය.....ඉතින් මම දැක්ක දේ කියන්නම්.....මට අද වගේ හොදට මතකයි ඒ සිද්ධිය .......ඔහු කීවේය......ඒක නම් එහෙම තමයි පුතේ ...ඒ උනාට ඔයා කොහොමද සාක්කි දෙන්නෙ..... ප්‍රස්න කළ සීයා......ඒ සාක්කියට යන්න ඕනැ ඉන්දිකා හැටියට මිසක් ඔය විදියට නෙවෙයි........ඒකත් ඇත්තනෙ......මා දෙස බලා පැවසූ කුසල්......ඒකට මොකද කරන්නෙ...සීයාගෙන් ඇසුවේය......ඒකට කරන්න වෙන එකම දේ තමයි මම දුවට කිව්වෙ......ඒ මොකක්ද.....කුසල් පුදුමයෙන් මෙන් මා දෙස බලා ඇසුවේය....සීය කියනව අපි දෙන්නට ආපහු මාරුවෙන්නලු......මම පැවසුවෙමි.....ඒකට ඔයා කැමතිද.....ඔහු මගෙන් විමසුවේය......අපෝ මමනම් කැමතිනෑ ආයෙත් කොල්ලෙක් වෙන්න......මම දුකෙන් පැවසුවෙමි.....මාත් ඒකට කැමති නෑ තමයි.....ඒත් මේ මිනීමරුවන්ට දඩුවම් දෙන්නත් ඕනැ......කුසල් නලල අත ගාමින් කීවේය....සීයෙ අපි දෙන්න මාරුවෙනව වෙනුවට ඕකට කරන්න තියෙන වෙන විකල්පයක් නැද්ද......ඔයාල දෙන්න මාරුවෙන්නත් කැමති නැති එකේ මාත් මේ කල්පනා කලේ වෙන විකල්පයක් නැද්ද කියල තමයි.......සීයා පිලිතුරු දුන්නේය....ඔව් සීයෙ එහෙම දෙයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.......මා කීවෙමි.......කරන්න තියෙන්නෙ නම් කුසල්ගෙ තිබෙන පෙර මතකයන් දුවගෙ මතකයට යවන්න......ඒ කියන්නෙ ඔයදෙන්නගෙ මතකයනුත් මාරුකලොත් හරි....ඒත් ඒක කරන්න පුලුවන් දෙයක් හැටියට නෙවෙයි මට තේරෙන්නෙ....ඒ හින්ද ඒවැඩෙත් හරියන්නෙ නෑ......අපිට මෙහෙම කරන්න පුලුවන් නේද සීයෙ.....ස්වල්ප වෙලාවක් කල්පනාවේ නිරතව සිටි කුසල් ඇසුවේය.....ඒ මොකක්ද.....ඇසූ සීයා .....කුසල්දෙස හොදින් බලාසිටියේය.....මම..එදා සිද්දවුන සියලුම සිද්දීන් ඉන්දිකාට කියන්නම්. ඒව මත තියාගෙන ගියාම ඉන්දිකාට සාක්කි දෙන්න පුලුවන්නෙ.....ඒ අදහසනම් හොදයි නේද සීයේ.....මමද ඔහුගේ අදහස අනුමත කලෙමි......අපි දෙදෙනා දෙස බලා අමුතු ආකාරයකට සිනාසුනු සීයා.....ඔය ලමයි හිතනවද ඔය උසාවිවල සාක්කි දෙන එක ලේසි වැඩක් කියල......ඇසුවේය....ඇයි සීයෙ එහෙම කියන්නෙ හොදට මතක තියාගත්තම කියන්න පුලුවන්නෙ......කුසල් ඇසුවේය.....කුසල්ගෙ කතාව මාත් හොදට මතක තියාගන්නම්......මා පැවසුවෙමි.......ඔය වැඩේ හරියන්නෙ නෑ දරුවනේ.....කොච්චර මතක තියා ගත්තත් ඇහෙන් දැක්ක දෙයක් වගේ පැහැදිලිව කියන්න බෑ.....උසාවි වල හරස් ප්‍රශ්න අහන්නෙ හරි අමුතු විදියට.....සමහර දේවල් පටලවල අහනව.....ඒ වෙලාවට පැටලෙන්නෙ නැතුව උත්තර දෙන්න ඕනැ....පොඩි වචනයක් හරි වැරදුනොත් ඔක්කොම ඉවරයි...ඇහැට දැක්ක දෙයක් හැර ඒ ප්‍රස්නවලට හරියටම උත්තර දෙන්න අමාරුයි......සීයා උසාවියේ සාක්කි විමසන අයුරු පැහැදිලි කරන්ට විය....සීයාගේ එම දේසනය අසා සිටි අපි ඔහු පවසන දේවල බැරෑරුම් කම අපිද තේරුම් ගත්තෙමු.....දැන් අපි මොකද කරන්නෙ ඉන්දිකා......කුසල් ඇසුවේය......අනේ මන්ද කුසල් මටනම් දැන් පිස්සුවගේ මා හිස අතගාමින් පිලිතුරු දුන්නෙමි......ඔය දෙන්න මාරුවෙලා මේ නඩුව ඉදිරියට ගෙනයනවද එහෙම නැත්නම් ......මේක අල්ලල දාල නිකා ඉන්නවද....ඔය දෙන්න තීරනයක් ගන්න ලමයිනේ......සීයා කීවේය.......මේ ආව අව්ස්තාවනම් අතහරින්න හොද නෑ සීයේ.....කොහොම හරි උන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕනැ...මම ඇහින්ම දැක්කනෙ උන් මගෙ අම්මටයි තාත්තටයි කරපුදේ.....කුසල් කේන්තියෙන් පවසනු ඇසුනි......ඔයා දැන් කල්පනා කරන්නෙ ආපහු මාරුවෙන්නද.....මා කුසල් දෙස බලා දුකෙන් විමසුවෙමි......එහෙම නැතුව බෑනෙ ඉන්දිකා අකමැත්තෙන් උනත් ඒක කරන්න ඕනැනෙ......ඔහු පැවසූවිට....අනේ කුසල්......මගේ ඇස්වල කදුලු පිරෙන බව තේරුනි........
No comments:
Post a Comment