Friday, April 7, 2017

සීයා 50..................................පසුදින මා පිබිදුනේ වෙනදා නොමැති සතුටකිනි. කැම්පස් එකට ගිහිල්ල මගේ යහලු කෙල්ලො ටික මට ආයෙත් ආස්සරේ කරන්න පුලුවන්.....ඊයෙ මාව කුසල් උනානම් මට වෙන්නෙ ඒ කෙල්ලො ටික අත හැරල ආස්සරේ කරල පුරුදු නැති කොල්ලො ටික ගාවට යන්න.....එහෙම උනානම් මටයි කුසල්ටයි මොන මොන දේවල් වලට මුහුන දෙන්න වෙයිද දන්නෙ නෑ....හොද වෙලාවට මට මේ විදියට ඉන්න හිතුනෙ.....
             මා විශ්වවිද්‍යාලයට යන විට කුසල් ඇවිත් සිටි බව දුටුවත්  ඔහු යහලුවන් කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටි නිසා ඔහු සමග කතාකිරීමට නොහැකිවිය. එවිටම ප්‍රදීප් කුසල්වද ගනනකට නොගෙන මා දෙසට වේගයෙන් එනබව දුටු මා ඔහු එන තුරු නැවතී සිටියෙමි......මා අසලට පැමිනි විට ඔහු යම් කිසිවකට කේන්ති ගොස් සිටි බව දුටුවෙමි......මොකද ප්‍රදීප්  තරහෙන් වගේ.....මම ඇසුවෙමි......කේන්ති යන්නෙ නැද්ද ඔයාල මේ කරන වැඩ වලට......ඔහු තරහෙන් කීවේය.....ඒ මොකක්ද.....මම ඇසුවෙමි.....මට අද ඉදන් හොද යාලුවෙක් නැතිවුනා ඒකයි මගෙ කනගාටුව......ඔහු දුකත් තරහත් එකට මුසුකරගෙන පැවසුවේය.......අර ඉන්නෙ ඔයාගෙ යාලුව කුසල්.......මම කුසල් දෙසට අත දිගුකර ඔහුව පෙන්වා කීවෙමි.....දැන් මට උගෙන් වැඩක් නෑ......ඌ ආයෙත් පොන්නයෙක් වගේ ඉන්න ගත්තොත් මගේ තත්වෙට මොකද වෙන්නෙ......මටනම් බෑ ඌව ආයෙත් ආස්සරේ කරන්න......ඔහු දැඩිලෙස කීවේය......ප්‍රදීප් කතාකරන්නේ කුමක් හෝ වැරදියට තේරුම් ගෙන ඇතිව බව මා වටහා ගත්තෙමි.....මොකක් ගැනද ඔයා ඔය කතාකරන්නෙ.....මම ඇසුවෙමි......ඇයි උඹට මතක නැද්ද උඹනෙ කිව්වෙ ඊයේ උඹයි ඉන්දිකයි මාරුව ඇරගන්නව කියල.....අද උඹල දෙන්න මාරුව ඇරගෙන ආවනෙ.....මොකක්ද බන් උඹ මේ කරගත්ත වැඩේ .....උඹට මේ ගැහැනු ජීවිතේ හරියන්නෙ නෑ බන් ඒකටත් පිරිමියෙක් වෙලා ඉන්න එක තේරුමක් නෑ........ඌ ආයෙත් පිරිමියෙක් උනාට උගේ පොන්න ඇක්ටින් ඉස්මතු වුනොත්නම් මම උගේ පැත්ත වත් බලන්නෙ නෑ ඌ කොල්ලන්ගෙන් හොද පාඩම් ඉගෙන ගනියිනෙ.......ප්‍රදීප් දිගටම කුසල්ට බනින්ටවිය.....කුසල් ප්‍රදීප්ට ඊයේ අපි දෙදෙනා මරුවෙන සිද්දිය පවසා ඇතිබව තේරුම් ගත්තේ ඔහු එසේ පවසනවිටය....මා ඔහුට ඊයේවූ සිද්ධිය පැහැදිලි කිරීමට සූදානම් වන විට කුසල් අපි අසලට පැමිනෙන බව දුටු මා නිස්සබ්දවුනෙමි......ආ මචන් ප්‍රදීප් උබ ආවද....මම දැක්කෙත් නෑනෙ......කුසල් මෙසේ පවසනවිට ප්‍රදීප් තරහෙන් අහක බලාගන්නා අයුරු දුටුවෙමි......මොකද බන් උඹට අද වෙලා තියෙන්නෙ......ඔහු ඇසුවේය......මට නෙවෙයි උබලට වෙලා තියෙන දේයි මම මේ බැලුවෙ......කුසල් අහක බලාගෙනම තරහෙන් කීවේය...... මොකක්ද ඉන්දිකා අද මූට වෙලා තියෙන්නෙ.......කුසල් මගෙන් ඇසුවේය......ඔවුන් දෙදෙනාගේ මේ හැසිරීම නිසා මට එකවරටම සිනාගියේය.....මා සිනාසෙනවිට මාදෙස තරහෙන් බැලූ ප්‍රදීප්.... ඔව් උඹටනම් හිනා.....උඹලට කවද හරි තේරෙයි මේ කරගත්ත එකේ වැරැද්ද......මේ කුසල්.... ඔයා මෙයාට කිව්වද අපි දෙන්න ඊයෙ මාරුවෙනව කියල.....මා සිනාසෙමින් කුසල්ගෙන් ඇසුවෙමි......ටිකක් කල්පනා කල කුසල් ඔවු මම එහෙම කිව්ව තමයි....ඉතින් එහෙම දෙයක් උනේ නෑනෙ.....කුසල් එසේ කියන විට ......ප්‍රදීප් කුසල් දෙස පුදුමයෙන් බලන අයුරු දුටුවෙමි....ඔහු මා දෙසද පුදුමයෙන් මෙන් බැලුවේය......එතකොට උඹල දෙන්න මාරුවුනේ නැද්ද......ඔහු ඇසුවේය.....නෑ බන් මෙයාට බෑ කිව්වනෙ.....කුසල් එසේ පවසන විට...උඹල බොරුනේද  කියන්නෙ ප්‍රදීප් අවිස්වාසයෙන් ඇසුවේය...එවිටම ප්‍රදීප්ගේ අතක් අල්ලාගත් කුසල් ඔහුගේ අත අමුතු අකාරයකට අබරන විට ප්‍රදීප්ව බිම ඉන්දුනි .....කුසල් එසේ කල විට අපි කියන්නේ ඇත්ත බව තේරුම් ගත් ඔහු......මචන් උඹනම් ග්‍රේඩ් බන්.......මම හරි දුකෙන් හිටියෙ උඹල අද මාරුවෙලා කියල......කුසල්ගේ කරට අත දමාගෙන සතුටෙන් කියන අයුරු දුටුවෙමි........අනේ සොරි ඉන්දිකා මගේ අතින් ඔයාගැන නරක වචන ටිකක් කියවුනා.....ප්‍රදීප් මගෙන් සමාව ඉල්ලන්ට විය.....නරක වචන වුනත් ඔයා කිව්ව දේවල් හරි ප්‍රදීප් ...මගේ මෝඩකමට හරි මාව ආයෙත් කුසල් උනානම් මට වෙන්නෙ ඔයා කිව්ව දේවල් තමයි.....මම කීවෙමි.....මොනවද කිව්වෙ...කුසල් ඇසුවේය. වෙච්ච දේ පදීප්ගෙන් අහ ගන්නකො.......දැන් හරිනෙ ප්‍රදීප් ඔයාට ඔයාගෙ යාලුව ආයෙත් හම්බවුනානෙ......පැවසූ මම.....මම යනව මගේ ගැහැනු යාලුයොටික හොයාගෙන......මා ඔවුන් අතරින් ඉවත්වුනෙමි.
         මා සතුටින් යෙහෙලියන් අතරට යනවිට මා දෙස බැලූ පියුමි.....මොකද බන් අද වෙනද නැති සතුටකින්......අදනම් කුසල්ගෙන් හොද තෑග්ගක් හම්බවෙලා වගේ....ඇසුවාය......නෑ අනේ නිකන්......මම කීවෙමි......නිකන්නම් වෙන්න බෑ වෙනදට මෙයා අපි ගාවට එන්නෙ මූන එල්ලගෙන.....වාසනා පැවසුවාය.....නෑ බන් මා වාසනාගේ අතින් අල්ලාගෙන අත හයියෙන් දෙපැත්තට  පද්දමින් කීවෙමි.......මේකිට නම් අද මොකක් හරි ලව් සික් එකක්ද කොහේද ඔලුවට ගහල........පියුමි සිනාසෙමින් කීවේය......එහෙම එකක් නෑ බන්...... මා පියුමිගේ ඉනට අතදාගෙන කීවෙමි.......උබ කියන්නෙ නැත්නම් අපි කුසල්ගෙන් මොකද වුනේ කියල අහගනම්කො......වාසනා කීවාය. මට අද ආපසු මෙම යෙහෙලියන් අතරට පැමිනීමට ලැබීමත් මා දිගටම ඉන්දිකා ලෙස ජීවත් වීමට තීරනය කිරීමත් මගේ සතුටට හේතුවක් බව මා මොවුන්ට පවසන්නේ කෙසේද.
          අපි දේසන ශාලාවට ගියත් මා හැසිරෙන විලාසය බලාසිටි පියුමි......ඔයා මොනව කිව්වත් මට ඔයාගෙ ලොකු වෙනසක් තේරෙනව.....වෙනදට ඔයා මෙච්චර සන්තෝසෙන් ඉන්නව මම දැකල නෑ.....මොකක්ද බන් සතුටට හේතුව අපිටත් දැනගන්න එක්ක කියන්නකෝ අනේ......ඔව් බන් කියහන්කෝ අනිත් යෙහෙලියන්ද මට බලකරන්ට විය.....මම මෙයාලට ඇත්තම කියනවද......සිතූ මම..
Transgender body swap ගේ ඡායාරූපය

No comments: