සීයා 51.................................අපෝ මෙයාලට ඇත්ත කියන්න ගියොත් හරි වැඩේ වෙන්නෙ. අනිත් එක පිරිමියෙක් වෙලා හිටිය මම කොහොමද කෙල්ලෙක් උනා කියල කටක් ඇරල කියන්නෙ. මෙයාල මේව පිලිගන්න එකකුත් නෑ. ඒ හින්ද වෙන එකක් කියන්න ඕනෑ.....සිතූ මට.. කුසල් ඊයේ මගේ මුහුන සිපගත් ආකාරය මතක් විය.......කුසල් මට කිස් එකක් දුන්නනෙ ඒකයි......පැවසුවෙමි....අයියෝ ඕකටද ඔය තරම් ජොලියෙ ඉන්නෙ......මගෙ එක්කෙනා මට හැමදාම කිස් දෙන්නෙ ...ඕකට ඔය හැටි උඩපනින්න දෙයක් ද බන්.....අපි අතර සිටි මිරන්ඩා කීවාය.....මේ ඔය කොල්ලන්ගෙන් කිස් නැතිඋනාට කමක් නෑ.....උන් කිස් දෙන්න ගිහින් අන්තිමට බඩට බෝනික්කෙකුත් දෙයි. එහෙම නැත්නම් කවද හරි නැන්දම්මට පෙන්වන්න සලකුනක් වත් නොතිය විනාසකරල දායි.....අපි අතර සිටි අහින්සක චරිතයක් ඇති නෙලුමී.....පවසන්ට විය.......කුසල් එහෙම කෙනෙක් නෙවෙයි අනේ......මා ඇයට කීවෙමි.....අනේ... කොල්ලො කවුරුත් එකයි.....ඇය කොල්ලො ගැන අමනාපයෙන් පිලිතුරු දුන්නාය.......මෙයාටනම් කොල්ලෙකුගෙන් මොකක් හරි අකර තැබ්බයක් වෙලා තියෙනව.....පියුමි ඇයට කීවාය.....මට උන අකර තැබ්බයක් නෑ....ඒත් කොල්ලන්ගෙ හැටි මම දන්නව.....ඇය කීවාය.
නෙලුමී. පැවසූ දෙයහි යම්කිසි සත්යක් ඇති බව මටද වැටහුනි. මා කොල්ලෙකුව සිටි අවදියේදී පිරිමි ලමුන් වැඩිදෙනෙක් ගැහැනු ලමුන් ගැන කතා කරනු මට ඇසී තිබුනි. ඔවුන් වැඩි දෙනෙක් කතාකලේ ගැහැනු ලමුන් සමග විනෝදවෙන ආකාරය ය. මෙවැනි අදහස් ඇති කොල්ලෙකුට කෙල්ලෙක් අසු වුනොත් ඇයට කුමක් වෙයිද......මා කල්පනා කලෙමි. කුසල්ද දැන් කොල්ලෙකි. දැන් ඔහුතුලද ක්රියාත්මක වන්නේ පිරිමි අදහස් බව මට වැටහුනි. ඊයෙනම් එයා මාව සිපගත්තේ ඇතිවූ සතුට නිසා වුවද දිගටම එවැනි සතුටු සිත් ඔහුතුල අතිවේදැයි මා තුල සැකයක් ඇතිවිය.....කොල්ලෝ යනු ගිනි කන්දු හා සමානය ඔව්න් තුල නිතරම රාග ගිනි ඇවිලෙමින් තිබෙන බව මා අත්දැකීමෙන් දනිමි...කෙල්ලන් හමුවේ..එම රාග ගිනි දැල් කොතරම් දුරට ඇවිලී කොයි වෙලේ කන්ද පුපුරා යාවිදැයි. කවුද දන්නෙ......ගිනි කන්ද පිපුරුවම ගිනිගත් ලාවා වලින් ටිකක් එලියට ඇවිත් ඒවයින් ඒ පලාතම විනාශවෙනව වගේ......කොල්ලො පිටකරන දේවල් වලින් කෙල්ලන්ගෙ මුලු ජීවිතයම විනාශවෙන්න පුලුවන්. ...මෙසේ කල්පනා කල මට කෙල්ලෙක් උනාම කොපමණ දේවල් හිතන්න ඕනැද යන්න වැටහුනි. ගැහැනු ජීවිතයේ සුන්දර බවක් ඇතුවාක් මෙන්ම එහිතුල බියකරුබවක්ද ඇති බව තේරුනි. කෙල්ලෙක් වෙලා ජීවත්වෙන්න තීරනය කලා වගේ නෙවෙයි. ඉස්සරට වඩා හුගක් කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනැ.....කුසල් උනත් දැන් ගිනිකන්දක්.....ඒකන්දත් ඕනැ වෙලාවක පුපුරන්න පුලුවන්.....මා කුසල් ගැනද කල්පනා කලෙමි.
මා මෙසේ ගැහැනු කම සම්භන්ධව කල්පනාකලත් දිනෙන්දින මගේ ගැහැනු ජීවිතය කෙරෙහි සිත ඇදීයන්ට විය.....කුසල්ද බොහෝ සතුටින් සිටින බව මට තේරුනි....මාස දෙකක් පමන ගතවිය. මෙම කාලය තුල මට නැවත පිරිමියෙකු වීමේ කැමැත්තක් නිකමටවත් ඇතිවූවේ නැත. මා ගැහැනු කම හදුනාගෙන ජීවත් වීමට හැකියාව තිබුනු බැවින් මගේ ගැහැනු ජීවිතය ඉස්සරට වටා සුන්දර ලෙස දැනෙන්ට විය. දුවට දැන් නිකමටවත් හිතෙන්නෙ නැද්ද ඉස්සර වගේ කොල්ලෙක් වෙලා හිටියනම් හොදයි කියල......මා කුස්සියේ වැඩකරන දෙස බලා සිටි සීයා ඇසුවේය.....ඇයි සීයෙ එහෙම ඇහුවෙ සීයට මාව එපාවෙලාද.....මා ඇසුවෙමි.......අපෝ නෑ දුවේ දුවට මම ගොඩක් ආදරෙයි.....දුව මේ ගෙදර වැඩ කරනව දැක්කම මට එහෙම හිතුන.....ඔයාට දැන් උයන්න තියෙනව ගේ අස්පස්කරන්න තියෙනව. රෙදිහෝදන්න තියෙනව.....ඉස්සර ඔයා කුසල් වෙලා ඉන්න කාලෙ මේව කරන්නෙ නෑනෙ......දැන් උනත් ඔයා එහෙ හිටියනම් මේවගෙ වැඩ කරන්න ඕනැ නෑනෙ.....ඒකට අපේ එකා....මේවගෙ වැඩ කරනව කිව්වම පුදුම කම්මැලි කමක් තියෙන්නෙ....එයානම් දැන් කොල්ලෙක් වෙලා සතුටින් ඇති.......සීයා සිහින් සිනාවක් මුවතුල රදවාගෙන පැවසුවේය.....අපෝ මේවැඩ මට කරදරයක් නෙවෙයි සීයෙ....මේ ඔක්කොම කරන්නෙ මම හරිම ආශාවෙන්.....කෙල්ලෙක් උනාම කම්මැලි වෙලා බෑනෙ සීයෙ..මට දැන් හිතෙනව අහම්බෙන් හරි මාව කෙල්ලෙක් උනේ මගේ වාසනාවට කියල...කුසලුත් දැන් කොල්ලෙක්නෙ එයත් කොල්ලො කරන වැඩ ආශාවෙන් කරනව ඇති...එයටත් ඒහෙම වෙන්න වාසනාව තියෙන්න ඇති......මම පැවසුවෙමි.
හරි වැඩේනෙ දුවේ....මම මේ කල්පනා කලේ මේකට මොකද කරන්නෙ කියල.....මා කැම්පස් ඇරී ගෙදර පැමිනි විට සීයා කීවේය.....ඒ මොකක්ද සීයෙ......මම ඇසුවෙමි......මම මේගැන ගොඩක් කල්පනා කලා.....මේ වැඩේට ආයෙත් ඔය දෙන්නට මාරුවෙන්න වෙනව....සීයා එසේ පැවසූවිට......කලබලවූ මා.....අයියෝ....ඇයි ඒ සීයේ......අනේ සීයේ මටනම් බෑ ආයෙත් කොල්ලෙක් වෙන්න ......මා දුක් බරව පවසන විට......එහෙම කියල හරියන්නෙ නැනෙ දුවේ....මට මේක කුසල්ටත් කියන්න වෙනව......සීයා පැවසූ විට......කුසල්නම් කොහොමත් මේකට කැමති වෙන එකක් නෑ......මම කීවෙමි......එයාට කැමති වෙන්නම වෙනව.....ඔහු ස්තිර ලෙසම කීවේය......අනේ මගේ මේ ලස්සන ගැහැනු ජීවිතේට මොකද මේ වෙන්න යන්නෙ.....මගේ රූමත් සිරුර දෙස බලමින් කල්පනා කලෙමි.
No comments:
Post a Comment