Thursday, April 13, 2017

සැඟවුනු  කුමරිය 1....(අවුරුදු කතාවකි)...............ඇයි කසුනි ඔයා මේසැරේ අවුරුදු කුමාරි තරගෙට ඉදිරිපත් වෙන්නෙ නැද්ද....පියුමි එසේ ඇසුවේ මෙවර ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමරි තරගයට මා ඉදිරිපත් නොවන බව ආරංචි වී ඇති නිසා බව මට තේරුනි.....අනේ නෑ බන්....මම පැවසුවෙමි.....ඒ මොකද ගියසැරේ ඔයාව නේද අවුරුදු කුමාරිට තේරුනේ......ඔයාට මේ සැරෙත් දිනන්න පුලුවන් වෙයි.....ඇය කීවාය....ඒ උනාට මට මේ සැරේ බෑ බන්....මම කීවෙමි......මොකක් හරි ගැටලුවක්ද.....ඇය ප්‍රස්නකලාය. ඔව් බන් අපේ අම්ම කැමති නෑ....අයියලත් කැමති නෑ.......අපරාදෙනෙ බන් එයාල කොහොම හරි කැමතිකරව ගනින්කො......ඇය පැවසූවිට.....දිනුව වගේ නෙවෙයි බන් ඊට පස්සෙ එන ගැටලුවලටත් මුහුන දෙන්න ඕනැනෙ........මම කීවෙමි.....මොනවද බන් ඔය හැටි තියෙන ගැටලු....ලස්සන කෙල්ලෙක් උනාමත් ගැටලු තියනවනෙ බන්..මට ගෙයි මුල්ලෙ හැන්ගිලා ඉන්නත් බෑනෙ.....මම පැවසුවෙමි.....අනේ මන්ද උබට තියෙන රූපෙ මට තිබුනනම් මම යන්නෙ පැනල.......ඇය කීවාය......කා එක්කද මා විහිලුවට ඇසුවෙමි......කා එක්කවත් නෙවෙයි බන් අවුරුදු කුමාරි තරගෙට.
            මට මෙවර අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් නොවුනේ ගෙදරින් ඇතිවුනු අකමැත්ත නිසාය.....ගියවර මා පලමු ස්ථානය  දිනාගත් බැවින් සමාජයෙන් නොයෙක් ගැටලු ඇතිවන්ට විය. ටෙලි නාට්යවලට වෙලද දැන්වීම් වලට මට කතා කරන වාර අනන්ත විය.....මගේ අත පතාගෙන පැමිනෙන පිරිමින් බහුලවිය.....මේ නිසා මට මෙවර අවුරුදු කුමරියට ඉදිරිපත් වීම වලක්වා ගෙදරින් තහනමක් පනවා ඇත.
             අක්ක අපරාදෙ දිනන්න පුලුවන් කමක් තියෙද්දිත් ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ.......මම මොනව කරන්නද මල්ලි..... මල්ලි විතරනෙ මේකට කැමති..... අයියල දෙන්නවත් අම්මවත් තාත්තවත් මේකට කැමති නෑනෙ.......මා දුකින් පැවසුවෙමි
            අම්මෙ මම හෙට පුන්චිගෙ ගෙදර යනව.....හෙට අවුරුදු උත්සවය බැවින් ගමෙන් පිටවීමට තීරනය කල මා අම්මාට පැවසුවෙමි....හෙට අවුරුදු උත්සවෙත් තියෙනව නේද. ඇයි යන්නෙ.....අම්මා ඇසුවාය. මට ඒ පැත්තෙවත් යන්න හිත නෑ අම්මෙ ඒකයි ගමෙනුත් ඈතට යන්න හිතුවෙ.....මා පැවසුවෙමි.....එහෙනම් පරිස්සමින් යන්න ගියගමන් මට කෝල් එකක් දෙන්න......අම්මා කැමැත්ත දුන් බැවින් මා පසුදින උදෙන්ම පුන්චි අම්මාගේ නිවස බලා පිටත්වුනෙමි.........ඇයි දුවේ මෙහෙ ආවෙ අද ඔයාලගෙ ගමේ අවුරුදු උත්සවේ නේද.....දුව නේද ගියසැරේ අවුරුදු කුමාරි උනෙත්......මේ සැරේ තරගෙට ඉදිරිපත් වෙනවට අම්මල කැමති නෑ පුන්චි......මම කීවෙමි.......නොගිය එකත් හොදයි ගිය සැරිත් ප්‍රස්න ඇතිවුනානෙ ....පුන්චි කීවාය.
            එහි දවස ගතකල  මා නැවත ගෙදර පැමිනෙන විට තරමක් රෑ බෝ වී තිබුනි. ගෙදරට එන බසය නවතන්නේ අපේ නිවස ඉදිරිපිට නිසා මට රෑවී ගෙදර පැමිනීම ගැටලුවක් නොතිබුනි. .....අක්කේ ඔයාට චෙක් එකක් දුන්න දෙන්න කියල.....උදෑසන පිබිදුනු මට මල්ලී චෙක්පතක් ගෙනවිත් දුන්නේය.....එහි මගේ නම සදහන් වී තිබුනු අතර රුපියල් පනස්දහසක මුදලක් ලියා තිබුණි. .....කවුද මල්ලි මේක මට දුන්නෙ......මම පුදුමයෙන් ඇසුවෙමි......ඔයා ඊයෙ අවුරුදු කුමාරිට තේරිලා මේ චෙක් එක දාල ආවකියල සංවිධායක කමිටිවෙ එක්කෙනෙක් මට දුන්න.... අක්කට දෙන්න කියල......මල්ලී පැවසුවේය.....මොනව මම අවුරුදු කුමාරිට තේරුනා.....තරගෙ පලාතටවත් නොගිහින් මාව කොහොමද තේරුනේ.......මම පුදුමයෙන් ප්රස්නකලෙමි......අක්ක හොරෙන්ම ගිහින්නෙ ....ඒකයි මේ.....මල්ලී සිනාසෙමින් කීවේය.....කමක් නෑ මේක වැරදීමක් වෙන්න ඇති ගියපාර මම දිනුව හින්ද මේපාර මගෙ නම ලියන්න ඇති..... කොයිවෙලාවෙ හරි මේක හොයාගෙන එයාල එයි.....කල්පනා කල මා එය මගේ කාමරයේ මේසය මත තැබුවෙමි.
            දහවල් දහය පමනවිය. අපේ නිවස ඉදිරිපිට කුඩා ලොරි රථයක්  නවතා එහි සිටි කෙනෙක් කුමක් හෝ අසනු පෙනුනි.....මිදුලේ සිටි අම්මා අයි කියමින් ඔහු අසලට ගියාය......ඔහු සමග කුමක් හෝ කතා කරමින් සිට......මට අඩගැසුවාය......ඇයි අම්මෙ මා ඇසුවෙමි.......ඊයෙ අවුරුදු උත්සවයෙන් ඔයාට තෑගි වගයක් එවලලු.....ඒ මොකටද.....මා අසනවිට... අපි අසල සිටි මල්ලී.......ඊයෙ චෙක් එක දුන්න අයිය කිව්ව..... තමයි තෑගිටික හෙට ගෙදෙට්ට එවන්නම් කියල.....මේ ඒව වෙන්න ඇති.....ලොරිය ඇතුලත පරීක්ෂා කරමින් පැවසුවේය......මල්ලී... මොකක් හරි මෙතැන පටලවිල්ලක් වෙලා......ඔය ටික ආපහු යවන්න.....මම කීවෙමි......පට ලැවිල්ල පස්සෙ බලා ගම්මු දැන් මේ ටික බා ගම්මුකො....මල්ලී පැවසූ විට...ඔව් නෝන දැන් මේ ටික ගෙනිහිල්ල දෙන්න කෙනෙකුත් නෑ මෙහාටමයි දෙන්න කිව්වෙ......ලොරියේ ආ පුද්ගලයා කීවේය.......එහෙනම් බාන්නකො..... මා කීවෙමි. එහි වටිනා කන්නාඩි මේසයක් තිබෙනබව මා දුටුවෙමි.....ශෝක් බඩුව ඒත් මේක මට අයිති නෑනෙ ....ඒ දෙස ආශවෙන් බැලූ මා කල්පනා කලෙමි.
            උඹ අපිට කොලේ වහල පුන්චි අම්මලගෙ ගෙදර යනව කියල අවුරුදු කුමාරි තරගෙට හිටිය නේද?.......අම්මා මට බනින්ට විය.....අනේ නෑ අම්මේ......මම පුන්චිගෙ ගෙදරමයි ගියේ......ඔන්නම් පුන්චිගෙන් අහන්නකො.......මම කීවෙමි.......මගේ නංගි  වුනත් මට ඔය පුන්චිවත් විශ්වාස  නෑ ...උඹල දෙන්න ප්ලෑන් කරල කරපු වැඩක්......අම්මා තව දුරටත් දොස් කියන්ටවිය......මා කෙතෙක් ඇත්ත පැහැදිලි කිරීමට උත්සාහ කලත් නොහැකිවිය....මේ සම්භන්ධව අම්මා පුන්චි අම්මා සමගද රන්ඩුවෙනවා ඇසුනි. මල්ලී හැරුනු විට ගෙදර සැවොම මට දොස් පවරන්ට විය. ඇත්ත කොයි වෙලාවේ හෝ එලිවෙනබව විස්වාස කල මා ඔවුන් සමග රන්ඩුවට නොගොස් නිස්සබ්දව සිටියෙමි.
              මේ සිද්දියෙන් සතියක් පමන ගතවිය මේ දින කිහිපයේ මා අම්මා නොමැතිව කිසිම තැනකට නොගියෙමි. එදින ඉරිදා දිනයක් විය ලොරියක් අපේ ගේ ඉදිරිපිට නවතා හෝන් ගසනු ඇසුනු මා......අම්මේ ලොරියක් ඇවිත් හෝන්ගහනව මට හිතෙන්නෙ අර වැරදිලා එවපු බඩුටික ආපහු ගෙනියන්න  වෙන්න ඇති.....මා පැවසුවෙමි. අම්මා ලොරිය අසලට ගියාය.....දුවේ දුවට කියල තව මොනවද ගෙනහල්ල......මොනවද...ඇසූ...මාද ලොරිය අසලට ගියෙමි......කසුනි කුමාරි වීරආරච්චි කියන්නෙ ඔය නෝන නේද කොල කැබල්ලක් බැලූ ලොරියේ පැමිනි අයෙක් ඇසුවේය.....ඔව් මම තමයි මා උත්තර දුන්නෙමි......මේ බඩුටික නෝනට මෙතැන චෙක් එකකුත් තියෙනව මෙතැන අත්සන් කරල අරගන්න..... ඔහු මට පොතක් සහ පෑනක් දික්කලේය......මොනවටද මේ ....සිතූ මා අත්සන් කර චෙක් කොලය අතට ගත්තෙමි......එහි රුපියල් ලක්ශයක මුදලක් ලියා තිබුනු දුටු මට හිතා ගන්නවත් බැරිවිය.
               මොකටද? මේව දුවට එව්වෙ?......අම්ම ඔහුගෙන් ඇසුවේය......ඇයි අම්ම දන්නෙ නැද්ද මේ අම්මගෙ දුවනෙ ඊයෙ තිබුනු මීරිය වත්තෙ අවුරුදු කුමාරි තරගෙන් පලවෙනිය වුනේ.....කිසිවක් නොකී අම්මා මාදෙස පුදුමයෙන් බැලුවාය........මාද ඇය දෙස පුදුමයෙන් බැලුවෙමි. මෙවර වටිනා පුටු සෙටියක් ගෙන ඇවිත් බව ලොරියෙන් බානවිට දුටුවෙමි.
             මේක පුදුම වැඩක් නෙ දුවේ මම හොදටම දන්නවනෙ ඔයා මේ දවස් ටිකේ කොහේවත් තනියම ගියෙ නෑ කියල....එතකොට කොහොමද මෙහෙම දෙයක් උනේ......ඒක තමයි අම්මෙ මාත් කියන්නෙ......ඉස්සෙල්ල එකටත් මට බැන්නට මේවගෙ දෙයක් අම්මෙ උනේ......මා පැවසූවිට.....හුම්ම්....කියා හිස වැනූ ඇය පුදුමයෙන් තෑගි දෙස බැලුවාය.........
               Transgender body swap ගේ ඡායාරූපය

No comments: