අද දින මා උදෑසන ඇදෙහි ඇලවී සිටියේ දහම් පාසැල් යෑම නවතා ඇතිනිසාය......සුලුවෙලාවකින්.... දුව....යනුවෙන් අම්මාගේ කටහඬ ඇසුනු නිසා මා ඇස ඇර බැලුවෙමි......අද ඉරිද නේද දහම් පාසැල් යන්න නැගිටින්න......අම්මා එසේ පැවසූ විට ....මේ මොකද අම්මට එකපාරටම දහම්පාසැල මතක්වුනේ......පුදුමයට පත්වූ මා කල්පනාකලෙමි.......මට බෑ අම්මෙ කොල්ලෙක් වගේ යන්න......මම තාම ගැහැනු ළමයෙක්.....මා සෙමින් කීවෙමි......කවුද කිව්වෙ කොල්ලෙක් වගේ යන්න කියල ...මේ තියෙන්නෙ ළමා සාරිය ඒක ඇදගෙන යන්න......අම්මාගේ එම වදන කනවකුනු මට මේ දකින්නේ සිහිනයක් දැයි...දෑතින් ඇස් පොඩිකර මින් ඇය දෙස බැලුවෙමි......එහෙත් එය සිහිනයක් නොවන බව තේරුම්ගත් මා.....මට බෑ අම්මෙ තව කීදවසද ඕව ඇදගෙන යන්නෙ.....මේ ටික දවසත් මෙහෙම ඉදල ඔපරේසන් එකෙන් පස්සෙම යනව.......මා කීවෙමි....තව කොච්චරකල් තියෙනවද ළමයො ඔපරේසන් එකට....... මේක ඇදගෙන දහම් පාසැල් යන්න ලෑස්තිවෙන්න .....ඇය නැවත කීවාය.....මාව කොල්ලෙක් බවට පත්කරන සැත්කමට තව ටික කලක් යයි කියල ඩොක්ට කියන්න ඇති. ඒ හින්ද මගේ අධ්‍යාපන කටයුතුවලට පාඩුවෙයි කියල වෙන්න ඇති මේ දවස්ටිකට හරි කෙල්ලෙක් වගේ ඇඳගෙන ආයෙත් දහම්පාසැල් යන්න කියන්න ඇත්තෙ......කල්පනා කල මා ඇදෙන් නැගිට්ටෙමි....මේ දවස් කීපයට හරි මට ආයෙත් ලමා සාරිය ඇදගෙන දහම් පාසැල් යන්න කිව්ව එකත් ලොකුදෙයක්......සතුටට පත්වූ මා දහම් පාසැල් යෑම සඳහා සූදානම් උනෙමි......දුවගෙ කරාබු දෙකත් දාන්න එන්න ......ලමා සාරියෙන් සැරසී පාසැල් යෑමට සූදානමින් සිටි මගේ කනට ඇය විසින්ම ගලවා ඉවත්කර තිබුනු කරාබු දෙක පැලදවීමට සූදානමින් අඩගැසුවාය. කරාබු ජෝඩුවද පැලදූපසු මා නැවත ගැහැනු ලමයෙක් බවට පත්වී ඇති බවට හැගෙන්ටවූ මට නවපනක් ආවාසේ දැනෙන්ටවිය......පිරිමි ඇදුම් ඇඳ මලානිකව සිටිමගේ සිතට නැවත ගැහැනුකම ආරූඩ වී ප්‍රබෝධ මත්වන අයුරුදැනුනි......මා ඉතා සතුටින් පොත්බෑගය අතට ගෙන අම්මා සමග දහම් පාසැල් යෑම සඳහා වාහනයට ගොඩවුනෙමි. දහම් පසැලේ ගැහැණු ළමුන් අතරට ගියමට පුදුමාකාර සතුටක් දැනෙන්ට විය....තව කීකාලෙද මට මේවගෙ සතුටින් ඉන්න පුලුවන් වෙන්නෙ.....ඊට පස්සෙ මට ආයෙත් අර පිරිමි ලමයි අදින වැඩකට නැති කිසි හැඩයක් ලස්සනක් නැති කමිසෙයි සරමයිනෙ ඇදගෙන එන්න වෙන්නෙ.....ඒ මදිවට මූත්‍රා කරන තැනට ආයෙත් අර ජරා නැට්ටත් එල්ලගෙන ඉන්න වෙනව...මට ඒක තමා පේන්නම බැරි......මා නොසතුටෙන් කල්පනාකලෙමි.
අනේ මම කරන මේ කරන පූජාවල ආනිසංසයෙන් මාව ආයෙත් පිරිමි ජීවිතයකට යන එක නවතීවා....තාත්තාගේ හිත වෙනස්වී ....මාව ගැහැනු ලමයෙකු ලෙස තබාගැනීමට සිත්වේවා.....කිසිම ආත්මයක මාව පිරිමි ලමයෙකු ලෙස නොයිපදේවා. ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා රූමත් බුද්ධිමත් පින්වත් කාන්තා ආත්මවලම ඉපදේවා.....මා උදෑසන පූජාවේදී බෝපත් සෙවනේ සිට සිතින් ප්‍රාර්ථනා කලෙමි......
මේ ඇඳගෙන සිටින සුන්දර ඇදුම් ඉවත්කර නැවත පිරිමි ඇදුම් ඇදගැනීමට සිදුවනබව දන්නා මා දහම් පාසැල නිමවී නිවසට ගියේ සතුටකින් නොව.....මගේ කාමරයට ගොස් ඇදුම් මාරුකිරීමට සූදානම් වූවිට යම් අමුත්තක් සිදුවී ඇතිබව දක්නට ලැබුනි. පුදුමයට පත්වූ මා ඒ දෙස බැලුවෙමි..........

No comments:
Post a Comment