ගෙදරට ගිය මා ඇදුම් මාරු කරගෙන කෑම මේසය දෙසට ගියෙමි......කෙල්ලො ටික දුන්න කෑම ටික කාල කන්නත් බෑ අම්මෙ ටිකක් කන්නම් තරමක් බෙදාගත් මා කෑමට පටන්ගත්තෙමි....අම්මාද කෑමට වාඩිවූවාය.........අම්මෙ අර මගෙ පරන පිරිමි ඇදුම් ටික තාම තියෙනවද.....ඇසුවෙමි.......තියෙනව ...ඇයි ආයෙත් ඒව ඇදගෙන විකාර නටන්නද...අම්මා අමුතු ආකාරයට ඇසුවාය...අපෝ නෑ අම්මෙ .......ඒ ඇදුම් ටිකට මොකද කරන්න හදන්නෙ..... ඇසුවෙමි.......මොකද කරන්නෙ කියල තමයි මාත් මේ කල්පනා කලේ.......පුච්චන්නනම් එපා අම්මෙ.......මා මෙසේ කියන විට........ඇයි පරිස්සම් කරල තියාගන්නද කල්පනාව.....පස්සෙ හිතුනාම අදින්න......අම්මා නෝක්කඩු සවරූපයෙන් කියන්ට වූවාය.......ඔන්න ඉතින් අම්ම කලබල වෙනවනෙ.....මා කීවිට......ඔයාගෙ හැටි මම නොදන්නවැ..අම්මා නැවත කීවාය........අනේ අම්මෙ මට දැන් ඔය පිරිමි ඇදුනුයි පිරිමි කමයි එපාවෙලා තියෙන්නෙ.........අම්මට පුලුවන්නම් ඔයටික ගෙදරවත් තියාගන්නෙ නැතුව කාට හරි දීල දාන්න......අපරාදෙ පුච්චල දන්න හරි කුනුගොඩට විසිකරන්නෙ හරි නැතුව.......මා කීවෙමි.... ටිකවෙලාවක් නිස්සබ්දව කල්පනාවක නිරතවී සිටි අම්මා......මම ඒ ටික ලොන්ඩරියට දාල හෝදවල මැදල දෙන්නම් .....ඔයාගෙන්ම අතින් කාට හරි දෙන්න.....අම්මා කීවාය.....අපෝ මට බෑ අම්මෙ මම කැමති නෑ ඔයටික අල්ලනව තියා ඇහැට දකින්නවත්...මා මගේ...පිරිමි ඇදුන් කෙරෙහි පිලිකුල් සහගත ලෙස ප්‍රකාශ කලෙමි. ......අද ස්කෝලෙ ගිහින් ආවට පස්සෙ දුව ගොඩක් වෙනස්වෙලා වගේ......අම්මා කීවාය......කෑම කා අහවර කල මා අතසෝදන අතරතුර......ඒකනෙ අම්මෙ මම කිව්වෙ මාව කොල්ලෙක් වෙලා ඉපදුන එක අපඅපරාදයක් කියල......පැවසුවෙමි...අද කෙලොත් එක්ක ඉදල ගැහැනු කම හොදට හිතට වැදිල වගේ.....ඇය සිනාසෙමින් කීවාය......කෙල්ලො හරි හොදයි අම්මෙ ....ගැහැනුකම හරිම සුන්දරයි අම්මේ...... අත් දෙපසට විහිදුවා සැහැල්ලුවෙන් පියාබන ආකාරය පෙන්නුම් කරමින් කාමරයට ගියෙමි......නැවත පැමිනෙන විට අම්මා කෑම කා අව්සන් වී සිටියාය......දගකාර කෙල්ලෙක් මෙන් ඇය අසලට දිවගිය මා ඇගේ දෑත් අල්ලාගෙන......ඔන්න අම්මෙ හෙටනම් කෑම පෙට්ටිය ගෙනියන්න ඕනැ.......අපි ෂෙයා කරගෙන කන හින්ද වැඩියෙන් දාන්න......පැවසූ මම උම්මා කියමින් ඇයගේ කම්මුල සිපගත්තෙමි......පිස්සු කෙල්ලොත් එක්ක ඉදල මෙයටත් පිස්සු හැදිලද කොහෙද......ඇය මාව තුරුලට ගෙන විහිලුවට කීවාය.
තාත්තා ගෙදර පැමිනි විට අලුත් පාසැලේ විස්තර අසන්ටවිය......අපේ දුව හරිම සන්තෝසෙන් මංජු ඉන්නෙ....ඒ පන්තියෙ කෙල්ලො ටික හරිම හොදයිලු......ඇත්තද දුව......තාත්තා ඇසුවේය.......අර ස්කෝලෙ කොලන්ට වඩා කෙල්ලො හොදයි තාත්තෙ......මා කීවෙමි.....ගුරුවරු කොහොමද .....ඔහු ඉගැන්වීම සම්භන්දව ප්‍රශ්න කලේය...එයාලත් නරක නෑ තාත්තෙ....පැවසූ මා.....ඉංග්රීසි උගන්න්වන ටීච කෙනෙක් ඉන්නව තාත්තෙ හරිම හොදයි.....මට ඉංගිරීශි එපාවෙලා හිටියෙ දැන් ඉගෙනගන්න ආසයි......මා කීවෙමි......එහෙනම් හොදයි පැවසූ තාත්තා......දුවගෙ අලුත් ජීවිතයයි පරන ජීවිතයයි අතර මොකුත් ගැටලුවක් නැද්ද....... ඒ කිව්වෙ මංජු ....ඔහු ඇසූ දේ නොතේරුනු අම්මා ඇසුවාය......දුව මෙච්චර කල් ජීවත්වුනේ කොල්ලෙක් විදියටනෙ ඒ හින්ද ගතිගුන සහ ආකල්ප පිහිටල තියෙන්නෙ පිරිමි විදියටනෙ......දැන් ගැහැනු ලමයෙක් උනාම ඒකෙ අනිත්පැත්ත වෙන්න ඕනැනෙ......මම ඇහුවෙ එහෙම එක පාරට වෙනස් වෙනකොට ගැටලු ඇතිවෙන්නෙ නැද්ද කියල......එහෙම ගැටලුවක් උනේ නෑ තාත්තෙ ...මා කීවෙමි. දුව නාට්ටියට මාස කීපයක් ගැහැනු ලමයෙක් විදියට හිටියනෙ ඒ ගත්ත එක්ස්පීරියන්ස් එක හින්ද තමා ගැටලුවක් නැත්තෙ......තාත්තා පැවසුවේය.....

No comments:
Post a Comment