මට සිදුවූ සත්‍ය සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස අම්මා පවසන නිසා තරංග අයියා පැමිනි අවස්තාවේදී මා පිරිමි ඇදුමෙන් සිටීම මගේ වාසනාවක් විය.ඔහු කෙතරම් අවංක පුද්ගලයෙක් උවද මගේ විස්තර ඔහුට පැවසීමට නොහැකිවිය. මගේ පැරණි පිරිමි ඇදුන් වලින් සැරසුනු මා අම්මා සමග කොල්ලෙක් මෙන් පාසැලට ගියෙමි. මාගැන විස්තර මගේ පන්ති භාර ගුරුවරියට පවසා ඇය ආපසු ගියාය.....මොකද බන් උබට උනේ සියල්ලෝම මගෙන් ප්රශ්නකරන්ට විය......යටි බඩේ විශාල සැත්කමක් කලබව මා ඔව්න්ට පැවසුවෙමි......මා වැඩියෙන් අසනීප තත්වය පෙන්නුම් කල නිසා මට කරදර කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම මගේ වාසනාව විය......තරංග අයියා පැවසූ සේ මා ගැන බලන්ට විය.....පිරිමි ලමුන් කිහිපදෙනෙක් මට පරන පාඩම් වල සටහන් දුන් අතර විවේක අවස්ථාවලදි මා ඒවා ලියාගත්තෙමි. ගෙදර ගිය මා හට පිරිමි ඇදුම් සහ ගැහැනු ඇදුම් අතර සිත දෝලනය වන්ට විය......අද මම කොහොමද ඉන්නෙ කොල්ලෙක් වගේ ඉන්නවද නැත්නම් කෙල්ලෙක් වගේ ඉන්නවද......ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කරන්ට උනෙමි......ඊයෙ ඉදම්ම කොල්ලෙක් වගේ හිටියනෙ අද කෙල්ලෙක් වගේ ඉන්නව.......පාසැල් නිල ඇදුම ඉවත්කල මා ගැහැනු ලමයෙකු මෙන් ඇඳගත්තෙමි........මම හිතුවෙ අදත්කොල්ලෙක් වගේ ඇදගෙන ඉදියි කියල.....මා දෙස බලා පැවසූ අම්මා.....ස්කොලෙදි ගැටලුවක් වුනේ නැද්ද දුවේ.....ඇසුවාය......මම ඕනැවට වැඩියෙනුත් සනිපතත්වය පෙන්නුව ඒ හින්ද කාගෙන්වත් කරදරයක් උනේ නෑ......මා කීවෙමි.....ඒක හොදයි මේ ටිකේ කොල්ලන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න....ඇය පැවසුවාය.....දින දෙකක් පමන ගතවූ පසු තරංග අයියාට මටවූ සත්‍ය සිද්ධිය පැවසීමට සිතුනත් අම්මා එපා කී නිසා එය පැවසීමට බියවිය......අම්මෙ මම තරංග අයියට ඇත්තම කියන්නද....එයා හරි හොඳයි අම්මෙ ....එයා තමයි ස්කෝලෙදි මට ගොඩක් උදවු කරන්නෙ......මා අම්මාගෙන් ඇසුවෙමි......තරංග අයිය ඔයාට විස්වාසනම් කියන්න ඒත් මේක රහසක් වසයෙන් තියාගන්න කියන්න.....අම්මා මට අවසර දුන්නාය......පාසැල් ගිය පසු තරංග අයියා හමුවුනු මා........තරංග අයියට මට රහසක් කියන්න තියෙනව.....හැබැයි මේක කාටවත් කියන්න එපා.....මා කීවෙමි.....මොකක්ද මල්ලි මම කාටවත් කියන්නෙ නෑ කියන්න.....ඔහු ඇසුවේය.....මේක මගේ ජීවිතේ ගැන ගැටලුවක් හින්ද කාටවත් කියන්න එපා ......මා නැවත කීවෙමි....අනේ නෑ මල්ලි.....මම මල්ලිට උදවු කරනව මිසක් නරකක් කරන්නෙ නෑනෙ.....පැවසුවේය....අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට ලොකු ඔපරේසන් එකක් කලානෙ.....මා කීවෙමි.....ඒක මම දන්නව....කී ඔහු......ඉතින් ඊටපස්සෙ මොකද උනේ.......ඒ ඔපරේසන් එකෙන් පස්සෙ මම පිරිමි ලමයෙක් නෙවෙයි අයියෙ......මා මෙසේ පැවසූ විට මාදෙස පුදුමයෙන් මෙන් බැලූ ඔහු.......ඒ කියන්නෙ මල්ලිට මොකද උනේ.....ඇසුවේය.......ඒ ඔපරෙසන් එකෙන් එයාල මාව ගැහැනු ලමයෙක් කරල.....ඈ පුදුම වැඩක්නෙ.....පුදුම වී ඇසූ අයියා.....එතකොට ඔයාට.....පවසා ඉතිරි වචන පිට නොකර මා ඇදගෙන සිටි කලිසම දෙස බැලුවේය......

No comments:
Post a Comment