සවස තාත්තා පැමිනි පසු අම්මා තාත්තා සමග මගේ අදහස පවසා තිබුනි......මොකද ඔයා කොල්ලෙක් වෙන්න කැමති නෑ කියන්නෙ.....මගෙන් ඇසූ තාත්තා..... ඔයා ගැහැනු ලමයෙක් වගේ ඉන්න හින්ද තමයි පිරිමි ලමයෙක් වෙන්න අකමැති......දමයන්ති යනුවෙන් අම්මා ඇමතූ තාත්තා....මීට පස්සෙ මෙයා ඉස්කෝලෙ ගිහින් ආවට පස්සෙ ගැහැනු ඇදුම් අදින්න දෙන්න එපා ඔය කනේ තියෙන කරාබු දකත් ගලවලා කොල්ලෙක් විදියට අන්දන්න......තාත්තා පැවසූවිට.....කොන්ඩෙත් කොටට කප්පන්නද......අම්මා ඇසුවාය.....තවටික කාලයක් ගැහැනු ඉස්කෝලෙටම යන්න වෙන හින්ද ඒක කරන්න එපා ....ගෙදරදි කොල්ලෙක් විදියට ඉන්න අරින්න......තාත්තා උපදෙස් දුන්නේය.....තාත්ත කිව්වට අම්මා එහෙම කරන එකක් නෑ ......මා කල්පනාකලෙමි.
පසුදින පාසැල් ගොස් ගෙදර පැමිනි පසු ඇදුම් මාරුකිරීමට සූදානම් උනෙමි.එහෙත් ඇදුම් රාක්කයේ මට තිබුනු පිරිමි ඇදුම් මිස කිසිම ගැහැනු ඇදුමක් නොමැති බව දැක ගැනීමට ලැබුනි......මේව ටික අල්මාරියට දාල ඇති මා අල්මාරිය ඇරීමට සූදානම් උවත් එහි යතුර නොමැතිබව දුටුවෙමි......අම්මේ කෝ මගේ ගවුම් ටික මා පෑසැල් සුදු ගවුම පිටින් අම්මා අසලට ගොස් ඇසුවෙමි......ඇයි මතක නැද්ද තාත්ත ඊයෙ රෑ කිව්වෙ ඔයාට ගෙදරදි පිරිමි ඇදුම් මිසක් ගැහැනු ඇදුම් අදින්න දෙන්න එපා කියල.......ඔන්න මම ඔයාගෙ පරන ඇදුම් ටික තියෙල ඇති ඇදගන්න......අම්මා කීවාය......මට බෑ අම්මෙ පිරිමි ඇදුම් අදින්න මම කෙල්ලෙක්නේ.......මා විරුද්ධත්වය ප්රකාශ කලෙමි. .....බැහැයි කියල හරියන්නෙ නෑ ගිහින් ඕක ගලවල කලිසමකුයි සර්ට් එකකුයි ඇදගන්නව.....නැත්නම් මටයි තාත්තගෙන් බැනුම් අහන්න වෙන්නෙ......අම්මා කීවාය......තාත්ත එන්නෙ රෑටනෙ අම්මෙ එනකොට ඔය මොකක්හරි ඇදගන්නම් මා කීවෙමි......මගේ බලවත් අකමත්ත නිසා ඇය ඇදුම් රාක්කයෙන් කලිසමක් සහ ටී සර්ට් එකක් රගෙන මට දී එය ඇදගැනීමට බල කරන්ටවූවාය.....ඇගේ බලකිරීම මත මා අකමත්තෙන් උවද එවා ඇද ගැනීමට සිදුවිය........ඊය..... මේව කොච්චර කැතද මා පිලිකුලෙන් යුතුව ඇදගත් ඇදුම් දෙස බැලුවෙමි.......අම්මට කිව්වනෙ මේ ටික කාට හරි දෙන්න කියල මොකටද මන්ද මේ ටික තියාගෙන හිටියෙ..... කාටහරි දීල තිබුනනම් අදමට අදින්න පිරිමි ඇදුමක් නෑ නෙ......මා කල්පනා කලෙමි.....දැන් කරාබු දෙකත් ගලවන්න වෙනව.....පැවසූ ඇය කරාබු දෙකද ගලවා අතටගත්තාය......මා තාත්තා පැමිනෙන තුරු මෙම පිරිමි ඇදුම් ඇදගෙන සිටියේ දැඩි පිලිකුලෙන් යුතුවය...මාස ගනනකට පසු අදදින ඇදගත් පිරිමි ඇදුම් වලින් ජීවිතයේ කිසිම කලක සිදුනොවුනු අසහන කාරීබවක් සිතට දැනෙන්ට විය....මේ ව ඇදගත්තම මෙහෙම නම් ඔපරේසන් එක කරල අරකත් එල්ලගත්තහම මොනව වෙයිද මන්ද....එතකොටනම් මට ජීවිතෙත් එක්කම එපාවෙයි.... කල්පනා කල මා ..රාත්රි නින්දට යනවිට සියලු පිරිමි ඇදුම් ඉවත්කර නිරුවත්ව නින්දට ගියේ ඒවා ඇද සිටීමට තිබුනු බලවත් අකමැත්ත නිසාය.
පාසල් කාලය හැරුනු විට ඉදිරි දින කිහිපය තුල මෙසේ පිරිමි ඇදුම් ඇඳ සිටීමට සිදුවීම බලවත් කනස්සල්ලට හේතුවක් විය.......මගේ සිතුවිලි තේරුම් නොගන්නා අම්මා තාත්තා කෙරෙහිද දැඩි නොසතුටක් ඇතිවිය..

No comments:
Post a Comment