මාව හදිසි අනතුරකට භාජනය වී රෝහල්ගතකර සිටින බව අම්මා මල්ලීට පවසා තිබුනද.....මට සිදුවීඇති සම්පූර්ණ විපත ඔවුන් ඔහුට පවසා නොමැති බව...... ...පසුදින අම්මාගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.....මල්ලි කලබල වෙයි කියල අපි ඔයාගැන ඇත්ත විස්තර කිව්වෙ නෑ.....එයා ගෙදර ආවම කියනව....ඇය පැවසුවාය. .....මට මෙහෙම වුනා කියල දැනගත්තම මල්ලි මොනව හිතයිද දන්නෙ නෑ.....මම කීවෙමි.......මොනව හිතන්නද එයා ගොඩක් සතුටුවෙයි.....මතක නැද්ද ඔයා ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන ඉන්න කොට මල්ලි ඔයාට තුරුලුවෙලා අක්කෙ කියකියා හිටිය හැටි......එයා ගොඩක් සතුටු වෙයි ඔයා එයාගෙ අක්ක වෙනවට......අම්මා කීවාය.......මල්ලි මම එයාගෙ අයිය වෙනවට වඩා අක්ක වෙනවට එයා ගොඩක් කැමතියි තමා.....මා කල්පනා කලෙමි......අම්ම දැන් මගේ පිරිමි ඇදුම් ටිකත් මම අදියි කියල ගිනිතිබ්බද.....එදා මා ඇදි ගැහැනු ඇදුම් සම්භන්දව අම්මා පැවසූ දෙය මතක්වී ඇසුවෙමි.....සුලුවෙලාවක් කල්පනා කරමින් සිටි අම්මා..දිගු සුසුමක් හෙලා......මම ඒව ගිනිතිබ්බෙත් නෑ මේව ගිනිතිබ්බෙත් නෑ.........මම කවදාවත් ඔයා ගැහැනු ලමයෙක් වගේ හිටිය කියල අකමැත්තක් තිබුනෙ නෑ......නාට්ටියෙන් පස්සෙ මට ඒව ඔයාගෙන් ඈත්කරන්න සිද්දවුනා.....පැවසූ ඇය දුකෙන් මෙන් නැවත කල්පනාවක නිරතවිය.....ඒ මොකද.....මා ඇසුවෙමි......මොනව වුනත් ඔයා ඒ දවස්වල කොල්ලෙක්නෙ.......තාත්ත කිව්ව ඔයාට නිතර ගැහැනු ලමයෙක් වගේ සලකල ගැහැනු ජීවිතයට හුරුකරන්න එපා කියල......කොල්ලන්ට එහෙම කලාම ගැහැනු ඇදුම් අදින එක පුරුද්දකට ගිහින් ඒකට ඇබ්බැහි වෙනවලු....ඉතින් ඒක සමාජෙට ප්‍රශ්නයක්නෙ....ඔයා පොඩි කොල්ලෙක් හින්ද ගවුන් ඇන්දහම ගෑනු ලමයෙක් වගේ පෙනුම තිබුනට.....ඉලන්දාරියෙක් වෙනකොට වෙනස්වෙනව.....රැවුල වැවෙනව කටහඬ ගොරෝසුවෙනව.....තාත්තගෙ වගේ ඇග හැමතැන කෙස් වැවෙනව ඇගත් පිරිමියෙක් වගේ විශාල වෙනව.....ඔයා ගැහැනු ඇදුම් අදින එක පුරුද්දට ගියොත් එදාට ගැහැනු ඇදුම් ඇදගෙන සමාජෙ ඉස්සරහට යන්නෙ කොහොමද........ගැහැනියෙක් වගේ නෙවෙයි මොකෙක්ද එකෙක් වගේ පෙනෙයි......සමාජයෙන් අපහාස එල්ලවෙයි......ඒ හින්ද තමයි තාත්ත මට බල කලේ නාට්ටියෙන් පස්සෙ ඔය ගැහැනු ඇදුම් ටික ඔයාට පේන තැනකින්වත් තියන්න එපා කියල......ඒත් මට තේරුනා ඔයා කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න ගොඩක් ආශාවෙන් ඉන්නෙ කියල.....මම දන්නව ඔයා මට හොරෙන් ගැහැනු ඇදුම් ටික හොයල තියෙනව කියල......ඒකයි මම එදා කිව්වෙ ඒව ටික පිච්චුව කියල.......ඒව අදින්නෙ නැතුව අසහනයෙන් ඉන්නෙ කියලත් මට තේරුනා.....ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ....ඒකයි මම තාත්තට කියල ඔයාට බයිසිකලයක් අරන්දුන්නෙ......ඔයා ආයෙත් බයිසිකලය පදිමින් කොල්ලෙක් වගේ හැසිරෙනව දැක්කම මම ගොඩක් සතුටුවුනා......පවසන්ට වූවාය......එක අතකට බලනකොට මගෙ අම්මයි තාත්තයි වැරදි නෑ.....එයාල උත්සාහ අරන් තියෙන්නෙ.....මාව ඒ වැරදි වැඩෙන් මුදව ගන්න.....මට ඒ දවස්වල හිතුනෙ.....අම්ම තාත්ත මාගැන බලන්නෙ නෑ මට ආදරේ නෑ කියල......ඒත් ඒ අදහස වැරදි බව මට දැන් තමා තේරෙන්නෙ......මා ඇය දෙස බලා කල්පනා කලෙමි

No comments:
Post a Comment