නිවාඩු දෙන දිනය දක්වාම වෙනදා මෙන් මගේ ගැහැනු ජීවිතය ගතකලෙමි......මෙතෙක් දිනක් පාසැලට සහ දහම් පාසැලට පමනක් පිරිමි ඇදුම් ඇඳගැනීම සීමා වූවද පාසැල් සහ දහම් පාසැල් නිවාඩු බැවින් ඒවා ඇදගැනීමටද අවශ්‍ය නොවුනි.....මේ නිසා එම පැය කීපයෙන්ද පිරිමි ඇදුම් පැලදුම් වලින් නිදහස් වුනිමි.......දින දෙකක පමන කාලයක් කිසිම පිරිමි ඇදුමක් අතිවත් අල්ලා නොසිටි මට......මට පේනව මේ නිවාඩු කාලය පුරාවටම ඔයාට පිරිමි ඇදුම් ඕනෙ නෑ කියල......ඔයා හැමදාම අදින්නෙ ගැහැණු ඇදුම්නෙ......ඒ හින්ද මට හිතුන ඔයාට තව ගැහැනු ඇදුම් කීපයක් අරන්දෙන්න......අද සොප් එකට ගිහින් ගම්මුද.......අම්මා යෝජනා කලාය......ගැහැනු ලමයෙකු ලෙස ඇද පැලදීමට පටන්ගත් දින සිට ගැහැනු ඇදුම් පැලදුම් තිබෙන සාප්පුවකට යෑම ඉතාමත් ප්‍රීති දායක සිද්දියක් විය......ගැහැනු ඇදුම් තේරීම ඒවා ඇඳ හැඩ බැලීම මගේ සිතට දැඩි සතුටක් ගෙනදීමට හේතුවක් විය. ....මා ඇයට ඉතා සතුටින් හා කීවෙමි........
සාප්පුවට යෑම සදහා ඇදුම් මාරු කරගත් මා අම්මා කියා දුන් පරිදි කොන්ඩය පීරා ගත්තෙමි.......මා කොන්ඩා මෝස්තර දාගන්නා ආකාරය තනියෙම ඉගෙන ගනිමින් සිටිනිසා.....මේ දින කිහිපය තුල සාමාන්‍ය වසයෙන් කොන්ඩය සකස් කර ගැනීමට හැකිවිය.......කොන්ඩය පීරා සකස් කරගත් මා.....අම්මා අසලට ගියෙමි......අම්මෙ කොන්ඩෙ හොදයිද බලන්න........ගැහැනු ලමයෙකු මෙන් ඇසුවෙමි.......මගේ කොන්ඩය දෙස බැලූ ඇය.....පනාව ගෙන තවත් ලස්සන කරන්ට වූවාය......කෙල්ලන්ට වගේ මේවැඩේ මට හරියටම හුරු නෑනෙ.....අම්මා කොන්ඩයේ වැරදි නිවැරදි කරන විට මා කල්පනා කලෙමි........
සාප්පුවට ගිය අපි කෙලින්ම ගියේ ගැහැනු ලමුන්ගේ ඇදුම් තිබෙන පැත්තටය.......වෙනදාමෙන් මා ගවුන් අතගාමින් ඒවායේ හැඩබලමින් ලස්සන ඇදුම් තෝරන්ට උනෙමි.........ගවුන් කිහිපයක් සහ සාය බ්ලවුස් කිහිපයක් තෝරාගත් අම්මා ඒවා ඇද බලන ලෙස දැන්වූවාය.......අලුත් මෝස්තරවල ඇදුම් නිසා මා ඒවා ආශාවෙන් අදිමින් හැඩ බැලුවෙමි.......ඒ අතරින් කිහිපයක් තෝරාගත්තෙමි........මේ අතර අම්මා මට තවත් සායවල් සහ යට ඇදුම් කිහිපයක් ද අරන්දුන්නාය.......දුවේ ඔයාට තියෙන්නෙ එක සෙරෙප්පු ජෝඩුවයිනෙ.......තව ජෝඩු දෙකක් විතර ගම්මු.....ගෑනු ලමයෙක් උනාම සෙරෙප්පු ජෝඩු දෙක තුනක් වත් තියෙන්න ඕනැ......අදින ඇදුම් මෝස්තරේට අනුව දාගන්න.........පැවසූ අම්මා මාව මීලගට එක්ක ගියේ සෙරෙප්පු සාප්පුවකටය...... කකුලේ ප්‍රමානයට ගැහැණු සෙරෙප්පු තේරූ ඇය......ඉන් දෙකක් මිලදී ගත්තාය......සියල්ල රැගෙන නිවසට පැමිනි මට .......ඔය ඔක්කොම ටික ඔයාගෙ කාමරේ තියාගෙන කැමති ඇදුමක් ඇදගන්න කීවාය.........
මෙතෙක් කලක් මගේ ඇදුම් රාක්කයේ තිබුනේ ඇදුම් කට්ටල හතරක් පමනි.......දැන් ඒවා වැඩිවී ඇත.......අද ගවුන් දෙකක් සහ සාය බ්ලවුස් ජෝඩු දෙකක් මිලදී ගත් බැවින්.......සියලු ඇදුම් සංඛ්‍යාව දෙගුනයකටත් වඩා විශාල වී ඇත.......කෙල්ලන්ට කොච්චර ඇදුම් තිබුනත් මදි යන කියමන සනාථ කරමින් මටද දැන් කොපමන ගැහැණු ඇදුම් තිබුනත් අතිවීමක් නැත......
No comments:
Post a Comment