දහවල් අම්මා සහ තාත්තා පැමිනි විට මා ගෙදර යැමේ අදහසින් සතුටට පත්වුනෙමි. තාත්තා මගේ බිලගෙවීමට ගිය අතර. මා අම්මගෙන් ගෙන ආ ඇදුම්ටික ඉල්ලුවෙමි...........ඊයෙ ගිහින් තමා මේ ඇදුම් ටික හෝදගත්තෙ......මට ගැහැනු ඇදුම් ටිකක් දුන් අම්මා කීවාය......මම අම්මට ගේන්න කියල කිව්වෙ මේව නෙවෙයිනෙ......කලිසමකුයි සර්ට් එකකුයිනෙ....... කීවෙමි . ඔයාට දැන් ඒ ඇදුම් වැඩක් නෑ ලමයො.....මම ඒව ගෙනාවෙත් නෑ.....ඔය ටික ඇදගන්න.....ඇය කීවාය......මේව ඇදගෙන යනකොට මාව කෙල්ලෙක් වගේනෙ අම්මෙ......මා ඒවා ප්රතික්ෂේප කරමින් කීවෙමි......ඔයා දැක් කෙල්ලෙක් වගේ නැතුව කොල්ලෙක් වගේයෑ.......ඇය සිනාසෙමින් කීවාය.....මට වෙනත් විකල්පයක් නොතිබුනු බැවින් ඒවා ඇදගැනීමට පටන්ගත්තෙමි.......සුපුරුදු පරිදි යට සාය ඇදගත් මා ඇදගෙන සිටින ගවුම ඉවත්කර වෙස්ට් එක ඇද ගවුම ඇදගත්තෙමි.......අවසානයේ කාන්තා යට කලිසම ඇදගන්ට වුනෙමි......මගේ සැත්කමින් පසු යට කලිසමක් අදින පලමු අවස්ථාව මෙය විය......මා කොල්ලෙක් ලෙස සිටි සමයේද මෙවැනි කාන්තා යට කලිසම් ඇන්දෙමි. එහෙත් ඒවා අද ඇන්ද කලිසම මෙන් ඇගට තදවෙන බවක් නොදැනුනි.....දැන් ඇන්ද කලිසමද පෙර ඇද ඇතත් මෙවැනි හැගීමක් නොදැනුනු බව සිහිවිය.......ඇගට හොදින් තදවීමට හේතුව මට හිතා ගැනීමට හැකිවිය.....දැන් මගේ පිටට එල්ලුනු පුරුෂ ලිංගික පද්ධතිය නොමැති බැවින් ඇගට හොදින් තදවන බව හිතාගැනීමට හැකිවිය.......
ඔකොම හරි ලෑස්ති නම් යමු.....පැවසූ තාත්තා......තව සතියකින් නැවත පැමින පෙන්වන ලෙස දැන්වූ බව සදහන්කලේය.....වාට්ටුවෙන් පිටවීමට පෙර මා සමග කතාකල ඇන්ටී අසලට ගිය මා ඇයට යන්නම් ඇන්ටි කීවාය.......මගෙ දුවට බුදුසරනයි පැවසූ ඇය......මම කීවා ඒව මතක තියාගන්න දුවේ....ඔයා ගොඩක් පින්වන්තයි.....ඔයා ලස්සන කෙල්ලෙක් වෙලා ඉපදිලා තියෙන්නෙත් ඒ පින්බලය හින්ද......ඒ හින්ද කොල්ලෙක් වගේ වෙලා ඒ පින නැතිකරගන්න එපා......ඇය එසේ පවසන විට අම්මාද ඒ අසල සිටියාය.....අනේ මේ දුවගෙ කොන්ඩෙ වවල . කන්දෙකත් විදල කරාබු දෙකකුත් දාන්න......මේ දුව හරිම පින්වන්ත දුවෙක් එයාව ලස්සන දුවෙක් වගේ හදන්න.....ඇය අම්මාටද කීවාය......ඇය සමග සිනාසුනු අම්මාද ඇගෙන් සමුගත්තාය.....මට උපකාර කල නර්ස් ඇන්ටිලාගෙන්ද සමුගැනීමට ගියවිට ඔවුන්ද මගේ කොන්ඩය වවා ගැනීමට උපදෙස් දුන්නාය.....මාසෙමින් ගොස් තාත්තාගේ වාහනයට ගොඩවුනෙමි.......

No comments:
Post a Comment