දැන් ඒකත් හරි දැන් තියෙන්නෙ ස්කෝලෙට ඇතුලුකරන එක.... එහෙට යනකොට තාත්තත් එක්ක යන්න ඕනැ.....අපි ආපසු පැමිනෙන අතරතුර අම්මා කීවාය.......මේ දුවේ... දැන් ඔයාගෙ කන්පෙති විදල කරාබු දෙකක් දැම්මට ගැටලුවක් නෑනෙ....මම ඒක පරක්කු කලේ ඔයාට දිගටම පිරිමි ස්කෝලෙට යන්න සිද්දවුන හින්ද....හදිසියේ මතක් වූ දෙයක් ලෙස අම්මා කීවාය....අපි හෙට උදේ කන් විදගන්න යමු.....සදුද අලුත් ස්කෝලෙට යනකොට කරාබු දෙක දාගෙනම යන්න පුලුවන්නෙ......කන් විදිනවායයි අම්මා පවසන විට බය සිතුනු මා උරහිස් හකුලුවා ගත්තෙමි.....මොකද බය වුනාද.....මගේ හැසිරීම දුටු අම්මා ඇසුවාය....කන් විදිනකොට රිදෙනවනෙ අම්මෙ.....මා කීවෙමි.....ඔයාව ඇක්සිඩන්ට් උනවෙලාවෙ ඔයගෙ අතට ඉන්ජෙක්සන් කොච්චර ගැහුවද....ඇය ඇසුවාය...ඒව ගහනකොට රිදෙනවනෙ අම්මෙ....මා කීවෙමි......කන් පෙති විදිනකොට එයින් කාලක්වත් රිදෙන්නෙ නෑ ලමයො ඔන්නම් පොඩි කූබියෙක් කනව වගේ තේරෙයි......අම්මා පැහැදිලි කලාය.......එතකොට කරාබු දාගෙන ඉන්නකොට රිදෙන්නෙ නැද්ද......මා ඇසුවෙමි....ගානක්වත්නෑ.....කන්පෙතිවල කරාබු තියෙනව කියල දැනුමක්වත් නෑ ......ඇය කීවාය.
මා ගෙදර ගියපසු ඇදුම් ගලවා. නැවත කිසි දිනක පිරිමි ඇදුම් ඇදීමට ඉඩනොලැබෙන බව කල්පනා කල මා ගෙදරට අදින පිරිමි කොට කලිසමක් සහ ටී සර්ට් එකක් ඇදගෙන අම්මා අසලට ගියෙමි......මොනවද ඔය ඇදගත්තෙ.....ගලවනව ඕව.....මම ඔයාට ඕව අදින්න ඉඩදුන්නෙ පිරිමි ස්කෝලෙට යනකන් විතරයි......දැන් ඔයාට ඔය පිරිමි ඇදුම් වලින් වැඩක් නෑ.....අම්මා තරමක් සැරෙන්මෙන් පවසන්ට වූවාය.....ඇගේ කටහඩට බියවූ මා....ඉක්මනට කාමරයට ගොස් ජීවිතයේ අවසාන වරට ඇද සිටි පිරිමි ඇදුම් වලට සමුදෙමින් ඒවා ඉවත්කර මට දැන් උරුම වී ඇති ගවුමක් තෝරා ඇදගත්තෙමි.....මා ගවුම ඇදගෙන කන්නාඩි මේසයේ කැඩපතින් හැඩබලමින් ගවුම සකස්කරනවිට ......අම්මා කාමරයට ඇතුලුවනු දුටුවෙමි......බලන්න ඔයා ඔය ඇදුම් වලට කොයිතරම් හැඩද කියල......ඔයා ඔච්චර ලස්සන ගැහැනු ලමයෙක් වෙලත් නිකන් අපරාදෙ කොල්ලො අදින ඇදුම් ඇදගෙන කැතවෙන්න හදනව.....ඇය එසේ කියමින් රාක්කයේ තිබුනු පිරිමි ඇදුම් සියල්ල එකතුකරන්ටවූවාය......දැන් ඉතින් මට පිරිමි ඇදුමක් අදිනව තබා අතින්වත් අල්ලන්න හම්බවෙන්නෙ නෑ.....මා ඇය දෙසත් ඇය එකතුකල මගේ පිරිමි ඇදුම් දෙසත් බලා කල්පනා කලෙමි......මට ඔහොම වෙන්නත් ඕනැ.....මා නාට්ටිය පුහුනුවන කාලයේ මා කලදේවල් සිහිවී එසේ සිතාගත්තෙමි..මා අද පිරිමි ඇදුම් වලට කැමත්ත තිබුනත් ... ඒදවස්වල මගෙ පිරිමි ඇදුම් වලට කොච්චර පිලිකුල් කලාද ඒවට කොච්චර පයින් ගැහුවද බිමදාල පෑගුවද.....තූ කියක කෙල ගැහුවද..ඒව පේන්නවත්තියාගන්නෙ නැතුව එලියට විසිකලාද....කවදාවත් පිරිමි ඇදුම් ලැබෙන්න එපා කියල පැතුවද.........ඒ විපාක තමා අද මට පලදුන්නෙ.....මා කල්පනා කලෙමි.

No comments:
Post a Comment