පහුවදා වික්‍රම අපිව ආපහු එක්කයන්න එනව කිව්ව හින්ද අම්ම යෝජනා කලා හෙට දවල්ට මොනවහරි හොදට හදමු කියල. පහුවදා උදෙම්ම ඇහැරුන අපි.....ඒ සදහා ලෑතිවුනා. චිත්‍රත් ඉන්න හින්ද අපේ වැඩවලට ලේසිවුනා......වික්‍රම එන හින්ද අයියත් කඩේ වහල ගෙදර හිටිය. ඔහු තමයි කුස්සියට ඕනැ දෙවල් ගෙනත් දුන්නෙ.
දවල් දහය වෙනකොට වික්‍රම ආව....මම හිතුවෙ අදත් ඊයෙ ඇදගෙන හිටිය ඔසරිය පිටින්ම ඉන්නෙ කියල......මගෙ ඉනවටා අතදාගෙන ගෙට එනගමන් වික්‍රම ඇහුව.....ආ ඔයා හිතනවද මට ඒ තරන් ඔලුවෙ අමාරුවක් තියෙනව කියල....ඔහුට තුරුලුවෙලා ඇහුව මම.....ඔයා ආසනම් දැන් ඔසරියක් ඇදගෙන එන්නම්.....කිව්ව.....අනේ ඕනැ නෑ බබෝ එදා ඇදගෙනම හිටිය හින්ද මම විහිලුවට කිව්වෙ.....ඔහු මගේ නලල සිපගෙන කිව්ව. ඔහු ගෙට ගොඩවෙනකොට අම්මත් එක්ක නංගිත් ආව. අම්ම අතට ඔහු අතේ තිබුන පාර්සලේ දීල නංගි අතට පොඩි දෙයක් දුන්න. ඒක චොකලට් එකක් කියල මම දන්නෙ වික්‍රම ඇයට නිතර චොකලත් අරන්දෙන හින්ද. වික්‍රම එනකොට නංගිත් ඔහුගෙන් චොකලට් එකක් බලා පොරොත්තුවුනේ ඇය චොකලට් කන්න ඒතරම් කෑදර හින්ද..... ඔහු අයියටත් පාර්සලයක් දුන්න....ඒව මොනවද කියල මම දැනගෙන හිටියත් අහන්න ගියෙ නෑ....අයිය ඒක තියන්න කාමරේට ගියහම.....ඔක්කොටම එක එක ඒව දුන්න මට විතරයි මොකුත් නැත්තෙ....මම බොරුතරහක් මවාගෙන කිව්ව....ඔයාට දෙන්න ඒව ගොඩක් තියෙනව ඒත් මෙතැන බෑනෙ.....ඔහු හිනාවෙවී කිව්ව...කසාද බැන්ද විතරයි.....මෙයාගෙ හිතේ තියෙන ඒව.......මම ඔහුගේ මුහුනට දඹර ඇගිල්ලෙන් තට්ටුකරල කියල....ඇත්තටම මම ඔසරියක් ඇදන් එන්නද ඇහුව.....ඒ මොකටද ඔහු ඇහුව.....ඔයා ආශහින්ද මම කිව්ව.....අපි දැන් කසාද බැන්ද කියල මම ආශ හැමදේම ඔයා කරන්න යන්න ඕනැ නෑ.....ඔයාටත් නිදහසක් තියනවනෙ.....මම ඒ නිදහස නැතිකරන්න කැමතිනෑ......ඔයත් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නෑ කියල මම දන්නවනෙ.....චාරුකා.....ඔහු එසේ කිව්වෙ මා කෙරෙහි ඇති දැඩි සෙනෙහසින් කියල මට තේරුනා......ඔහු එසේ පැවසුවද සැමියා සතුටු විදියට සිටීම බිරිදගේ වගකීම බව මම කල්පනා කලා....දැන් ඔසරිය නෑන්දත් ගෙදර යනකොට ඇදගෙන යන්න හිතාගත්ත.....මම වික්‍රමට තේ ලෑස්තිද කියල බලන්න ක්කුස්සියට ගියා....චොකලට් එක තනියම කෑව නේද.....නංගි කුසියට වෙලා චොකලට් එක කනව දැක්ක මම ඇහුව.....පොඩි බේබි අපිටත් දුන මැඩම්......චිත්‍රා කිව්ව.....කෝ මට දුන්නෙ නෑනෙ.....මම කිව්වම....අක්කට දැන් අපෙන් ඕනැ නැනෙ වික්‍රම අයියගෙන් ඕනැතරම් ඉල්ලගන්න පුලුවන්නෙ.....සිනාසෙමින් කිව්ව....

No comments:
Post a Comment