ගෙදර ගියත් මම වික්රමට කිසිවක් කියන්න ගියෙ නෑ....මගේ හිතට හරි නැති වුනත් වික්රම මේ සැම වියදමක්ම කරන්නෙ එයාගෙ හිතේ කිසිම කහටක් තියාගන්නෙ නැතුව හදවතින්ම බව මට වැටහුනා. මම රෑවෙල නංගිට ඇමතුමක් ගත්ත.....නංගි තාමත් අඬනවද...... මම සිනාසෙමින් ඇහුව.....අක්කනෙ මාව අඬවන්නෙ.....නංගි කිව්ව....මම මොකටද ඔයාව අඩවන්නෙ.....මම ඇහුව......වික්රම අයිය හදන බේත බොන්න නේද හදන්නෙ.....ඇය ඇහුව......එහෙම එකක් හදල නෑ නංගී ......කිව්ව මම....ඔන්න නංගිට කොම්පියුටර් එකක් අරන් ආව....මම කියන කොට ....ඔය අත්තමද අක්කෙ....කිව්ව ඇය සිනාසෙනව ඇහුන.....අනේ අක්කේ අක්ක ලග හිටියනම් මොකද දන්නවද මම කරන්නෙ....ඇහුව......මොකක්ද.....මම ඇහුව......අක්කව වඩාගෙන ගේවටේ වටයක් දුවනව.....ඇය කිව්වම....මාව වඩා ගෙන.....ඔයා?....මම පුදුමයෙන් ඇහුව......ඔව් ඇයි බැරිද.....ඇය ඇහුව.....මේ ඇටිකිච්චියෙක් වගේ ඉන්න ඔයා මාව වඩා ගෙන ගේවටා දුවන්න ඕනැ නෑ.....නිකන් උස්සල පන්නන්න.....මම කිව්ව....අක්ක මාගාව නැති හින්දනෙ....එහෙම කිව්වෙ හිටියන් එහෙම කියන්නෙ නෑ....කිව්ව ඇය.....අනේ අක්කේ මට අක්කට.... කොහොම ආදරේ දක්වන්නද කියල මට හිතාගන්න බෑ අක්කේ...ඇගේ කටහඬේ ඇඩුම්බර ගතියක් දැනුන......මොකද දුවේ අඩන්නෙ....ලඟ හිටිය අම්ම අහනව යන්තම් ඇහුන......නෑ අම්මේ අම්ම මට කොම්පියුටරයක් අරගෙන....නංගි පිලිතුරු දෙනව ඇහුන....අක්කේ අම්මට දෙන්නම්.....ඇය අම්මට දුරකතනය දුන්න......නංගි අඩනව දුවේ....අම්ම කිව්ව....සතුටටනෙ අම්මේ.....කිව්ව මම....පවු අම්මෙ නංගිට ඒක ලොකු නිධානයක් ලැබුන වගේ.....මම කිව්ව....ගොඩක් වියදම් යන්න ඇති නේද....ඇය ඇහුව....ඔව් අම්මෙ.....මට සල්ලි ගෙවන්න දුන්නෙ නෑ වික්රම දුන්නෙ....මම කිව්ව.....ඒ ළමය ඔච්චර උදවු කරන එකේ ඇයි ඔයා එයාව අයින් කරන්න හදන්නෙ.....අම්ම ඇහුව.....මම අයින් කරන්නෙ නෑ අම්මෙ....අපේ යාලුකම එහෙමම තියනව.....මේ මෝඩිට මම කියන එක තේරෙන්නෙ නෑ......කේන්තියෙන් වගේ කියල.....ඉන්න නංගිට දෙන්න කිව්ව....ඇයි නංගි අම්ම මෝඩි කියල ඔයාට බැන්නෙ.....මම ඇහුව.....මට නෙවෙයි ඔයාටනෙ බැන්නෙ.....නංගි කිව්ව.....ඒ මොකටද.....මම ඇහුව.....ඔයා ආයෙත් අයිය වෙන්න හිතාගෙන ඉන්න හින්ද.....නංගි කිව්ව. .....මේ නංගිටයි අම්මටයි ඔලුව හොද නෑ.....මට පුලුවන්ද කෙල්ලෙක් වෙලා හැමදාම ඉන්න....ඔවුන් සමඟ කතා කලාට පස්සෙ මම කල්පනා කලා.
ටික වෙලාවක් ගතවුනා ආයෙත් දුරකතනය නාදවුනා.....අම්ම කතා කරනව ඇහුන....මොකද අම්මෙ....මම ඇහුව....මේ නංගිට ඔහේ එන්න ඕනැයි කියල නාහෙන් අඩනව දුවේ....ඇය කිව්ව.....කවුද....වික්රම ඇහුව.... අම්ම....මම සෙමින් කිව්ව.....පොඩ්ඩක් ඉන්න අම්මෙ කිව්ව මම....මේ නංගිට මෙහෙ එන්න ඕනැලුනෙ....මම වික්රමට කිව්ව.....ඉතින් එන්න කියන්න...ඔහු එකවරම කිව්ව......කවද්ද එන්නෙ.....මම ඇහුව.....ලබන මාසෙ ඉඳන් පන්ති යන හින්ද අද හෙටම යමුලු....ඇය කිව්ව.....අම්මල කොහොමද එන්නෙ.....මම ඇහුව....බස් එකෙන් එන්න පුලුවන්නෙ.....අම්ම කිව්ව.....අයියත් එනවද.....මම ඇහුව....අයියට එන්න බෑනෙ දුවේ අපි දෙන්න එනව...ඇය කිව්වම.....ඔයාලට කොළඹට එන්න පුලුවන් ඒත් මෙහෙට එන්නෙ කොහොමද මම ඇහුව.....ඇයි දුවේ ගිය සැරේ කොළඹට ඇවිත් මම කෝල් කලේ ඒවගෙ එන්නම්.....ඒත් අම්මෙ සතිය දවස්වලට වික්රමට එන්න බෑනෙ.....මම කියන්නද... අම්මල බොරැල්ලට ඇවිල්ල එතනින් ත්රී වීල් එකක් අරගෙන ලේන් එකේ නම කියන්න එතකොට එක්ක එයි....මම කිව්ව.....හරි දුවේ....අපි අනිද්ද එන්නම්.....ඇය කිව්ව...අම්මල එන හින්ද එයාට ඉන්න කාමරයක් සූදානම් කරන්න වුනා.....ඒත් නංගි ඒ කාමරයෙ නිදාගන්නෙ නැතිබවත් ඇය නිදාගන්නෙ මා ළඟ බවත් මම දැනගෙන හිටිය.ඒ හින්ද මගේ ඇද ඇයටත් එක්ක සූදානම් කලා...
කිව්ව වගේ අම්ම නංගිත් එක්ක ආව.....මම අම්මගෙ දෙපා වැද පිලිගත්තට පස්සෙ නංගි මාව බදාගෙන මාව සිපගන්න පටන්ගත්ත. මම ඔව්න්ට කාමරේ පෙන්නුව.....කමරෙන් බෑක් එක තිබ්බ නංගි අක්කගෙ කාමරේ කොයි එකද ඇහුව....මම ඇයට ඒක පෙන්නුව.....ඔන්න අක්කේ මෙහෙන් යනකන් මම ඉන්නෙ අක්ක්ත් එක්ක....ඇය මගේ ඇදේ නිදාගෙන කිව්ව.....ඔය කොට්ට දෙකක් දාල හැදුවෙ ඔයත් මේකට එනබව දන්න හින්ද....මම කිව්ව.....කෝ අක්කෙ ගත්ත කොම්පියුටරේ.....ඇය ඇහුවම මම ඒක දාල තිබුන පෙට්ටිය පෙන්නල...අර තියෙන්නෙ.... කිව්ව....ඇය ඒක බලනකොට ....ගෙදර ගිහින් වික්රම අයියට කියල හයි කරගන්න....මම කිව්ව

No comments:
Post a Comment