අපේ නැකැත් වෙලාව කිට්ටුවෙනකොට ලියා පදිංචි නිලධාරියා අපේ කසාදය සඳහා දුවුරුම් ලබාගනිමින් නැකැත් වෙලාවට අත්සන් ලබාගත්ත. මගේ අතිජාති මිත්‍රයාට මගේ මුලු ජීවිතයම භාරවුනා කියල. මට මේවෙලාවෙ හිතෙන්න ගත්ත. ඔහු මට පලදවන්න මුද්දක් ගෙනැල්ල කියල දැකගන්න ලැබුනෙ වික්‍රම මගේ ඇගිල්ල අල්ලගෙන මුද්ද දානකොට.....දැන් මම කොහොමද වික්‍රමට මුද්දක් දාන්නෙ....මම කල්පනාකරනකොට අයිය මගේ අතට පිරිමි මුද්දක් දීල මේක දාන්න කිව්ව...... චායාරූප සිල්පියා අපේ කසාදේ විශේෂ අවස්ථා චායාරූප ගතකරන්න පටන්ගත්ත.
විවාහයෙන් පස්සෙ අයිය අපිව එක්කගියේ කොළඹ හෝටලයකට.වික්‍රමයි අපේ අයියයි එකතුවෙලා අපේ විවාහය වෙනුවෙන් සුලු උත්සවයක් ලැස්ස්තිකරල තියෙනව කියල දැනගත්තෙ එහෙදි ලස්සනට සරසල තිබුන පොඩි කේක් එකක් කැපුව වික්‍රම මට කැල්ලක් කැව්ව. මාත් කෑල්ලක් කපල ඔහුට කැවුව. අපි මෙහෙම කරනකොට ඔක්කොමල්ල අප්පුඩි ගහල සතුටුවෙනව දැක්ක. ඒ අතර නංගි මේ ඔක්කොවෙටම වඩා සතුටුවෙනබව දැකගන්න ලැබුන. ඊට පස්සෙ චායාරූප සිල්පියා අපිව විවිධ ඉරියවුවලින් තබමින් චායාරූප ගතකරන්න පටන්ගත්ත අතර මේ නිසා සියලුදෙනාම ඉදිරිපිට අපිට සිප වැලදගැනීමට සිදුවුනා. දහවල් කෑමෙන් පස්සෙ අපි අයියත් එක්ක අප්පහුගෙදර යන්න පිටත්වෙන්න හදනකොට.......අපේ ගෙදර අය ඔයාල එක්කම ගෙදර යනව කිව්ව.....මම ඔයාලව එක්ක එන්න හෙට උදේට එන්නම්.....වික්‍රම කාටවත් නෑසෙන්න මට කිව්ව.....එහෙනම් හෙට අපි ලෑස්තිවෙලා ඉන්නම්....මම කිව්ව.
ගෙදර ගිය හැටියෙ මගේ මුහුන කිහිපවරක් සිපගත්ත නංගි අම්මෝ ඇතියන්තම් දැන් තමයි මගෙ ඇගට ලේටිකක් ඉනුවෙ.....නංගි කිව්වම......ඒ ඇයි..... මම ඇහුව.....මම බයවෙලානෙ හිටියෙ.....නංගි කිව්ව......ඇයි වික්‍රම අයිය මාව බදින එකක් නෑ කියලද....මම ඇහුව.....ඒකටමත් නෙවෙයි....ඉතින්....නංගි අද්දමින් කිව්ව.....එහෙනම් වෙනමොකටද.....මම පුදුමයෙන් ඇහුව.....ඒක කිව්වෙ නැතුවට කමක් නෑ.....දැන් ඔක්කොම හරිනේ.....ඇය නියම පිලිතුර නොදී එසේ පැවසුවා.....මොකක්ද ඔයාට වෙලා තිබුන ගැටලුව.....මම ආපහු කොල්ලෙක් වෙයි කියද..ඇහුව මම....එහෙමනම් හිතන්න එපා නංගි කවදාවත් ඒකනම් සිද්දවෙන්නෙ නෑ......මම කිව්ව.....මම දන්නව අක්ක ආයෙත් අයිය වෙන්නෙ නෑ කියල......ඒ වුනාට මම බයේ හිටියෙ වෙන දේකට.....ඇය මාව කුතුහලයට පත්කරමින් පැවසුව.
No comments:
Post a Comment