නංගි කොළඹ ඇවිත් මාස හයක් විතර ගතවුනා.....දවසක් වික්රම හරිම සතුටින් ගෙදර ආවබව දැක්ක.....මොකද වික්රම අද කවදාවත් නැති සතුටකින්........මම ඇහුව....සතුටු නැද්ද කෙල්ලෙ මම ෆෝමියුලා එක හොයාගත්තනෙ.....කිව්ව.....එහෙනම් මට ආයෙත් හිටිය තත්වෙට යන්න පුලුවන්ද.....මම සතුටින් ඇහුව.....ඔව් දැන් ඔයාගෙ වැඩේ හරි යාගෙන එන්නෙ.....කිව්ව ඔහු ....ඒත් තාම පරියේක්ෂන මට්ටමේ තියෙන්නෙ.....මට දැන්නම් සියෙයට සීයක් සුවර් ඒක හරියනව කියල....ඔහු විශ්වාසයෙන් යුතුව පැවසුවා....ඔහු මෙය සොයාගත්තා යනුවෙන් පැවසුවද තාමත් පරීක්ෂණ මට්ටමේ ඇති නිසා මට යම් සැකයක් ඇති වුනා.....අනේ මන්ද ඕක කවද හරි යයිද කියල....ඕවගේ කීදවසක් කිව්වද හරියාගෙන එන්නෙ කියල ඒත් හරිගියාද.....මම හිතන්නෙ නෑ මේ සැරෙත් හරියයි කියල....දැන් මාව කෙල්ලෙක් වෙලා අවුරුදු දෙකක් විතර වෙලා මට
දැන් ඉස්සර තිබුනු පිරිමි ජීවිතෙත් අමතක වෙලා වගේ.....මේ ගැහැනු ජීවිතේට පුරුදුවුනු හින්ද ආයෙත් පිරිමියෙක් උනොත් ගෑනියෙක් වගේ හැසිරෙයිද මන්ද.....සමහර පිරිමි ඉන්නවනෙ ගෑනු වගේ....ඒ අයට මිනිස්සු කොච්චර කොලොප්පන් කරනවද අපහාස කරනවද....මේ බේත හොයාගන්න දවස් වෙනකොට මාවත් ගෑනු ජීවිතේට හුරුවෙලා පිරිමියෙක් උනත් ඒක ඇරගන්න පුලුවන්වෙයිද මන්ද.....මම කල්පනා කරන්න වුනා.
අක්ක දන්නවද සමහර පිරිමි ඔපරේශන් කරවගෙන ගෑනු වෙලා ඉන්නව......දවසක් නංගි පරිඝණකය ළඟ ඉදගෙන කිව්ව.....කවුද නංගි ඒ මෝඩ වැඩේ කරන්න කැමතිවෙන්නෙ...මම පුදුමයෙන් ඇහුව......ආපෝ අක්ක දන්නෙ නැතිවුනාට.....දාස්ගනන් පිරිමි මේ වැඩේ කරවගෙන ගෑනුවෙලා ඉන්නව..නංගි කොහොමද දන්නෙ මම ඇහුව.....මාත් ඉස්සර දැනගෙන හිටියෙ නෑ ....නෙට් එකට ගියාම අහම්බෙන් වගේ දැක්කෙ.....සච් කරල බැලුවම එහෙම කරන හැටිත් තියනවනෙ.....සිනාසෙමින් කී ඇය...මේ බලන්න.... එක්කෙනෙක් කියල ලස්සන ගෑණු එක්කෙනෙකුගේ පින්තූරයක් පෙන්නුවා......ගෑනු කෙනෙක්නෙ.... පිරිමියෙක් වෙන්නෙ කොහොමද.....මම ඇහුව......අක්කව දැක්කම අක්ක ඉස්සර පිරිමියෙක් කියල කියන්න පුලුවන්ද....ඇය මගෙන් ප්රශ්න කලා.....ඒකත් ඇත්ත.....මම කල්පනා කලා..... අක්කට ඕනෙනම් මෙකට ගිහින් බලන්න කියල හොයන්න ඕනැ වචන ටිකක් දුන්න.....
පහුවදා නංගි ගියාට පස්සෙ මම ඒ ගැන හොයන්න පටන්ගත්ත.....දැන් බලනකොට ගැහැනු වෙන්න කැමති පිරිමි කොයිතරම් ඉන්නවද.....මාව පොඩි බේතකින් විතරක් කෙල්ලෙක් උනා.....ඒත් ගෑනු වෙන්න මේ අය කොයිතරම් දුක් විදිනවද..මේ සැත්කම් වලට කොචර ලක්ෂ ගනන් වියදම් කරනවද.... ..එත් මට වගේ සම්පූරන ගෑනුකම ලබන්නත් බෑ.....එයාලට ලමයි හම්බවෙන්නෙත් නෑ කියල මම දැක්ක......ඇයි පිරිමි ගැනුවෙන්න මේතරම් කැමති.... මට ගැටලුවක් ඇතිවුනා.
තවත් මාසයක් විතර ගතවුනා......වැඩේ හරි වසන්තී....දැන් අපිට ඔයාට වසන්ති කියල කතාකරන්න ඕනැවෙන එකක් නෑ..වැඩට ගොස් පැමිනි වික්රම ඉතමත් සතුටින් යුතුව පැවසුවා......ඔයා බේත හොයා ගත්තද....මම ඇහුව.....මේ තියෙන්නෙ ඒ බේත......මම මේක හොයාගන්න කොච්චර මහන්සිවුනාද....ඒ මහන්සිය හරිගියා....ඔයාගෙත් බලාපොරොත්තුව ඉටුවුනා.....ඔහු සතුටින් කියන්න වුනා.....මේ බෙත් පෙත්තක්....රෑ කෑමෙන් පස්සෙ බොන්න.....අනිත් එක හෙට රෑ කෑමෙන් පස්සෙ බොන්න.....අනික් වෙලාවට එහෙම බොන්න එපා....ඔහු ඒ දෙක මගේ අතට දීල නිවැරදිව පාවිච්චි කරන ලෙස තරයේ කියා සිටිය.....වරැදි විදියට පාවිච්චි කරන්න එහෙම එපා...එහෙම කලොත් ඔයාව විකුර්ති වෙයි....ඔහු අනතුරු හැගෙව්ව....කොච්චර කාලෙක ඉදල මම මේ බේත ගැන බලාගෙන හිටියද.....දැන් ඒකත් හරි.....මම සතුටින් යුතුව කල්පනා කලා.....මට මගේ යාලුව හිතෙන් දුක්විදිනව බලාගෙන ඉන්න බෑ.....දැන් ඔයා ආපහු පිරිමියෙක් උනාම මගෙත් හිතට සතුටුයි. ඔයා ආපහු පිරිමියෙක් උනාම අපි ඉස්සර වගේ යාලුකම දිගටම අරගෙන යමු.....ඔහු පවසන්ට වුනා.

No comments:
Post a Comment