පහුවදා සවස හතර වෙනකොට අයිය ආව.....වාඩිවෙන්නකො අයියෙ....කිව්ව මම.....වික්රම තවටිකකින් එයි කිව්ව....නංගිට මෙහෙ ඉදගෙන කැම්පස් යන්න පුලුවන්නම් හරිම ලේසියි. .ඔයා ඉන්න හින්ද එයාට ආරක්ෂාවත් තියනව...ඒත් නංගියේ ඔයාගෙ ප්රශ්නෙත් වික්රමට තියෙන එකේ නංගිගෙ ප්රශ්නෙත් එයාට දෙන්න පුලුවන්ද.....අයිය ඇහුව....මම කිව්ව අයියෙ....ඒත් එයා කියන්නෙ නංගිව එක්ක එන්න කියල....මම කිව්ව. අපි මෙහෙම කතාකරමින් ඉන්න කොට වික්රම ආව....ඔයා එනව කියල වසන්ති ඊයෙ කිව්ව හින්ද අද මම ටිකක් ඉක්මනට ආව.....කිව්ව වික්රම කාමරේට ගියා.....චිත්රා අපිට තේ අරගෙන ආව. වික්රම ඇදුම් මාරුකරගෙන අයිය ගාවින් වාඩිවෙලා කේක් කෑලක් අතට අරගෙන.....ඉතින් සුරංග මාව හම්බවෙන්න ඕනැ කිව්වෙ මොකද....ඇහුව....මට මේ නංගි කිව්ව අපේ නංගිව මෙහෙ නවත්තන්න කිව්ව කියල....ඔහු කිවම.....ඉතින් ඒකෙ වැරැද්දක් නැනෙ.....මෙහෙ ඉදන් යන්න්න හරි ලෙසියිනෙ.....එයාගෙ අක්කත් ඉන්නෙ මෙහෙනෙ.....මමයි කිව්වෙ මෙහෙ නවත්තන්න කියල.....වික්රම ඔහුට කිව්ව....ඔව් ඩොක්ට නංගි මට කිව්ව.....ඒත් ඩොක්ට අපේ මල්ලිට සිද්දවුන දේට කරදරයෙන් ඉන්න ඔයාට තව කරදරයක් දාන්නෙ කොහොමද.....අයිය ඇහුව.....ඕක මොන කරදරයක්ද සුරංග .....මොකද මම එයාව කරේ තියාගෙන ඉනවයෑ...මෙහෙ ඕනැතරම් ඉඩ තියෙනව.....අපිට කිසි කරදරයක් නෑ.....වික්රම කිව්ව....එහෙනම් නංගිව මෙහෙ නවත්තන්නම් එයාගෙ කෑම බීම ගැන අපි බලන්නම්.....අයිය කිව්ව....ඇයි එයාට දවසකට ටොන් ගනන් කන්න ඕනැද....එයා සද්ධන්ත ඇතින්නක්ද... සිනාසෙමින්.....ඇහුව ඔහු.....එයාට නෙවෙයි සුරංග ඔයාල ඔක්කොම ආවත් මට කන්න බොන්න දෙන්න බැරිකමක් නෑ........වික්රම මෙහෙම කිව්වම අයිය මගේ මුහුන දිහා බලල....ඩොක්ටටනම් ප්රශ්නයක් නෑ තමයි....ඒත් අපේ හිතට මොකක්ද වගේනෙ..අනිත් එක...ඩොක්ටගෙ ගෙදරටට මේව ආරංචිවුනොත් තවත් ගැටලුවක්නෙ.....අයිය කිව්ව...අපේ ගෙදර අයද....කියල හිනාවුන ඔහු.....අපේ ගෙදර අය මේව හොයන්නෙ නෑ....එයාල හොයන්නෙ සල්ලි ගැන විතරයි.....අම්ම මේ දවස්වල මට කසාද බදින්න කෙල්ලොනම් හොයනව.....එනසතියට කාවද බලන්න යමු කියල අද කතා කලා.....සෙනසුරාද ගිහින් බලල එනව....අම්මගෙ හිත නරක් කරන්න හොද නෑනෙ.... කියල ඔහු හිනාවුනා......ඇයි ඩොක්ට කසාද බදින්න කැමති නැද්ද ....අයිය ඇහුව.....ටිකක්වෙලා කල්පනාවක නිරතවුන වික්රම.....මම කැමති එක්කෙනා හම්බවුනොත් බදිනව...ඒත් එයාව බදින්න මට වාසනව නෑ....ඔහු දුක්බරව පැවසුව......ඇයි ගෙදරින් ප්රශ්නයක්ද.....අයිය ඇහුව.....ගෙදරින් කිසිම ප්රශ්නයක් නෑ.... එයාල කියල තියෙන්නෙ කැමති කෙනෙක් ඉන්නවනම් බදින්න කියල.....එයාලට ප්රශ්නෙ තියෙන්නෙ මම බදින්නෙ නැතුව ඉදියි කියල.....ඔහු කිව්ව.....එහෙනම් එයා කැමති නැද්ද.....අයිය එහෙම ඇහුවම....වික්රම මා දිහා දුකෙන් වගේ බලල..ආයෙත් බිමබලාගෙන....අනේ මන්ද....කියල මොකුත් නොකිය....එහෙනම් සුරංග නංගිව ගෙනත් ඇරලන්නකො....කියල ඒ මාතෘකාව වෙනතකට යොමුකලා....
අක්කේ ලබන සඳුදා කැම්පස් එකට එන්න කියල දන්වල එවල තියෙනව...අයිය කිව්ව සෙනසුරාදා මාව ගෙනත් ඇරලන්නම් කියල......නංගි කතාකරල කිව්ව.....අම්මත් එනව නේද....මම ඇහුව....ඔව් අක්කෙ....සදුද කැම්පස් එකට යන්න වෙන්නෙත් අම්මත් එක්කනෙ....නංගි කිව්ව......අක්කේ මට වෙන කාමර එහෙම දෙන්න එපා මම ඉන්නෙ අක්කගෙ කාමරේ.....ඇය තවදුරටත් කිව්ව....හරි හරි එන්නකො නංගි .....කිව්ව මම ඔයාගෙ කොම්පියුටර් එකත් ගේනව නේද මම ඇහුව....ඔව් අක්කෙ නැතුව බෑනෙ .....ඇය කිව්ව.
මම ඇයවෙනුවෙන් මගේ කාමරේ පිලියෙල කරන්න පටන්ගත්ත එයාගෙ ඇදුම් දාගන්න අල්මරියේ වෙනම කොටසක් වෙන්කලා....කොම්පියුටරේ තියාගන්න තැනකුත් හරිගැස්සුව. දැන් කවද්ද මැඩම් පුංචි නෝන එන්නෙ....මම කුස්සියට ගියාම චිත්රා ඇහුව....ලබන ඉරිද එනව කිව්ව....මම කිව්ව....හරි සිදේවි නෝන.....එයා ඉන්නකොට කිසි පාලුවක් දැනෙන්නෙ නෑ නිතරම විහිලු කකකර හිනාවෙනව...චිත්රා ඇය එනවට සතුටින් කතාකලා. මම මේ ආරංචිය වික්රමට කිව්වම.....නංගිට හොද කාමරයක් පිලියෙල කරන්න.....කිව්ව.....එයාට ඕනැ කියන්නෙ මගෙ කාමරෙමනෙ වික්රම .....මම ඒක හරිගැස්සුව.....ඔයාට කරදර නැද්ද....ඔහු ඇහුව.....අනේ නෑ වික්රම.....ඔහේ මම ගාව හිටියාවෙ..මම කිව්ව...ඔහොම ලග තියාගෙන හිටියට... මම බෙහෙත හැදුවොත් ඔයාට එයාගෙන් අයින්වෙන්න වෙනව නේද......ඔහු ඇහුව.....එදාට මොකක් හරි කරනව....කිව්ව මම.....දැන් කවද්ද ඕක හදන්නෙ ඇහුව......මට හිතෙන්නෙ තව වැඩිකල් යන එකක් නෑ කියල......වික්රම පැවසුවා.....

No comments:
Post a Comment