මම නංගි ගාව නිදාගත්තට පස්සෙ ඇයත් මට තුරුලුවෙලා නිදාගත්ත.....රෑ ඇහැරුන මට හැංගුව පෙත්ත මතක් වෙලා නංගිට නොදැනෙන්න අරන් ඇවිත් අල්මරිය ඇතුලෙන් තිබ්බ.....ඒ පෙත්ත බොනවද නැද්ද මම ආයෙත් ඇදේ ඇලවෙලා කල්පනා කලා....බොනවනම් හෙට රෑට බොන්න ඕනැ....කියල හිතුන මට ආයෙත් කොල්ලෙක් උනාම මට තිබෙන වාසි මොනවද යන්න තව දුරටත් කල්පනා කලා.....කොල්ලෙක් උනාම වැඩිය පරිස්සම් වෙන්න ඕනැ නෑ ඕනැ දිහාක තනියම උනත් යන්න පුලුවන්.....කසාද බැන්දම බබාල හම්බවෙන්නෙත් නෑ....මම අහල තියෙනව බබාල හම්බවෙනකොට ගෑනු අය හරියට වේදනා විදිනව කියල ඒත් කොල්ලෙක් උනාම ඒ වේදනාව විදින්න වෙන්නෙ නෑ....ඒත් අම්ම කෙනෙක් වෙන එක කොයිතරම් වටිනවද.....මාත් මේ විදියට හිටියොත් ඒ උත්තරීතර මවුපදවිය ලබාගන්න පුලුවන්වෙයි......
කොල්ලෙක් උනාම සම්පූරනයෙන්ම පවුලෙ බර කරට ගන්න වෙනව....බිරිදට ළමයින්ට මොන ජාතියෙන් හරි කන්න බොන්න සලකන්න වෙනව.....බිරිදක් උනාම ඒතරම් දෙයක් නෑ එයාලට තියෙන්නෙ ගෙදර වැඩටික බලාගන්නයි....ලමයි බලාගන්නයි විතරයි.....අනිත් හැම ප්‍රශ්නයටම මුහුන දෙන්න වෙන්නෙ පිරිමියට....මම දැන් ගැනියෙක් උන හින්ද වික්‍රමට කිව්වත් නොකිවත් හැමදේම කලා....ඉස්සර යාලුව වුනත් ඒවගෙ හැමදෙයක්ම වික්‍රම මට කරල දුන්නෙ නෑ....මම පිරිමියෙක් හින්ද ඒ හැමදෙයක්ම කිව්වෙත් නෑ.....මට කොච්චර ලස්සන ඇදුම් අරන්දුන්නද රත්තරන් ආභරන අරන්දුන්නද......කොල්ලෙක් උනානම් ලැජ්ජ නැතුව සර්ට් එකක්වත් අරන්දෙන්න කියන්න පුලුවන්ද....එක අතකට බලන කොට කෙල්ලෙන්ට කොච්චර ලස්සන ඇදුම් පැලදුම් තියෙනවද.....ඒව ඇන්දම කොයිතරම් ලස්සනද....මට තියෙන්නෙ ලස්සන ගැහැනු රූපයක් හින්ද තවත් ලස්සනයි.....මේ හැම දෙයක් ම තියාගෙන ඇයි මම ආපහු කොල්ලෙක්වෙන්න මේතරම් වලිකන්නෙ.....මම සෑහෙන වෙලාවක් කල්පනා කලා.
පහුවදා උදැසන නැගිටල මුහුන හෝදලා ගවුමක් ඇදගෙන කුස්සිය දිහාට යන කොට වික්‍රම කාමරෙන් එලියට ආව....ඊයෙ රෑවත් බිව්වද.....ඔහු ඇහුව....නෑ....මම කෙටි පිලිතුරක් දුන්න...ඒ මොකද.....ඔහු ඇහුව.....මම මොකුත් නොකිය වික්‍රමගෙ කාමරේ ඇතුලට ගියා......මාව කෙල්ලෙක් උනාට පස්සෙ වික්‍රම ගෙන් අවසර නොගෙන කාමරේ ඇතුලට ගිය පලවෙනි දවස අද වුනා....මොකද මේ කවදාවත් නැතුව..ඇහුව..වික්‍රම පුදුම වෙලා වගේ මා පස්සෙන් කාමරේ ඇතුලට ඇවිත්..... මොකද උනේ ඇහුව.....ඔහු ඇතුලට ආවට පස්සෙ මම ඔහුගෙ කමරේ දොර වැහුවෙ නංගිට හරි චිත්‍රාට හරි අපිකියන දේවල් ඇහෙන හින්ද.....වික්‍රම පුදුම වෙලා වගේ මාදිහා බලා ඉන්නව මම දැක්ක....මොකද උනේ වසන්ති.....ඔහු ආයෙත් ඇහුව.....මම කිසිදෙයක් නොකිය වික්‍රමගෙ මුහුන දුහා බලාගෙන හිටිය.....මොකද උනේ කියල කියන්නකෝ....ඔයා දන්නවනෙ මම ඔය බේත හදන්න කොයිතරම් මහන්සි වුනාද කියල.....මම හරිම සතුටින් හිටියෙ ඔයා ඒක ඉක්මනටන්ම බොයි කියල.....කිව්ව ඔහු.....ඔයා මගෙ හොදම යාලුව වසන්ති....ඔයා මගෙ හොදම යාලුව.....මගෙ අතින් ඔයාට වැරැද්දක් උනා.....මට දැන් ඉඩදෙන්න වසන්ති ඒ වැරැද්ද නිවැරදි කරගන්න....මම ඔහු දිහා බලාගෙන ඉන්න කොට ඔහු කියාගෙන ගියා...

No comments:
Post a Comment