මම නිදාගත්තම නංගි මට තුරුලුවෙලා.....අක්ක හෙට යනවනෙ....මට හරි දුකයි අක්කෙ....ඒත් කමක් නෑ මම හිත හදාගන්නම්.....කිව්ව ඇය....අක්ක මට කොම්පියුටර් එක අරන්දෙනව නේද....ඇහුව.....ඔව් නංගි ගිය ගමන් වික්‍රම අයිය එක්ක එකක් බලන්න යනව....මට වඩා වික්‍රම අයිය ඒව ගැන හොදට දන්නව....මම කිව්ව....ගේන්නෙ කොහොමද අපි එන්නද ඇය ඇහුව.....අරගෙන කියන්නම්කො.....මම කිව්ව......ඇය වෙනදට වඩා මට තුරුලුවුනේ හෙට මම යන හින්දයි කියල මට තෙරුනා. මම ඇයව හොඳට තුරුලු කරගත්ත. මම ආපහු යන නිසා ඇය දුක්වෙන බව දකින කොට මට ඇය ගැන විශාල දුකක් ඇතිවුනා. ඇයට ඕනැ මාව හැමදාම අක්ක විදියට තියාගන්න....ඒත් මට පුලුවන්ද එහෙම කරන්න......කවද හරි පුලුවන් විච්චගමන් මම ආයෙත් පිරිමියෙක් වෙනව....මම හිතාගත්ත.
මම උදෑසන ඇහැරුනු ගමන් නංගිත් ඇහැරුනා....අක්ක අද යනව නේද ඇය මම දිහා බලල කිව්ව....ඔව් නංගි යන්න ඕනැනෙ....ආයෙත් ටිකක්කල් ඉන්න එන්නම්කො....මම කිව්ව....අයිය කෙනෙක් වෙලානම් එන්න එපා....ඇය කිව්ව....එහෙම නෑ....මම පිලිතුරු දුන්න.....අපි දෙන්න එක්කම ගිහින් මුහුන හෝදගත්ත...අම්ම කුස්සියෙ ඉදිආප්ප හදනව දැක්ක හින්ද ඇයට උදවු කලා....දුවේ මොනව හරි හදන්න ඕනැ....අල හොදි ටිකක් හදමු නේද ...අම්ම ඇහුව.....මම අල ටිකක් අරගෙන තැම්බෙන්න තියල පොල් ගාන්න පටන් ගත්ත....සම්බෝලෙකටත් එක්කම ගාන්න දුවේ....අම්ම කිව්ව.....මම පොල් ගාන අතර තුර නංගි අම්මට ඉදිආප්ප මිරිකන්න උදවු කලා.....මම දැක්ක වික්‍රම නැගිටලා නාන කාමරේ දිහාට යනව.....මම එයා ගාවට ගිහින් ....අපි ඉදිආප්ප හදනව කාලම යමුනේද.....වික්‍රමගෙන් ඇහුව.....හදන්නකො වසන්ති....කාලම යමු.....කිව්ව ඔහු නාන කාමරේ ඇතුලට ගියා. හොද්ද ලිපේ තිබ්බ මම අම්ම හිටපු නැති හින්ද නංගිට හොද්ද බලාගන්න කියල නාන කාමරේ දිහාට ගියා.....යන කොට අම්මයි අයියයි මොකක්ද බර සාකච්චාවක් වගේ ඇහිල පොඩ්ඩක් නැවතුනා....මම ලග ඉන්න බව එයාල දැක්කෙ නෑ......දැන් එයාට රස්සවත් නෑ...කොල්ලෙක් උනාම රස්සාවක් නැතුව කොහොමද.....අම්ම ඇහුව.....වික්‍රම ඒ බේත් හොයාගන්නව කියල හරියටම කිව්වෙ නෑනෙ අම්මෙ....එයා කිව්වෙ බයවෙන්න එපා ලගදිම හොයාගන්න පුලුවන් වෙයි කියල....අයිය කිව්ව....ඒ බේත නැතත් ප්‍රශ්නයක් නෑනෙ පුතේ වික්‍රම මෙයාව කසාද බදින්න කැමතිනම් ඔහොම හිටිය කියල මොකක්ද තියෙන ප්‍රශ්නෙ..අම්ම කිව්ව...ඒ වුනාට වික්‍රම කියනවනෙ....නංගිට ආයෙත් හිටපු තත්වෙට යන්න ඕනැ කියනව කියල...අයිය කියනව ඇහුන....වික්‍රම කියන්නෙ හොයලවත් හොයාගන්න පුලුවන් ලමයෙක් ද මොනවයෙන් අඩුපාඩුද...එහෙම එකේ ඇයි එයාව අතහරින්න හදන්නෙ.....එහෙම කියන්න එපා අම්මෙ....එයාගෙ කැමැත්තනෙ .... එයා කැමති නැතුව ඇති දිගටම ගැහැනියෙක් විදියට ඉන්න.....කිව්ව අයිය....මම තව සාප්පුවක් දාන්න හිතාගෙන ඉන්නෙ....නංගි ආයෙත් පිරිමියෙක් උනාම මම ඒ කඩේ එයාට බාර දෙන්නම්...අයිය කියනව ඇහුන....ඒ වුනාට පුතේ මේ අතට ආව චාන්ස් එකනෙ නැතිකරගන්න හදන්නෙ.....අම්ම දුකෙන් වගේ කියනව ඇහුන.....නංගිට ආයෙත් කොල්ලෙක් වෙන්න නොදී ඔය විදියට දුකෙන් ඉන්න දෙන්න එපා අම්මෙ....අයිය කිව්ව......මටනම් තේරුනේ නෑ ඒ ලමය දුකෙන් ඉන්නව.....මේ දවස් ටිකේ අක්කයි නංගියි පුදුම සතුටකින්නෙ හිටියෙ.....මටනම් මත නෑ ඒ දෙන්න මේ දවස් ටිකේ හිටිය වගේ සතුටින් හිටිය දවසක්....අම්ම කියනව ඇහුන.....මොනව කරගන්නද ලොකු පුතේ නංගිගෙ කැමැත්තනෙ.....කිව්ව අම්ම අයිය ගාවින් යනකොට මම හෙමින් සැරේ නාන කාමරේ ඇතුලට ගියා.....

No comments:
Post a Comment