ඉස්සර අපි දෙන්න හොද යාලුවො. අපි කොච්චර යාලුවො වුනත් අපිදෙන්න මේවගෙ තුරුලු කරගෙන ඉදල නෑ....දැන් අපිදෙන්නගෙ තියෙන්නෙ පිරිමියෙකුයි ගැහැනියෙකුයි අතරෙ තියෙන ආදරයක්.....ඒක යහලු කමක් නෙවෙයි ඊට වඩා ගැඹූරට ගිය ආදරයක් ....අපේ තිබුන ඒ හිතවත් කම මේවගේ ආදරයකට පෙරලුනාම ඒ දැනෙන ආදරය හිතාගන්නවත් බැරිවිදියට මුලු සිරුර තුලටම කා වැදෙනව කියල තේරෙන්නෙ මේ වෙලාවට......මම කල්පනා කරමින් ඔහුට හැකිතරම් ආදරය කිරීමට ඉඩදුන්න..... පැය භාගයක විතර කාලයක් මේ විදියට වික්‍රම මාව සිපගත්ත.
මම ආපහු කාමරේට යනකොට නංගි මොනවද ලියමින් හිටිය.....මොකද හදිස්සියෙ කතාකලේ....නංගි ඇහුව....එයා මගෙ වෛද්‍ය වාර්තාව හදනවනෙ නංගි ඒක ගැන කතාකරන්න අඩගහල තියෙන්නෙ....මම කිව්ව....ඔයාව ඇත්තටම කෙල්ලෙක් වෙලාද කියල චෙක්කලාද....ඇය සිනාසෙමින් ඇහුව.....එයාට ඒක චෙක් කරන්න දෙයක් නෑ එයා දන්නව....මම කිව්ව.....ඒක නෙවෙයි නංගි මට අර බෙහෙත් පෙති දෙක ආපහු දෙන්න බැරි වුනානෙ කියල අල්මාරිය ඇරිය.....මොන බේත්පෙතිද.....ඇය ඇහුව.....ඇයි අනේ මට බොන්න කියල දුන්න බේත් පෙති දෙක....මම ඒ දෙක අතට අරගෙන කිව්ව.....කෝ බලන්නෙ...නංගි මා ළඟට ඇවිත් ඉල්ලුව....රෑට රෑට මේ දෙක බිව්වනම් මාව ආයෙත් කොල්ලෙක් වෙනවලු.....දැන් ඉතින් මට මේව ඕනැනෑ......ඔයා කැමතිනම් බොන්න....මම නංගිට කිව්ව......ඒ මොකටද.....ඇය ඇහුව.....මොකටද කියල අහන්නෙ මේව බිව්වම කොල්ලෙක් වෙනවනෙ......මම කිව්ව.....එතකොට ඔයා මගෙ මල්ලි.....මම සිනාසෙමින් කිව්ව.....අපෝ මට කොල්ලෙක් වෙන්න ඕනැ නෑ.....ඕව අක්ක බොන්නත් එපා.....ඉක්මනට ගිහින් දෙන්න....ඇය පිරිමි කම ප්‍රතික්ෂේප කරමින් කිව්ව....මම ඒ දෙක ආපහු වික්‍රමට දුන්න.....
එදා ඉදන් හැමදාම හවසට වික්‍රමට මාව හුරතල් කරන්න ඕනැවුනා.....ඒවගේම මටත් ඔහු නැතුව බැරුවගියා....ඔහු වෙනදා නොතිබුනු තරමට මා ගැන සොයා බලන්න මගේ අඩුපාඩු සපුරාලිමට දැඩි උනන්දුවක් ඇතිබව තෙරුම් ගියා.... සතියක් විතර ගියාට පස්සෙ මගේ නම චාරුකා නෙත්මි කියල දාන්න නංගි යෝජනා කලා.....ඒකට කවුරුත් කැමති වුන හින්ද ඒ නම වික්‍රමට දුන්න.....එදා ඉදන් වික්‍රම මට කතාකලේ චාරුකා කියල....සමහර වෙලාවට නෙත්මිත් කියනව......මගේ වෛද්‍යවාර්තාව ගත්ත වික්‍රම එය මගේ පැරනි උපැන්නයත් එක්ක වෙනස් කිරීමට ඉදිරිපත් කල බව පැවසුවා....මේ වැඩේට මාස කිහිපයක් යයි....චාරුකා.....ඔහු කිවව....
මාසකිහිපයක් ගතවුනා ඒ කාලය අපි ඉතාමත් සතුටින් හිටියා.....දවසක් උදේවරුවෙ මගේ අලුත් උපැන්න සහතිකේ තැපෑලෙන් ආව......මම ඒක කියවලා බැලුව.....ලිංගය ගැහැනු....කියල සඳහන් වෙලා තිබුනු අතර නම චාරුකා නෙත්මි.....යනුවෙන් සදහන් වෙලා තිබුනා....දැන් මාව නීතියෙනුත් ගෑනියෙක් කියල පිලිඅරන් ඉවරයි.....ආයෙත් මට කොල්ලෙක් වෙන්න ඕනැ නෑ....මට ලැබුනු ගැහැනු ජීවිතය කොච්චර සුන්දරද.....මම උප්පැන්න සහතිකය සිපගනිමින් කල්පනාකලා....

No comments:
Post a Comment