අපි උයල ඉවරවෙනකොට රෑ හත විතර වුනා. අයියත් අද ඉක්මනට කඩේ වහල ආවෙ වික්‍රම ගෙදර එන හින්ද කියල මට හිතුන.....වික්‍රම මග එනව කියල මට කතා කලා නංගි .....ඔහු මට කිව්ව.....එනකොට කීය විතරවෙයිද අයියෙ.....මම ඇහුවම මගේ ලග හිටිය නංගි මගෙ තට්ටම මිරිකලා.....එනකන් ඉවසගෙන ඉන්න බෑ නේද.....කියල සෙමින් ඇහුව....අට විතර වෙයි මගෙ හිතේ.....අයිය කිව්වම.....එහෙනම් වැඩිවෙලාවක් යන්නෙ නෑ ආයෙත් තට්ටම මිරිකල ....නංගි කිව්ව.....ආයෙත් ගුටියක් කන්න ඕනැවෙලාද.....මම නංගිගෙන් ඇහුව....නංගි හිනාවෙවී ඈතට ගියා.....මම කාමරේට ගිහින් අදගෙන ඉන්න නංගිගෙ ගවුම අයින් කරල මගෙ ගවුමක් ඇදගත්ත....කොන්ඩෙත් පීරල ලස්සනට හදාගෙන මුහුනටත් පවුඩර් ටිකක් දාගෙන කාමරෙන් එලියට ගියහම.....නංගී ඉනේ අත්දෙක බැදගෙන පුදුමයෙන් වගේ මාදිහා බලාගෙන ඉන්නව දැක්ක....මොකද පුදුම වෙලා වගේ....කවුරු හරි යාලුවෙක් එනව කිව්වම මෙච්චර හැඩවැඩ වෙලා ඉන්න කෙනෙක් මම දැක්කමයි......ඇය මට උපහාසයට මෙන් කිව්ව...යාලුවෙක් හම්බවෙනකොට හොද ඇදුම් අදින්න තහනම්ද....මම ඇහුව...නෑ නෑ හොදයි හොදයි....කියමින් ඇය හිනාවුනා.....එක අතකට නංගි කියන එකත් ඇත්ත....මම වික්‍රමත් එක්ක යාලුකමක් විතරක් තියෙනවනම් මොකටද මෙච්චර ලස්සනට හැඩවෙන්නෙ.....ඇයි මගේ හිත කියන්නෙ අනේ ඉක්මනට එන්නකො කියල.....මම කෙල්ලෙක් හැටියට එයාට ආදරේ කරන්න පටන් අරන්ද.....මට හිතුන.....බෑ... බෑ....එහෙම වෙන්න බෑ.....මම එයාගෙ ආදර වන්තිය නෙවෙයි....යාලුවෙක් විතරයි.....මා කල්පනා කරන්න උනා....
කිව්ව වගේම අට විතර වෙනකොට වික්‍රමගෙ වාහනය ගෙදර මිදුලෙ නවත්තනව දෑක්ක.....අන්න ඇවිල්ලා.....නංගි කියනවත් එක්කම මම ඉක්මනටම ඔහුගේ වාහනය දෙසට ගියා......වික්‍රම වාහනයෙන් බැහැල පාර්සල් කිහිපයක් අතට අරගෙන මේ ටික අරන් යන්න කියල මට දුන්න.....මම ඒවත් අරගෙන එයා පස්සෙන් ගෙට ගියා.....එන්න ඩොක්ට....අයිය ඔහුට කතා කලා.....අපි මේ මග බලාගෙන හිටියෙ පුතා එනකන්....අම්ම සතුටින් කිව්ව....ඔහු ගෙට ඇවිත් පුටුවෙ වාඩිවුනා.....මම පර්සල් ටික අතේ තියාගෙන ඉන්නකොට ඔය ටික අම්මට දෙන්න.....කිව්ව.....මම ගිහින් අම්මට දුන්න....මේසෙ උඩින් තියන්න දුවේ කිව්වම මම ඒ ටික සාලෙ මේසෙ උඩින් තියල ආපහු වික්‍රම ගාවට ගියා.....වික්‍රමගෙ කාමරේ පෙන්නන්න දුවේ...පුතාට ඇදුම් මාරුකරගෙන නාගන්නත් ඕනැනෙ......අම්ම කිව්වම....එන්නකො වික්‍රම....මම ඔහුට කතා කලා.....පුටුවෙන් නැගිට්ට ඔහු මාත් එක්ක කාමරේට ගියා....අප්පේ ලස්සනට හදලනේ.....මේ මල් පොච්චිය හැදුවෙත් ඔයාද ..අපි මල් වගයක් දාල තිබුනු පෝච්චිය පෙන්නල කිව්ව.....නංගිගෙ වැඩනෙ වික්‍රම.....මම කිව්ව......නංගිගෙ විතරද.....ඔහු ඇහුවම....සිහින් සිනාවක් පලකල මම.....ඇදුම් මාරු කරගෙන නාගන්න එන්නකො.....කියල කාමරෙන් එලියට ගියා.....
මම කුස්සිය දිහාට යනකොට අම්ම නංගිත් එක්ක වික්‍රම ගෙනා පාර්සල් ටික අදිමින් සිටිය......වික්‍රම පුතා ගෙනල්ල තියෙන්නෙ මොනවද කියල බැලුවෙ.....ඇපල් මිදි කේක් නැති දෙයක් නෑනෙ දුවේ....අම්ම කිව්වම.....පුතා නෙවෙයි අම්මෙ....අම්මගෙ අනාගත බෑන....නංගි හිනාවෙමින් මිදි ගෙඩියක් කටේ දාගෙන තව ගෙඩිටිකක් අතට අරගෙන කිව්ව....මම ඔයාට දවල් ගැහුවෙ හැදි මිටෙන් දැන් ගහන්නෙ.....කියල වටපිට බලන කොට.....ඔච්චර ඕකට කේන්ති ගන්න එපා අක්කෙ කියල මිදිගෙඩියක් මගේ කටට එබුව.....

No comments:
Post a Comment