විනෝදනී අක්කා අපි අතරින් ඉවත්වූවිට අම්මා මා අසලට ආවාය.....මොකද විනෝදනී අක්ක කියන්නෙ.....තාම බනිනවද....ඇසුවාය.....අනේ නෑ අම්මෙ.....දැන් එයාට කරපු වැරැද්ද තේරිලා.....මම කිව්වනෙ අම්මෙ එයා හිතේ අමාරුවටයි එහෙම කලේ කියල.....මා පැවසුවෙමි.....ඔය විනෝදනී කියන්නෙ නරක ලමයෙක් නෙවෙයි දුවේ.....මට එදා පුදුම හිතුන එයා ඔහොම වැඩක් කරනව දැක්කම.....අක්කා මංගල ඇදුම පිටින් තනියම අපි අසලට පැමිනෙනු දුටු අම්මා.....මොකද දුවේ....ඇසුවාය....විනෝදනී නංගි අපේ නංගිට අදත් දොස්කිව්වද කියල දැනගන්න ආවෙ....ඇය කීවාය......අනේ නෑ අක්කෙ...දැන් එයාට කල වැරැද්ද තේරිලානෙ.....මා කීවෙමි....මම එයාට තේරුම් කරල දුන්න.....චතුරිකා නංගි කියන්නෙ කොයිවගේ කෙනෙක්ද කියල......අක්කා පැවසුවාය.....
මා අසල කිසිවෙකු නොමැති වෙලාවක් බලා පැමිනි සුරනිමල....මේ නංගි මට ආරංචි වුනා ඔයාව අපේ පුන්චි අම්මගෙ ගෙදරින් පන්නල කියල....දැන් ගෙදර නෑ නේද...මම කිව්වනෙ ඔයාව සුරන්ජිත් අයියට හරියන්නෙ නෑ කියල....ඔයා මොනව හිතුවත් මම තාමත් ඔයාට ආදරෙයි.....ඔහු කියාගෙන යන්ට විය.....මේ අයියෙ....ඔයාගෙ අක්කගෙ වෙඩින් එක දවස මතකද.....මතක තියෙනවනම් මෙතැනින් යන්න......මා කීවෙමි....මේ ඕවට ආවොත් මම පලනව තොගෙ....කී ඔහු ඊට පස්සෙ මම හැර මොකෙක්වත් තෝව බදින්නෙ නෑ.....ඔහු එසේ පැවසූ විට එදාමෙන් කනට ගැසීමට සිතූ මා කේන්තියෙන් නැගිට්ටෙමි....එවිටම මා අසලට පැමිනි සුරන්ජිත්...මාව අල්ලා....මොකද මේ.....අපෙන් ඇසුවේය.....මූ මහ වලත්තයෙක් අයියෙ.....මා කීවෙමි...මුගෙ වලත්ත ගති තාම ඇරිල නෑනෙ.... කී ඔහු..මේ මල්ලි පැත්තකට වෙලා ඉන්නවද මගෙන් කන පලාගන්නවද.....සැරකර මා අසලින් ඉවත්කලේය. මේ කලබලය දුටු නිල්මිනි අක්කා අපි අසලට පැමිණි අතර විනෝදනී අක්කාද ආවාය....මොකද වුනේ....විනෝදනී අක්කා ඉංග්‍රීසියෙන් ඇසුවාය.....නෑ නෑ අක්කෙ පොඩි ප්‍රස්නයක් උනා....දැන් ඒක හරි..සුරන්ජිත් කීවේය...මොක්ද නංගි වුනේ....අපේ සුරනිමල මල්ලි නංගිට මොකුත් නොහොබිනා දෙයක් කලාද....ඇසූ ඇය.....ඕක හදන්න බෑ නංගි කනගාටුවෙන් මෙන් කීවාය....එහෙම දෙයක් නෑ අක්කෙ....එයා මට නරක වචනයක් කිව්ව ඒක සුරන්ජිත් අයියට ඇහෙන්න ඇති.....තාම කොල්ලොනෙ අක්කෙ කොල්ලන්ගෙ හැටි ඔහොම තමයි....මා කීවෙමි....ඕක කොල්ලෙක් නෙවෙයි නංගි .....මට කියන්න ලැජ්ජයි මගෙ මල්ලි හින්ද....ඇය දුක්බරව පැවසුවාය. සුරනිමල නරක කෙනෙක් යනුවෙන් ඔවුන් සැවෝම දන්නා බව අක්කලාගේ කතාවෙන් තේරුම් ගත්තෙමි. මීට පෙරද මෙවැනි සිද්දීන් ඇතිවෙන්න ඇති ඒක තමා නිල්මිනි අක්ක කිව්වෙ කියන්න ලැජ්ජයි කියල.....මා කල්පනා කලෙමි.....
ගියවර නිල්මිනි අක්කාගේ මංගල්‍යය දවස මෙන් නොව අද සුරන්ජිත් අයියා මා අසලම සිටි අතර ඔහු මා අසලින් ඉවත්වූවේ ඔහුගේ නෑදෑයන් සහ යහලුවන් මුනගැසීමටත් වෙනත් වැඩවලටත් පමනි.

No comments:
Post a Comment