මා පසුදින උදේ පාසැල් ගියේ නිමන්ති ගිය වාහනේය මගේ හොද වෙලාවට එහි ඉඩ තිබුණි. සවස පන්ති ගිය අපි නැවත පැමිනෙන විට රාත්‍රී අට පමනවිය....පසුදින සෙනසුරාදා දිනයක් බැවින් අපි පාසැල් නොගියෙමු.....එහෙත් සවස් වරුවේ ගනිතය පංති තිබුනි.....නිමන්තිට ගනිතය තරමක් අපහසු බැවින් මා ඇයට වැඩිපුර ඒවා කියාදුන් බැවින් මගේ ගනිතය හැකියාව වැඩි දියුනු වෙමින් තිබුනි....සෙනසුරාදා උදැසන දහයට පමන අක්කා පැමිනිබව දුටු මා සතුටින් යුතුව ඇය ඉදිරියට ගියෙමි.....කොහොමද නංගි මෙහෙ හොදයි නේද අසමින් ඇතුලට ආවාය.....ඇය වාඩිවූ විට මා ඇය අසලින් වාඩිවූවෙමි....නිමන්තී සමග ඇගේ අම්මද අපි අසලින් වාඩිවූ බව දුටුවෙමි....ඇන්ටි මම ආවෙ නංගි එක්ක යන්න....අක්කා කීවාය......අයි දුවේ මෙහෙ ඉන්න පුලුවන්නෙ....නිමන්තිගේ අම්මා කීවාය.....ඔව් අක්කෙ චතූට මෙහෙ ඉන්න පුලුවන්...නිමන්තිද කීවාය.....ඔයාල දන්නෙ නෑ ....නංගි නෑ කියල එහෙ ගිනි අරගෙන....අක්ක කීවිට.....ඇයි දුවේ දුවගෙ තාත්ත දන්නවනෙ .....ඇන්ටී පුදුමයෙන් මෙන් ඇසුවාය....ඒ වුනාට නංගිට උන දේ අපේ අම්මයි මල්ලියි දන්නෙ නෑනෙ.......අපි එයලට කිව්වෙනෑ.....ඉතින් දුවේ එයාල හින්දනෙ චතුරිකාට මේ දේවල් උනේ....නිමන්තිගේ අම්මා කීවාය.....එයාලට එයාල කල වැඩේ වැරදියි කියල දැන් තේරිලා.....අපේ අම්ම... නංගි නෑ කියල හොදටම අඬනවා.....හරියට කෑමකුත් නෑ....මල්ලි ඊයෙ කැම්පස් ගියෙත් නෑ....එයත් නොකා නොබී කල්පනා කරකර ඉන්නව...... අනේ නංගි යමු ....මට අම්ම අඩනව බලා ඉන්න බෑ....මා නිමන්තිගේ අම්මා දෙස බැලුවෙමි..... පවුනෙ දුවේ යන්න.....මා යන්න හදනවිට නිමන්තිගේ මුහුන නරක් වෙන බව දුටුවෙමි....මම ගියාට අපිදෙන්නගෙ ආස්සරේ අඩුවෙන්නෙ නෑනෙ නිමන්ති....මා ඇය සනසමින් පැවසුවෙමි......මම හිතුවෙ ඔයා සතියක් දෙකක් මෙහෙ ඉදියි කියල....ඇය දුකින් මෙන් පැවසුවාය....මා ගවුමක් ඇදගෙන ගෙනා ඇදුම් ටික නැවත බෑගයේ අසුරා පිටත් වීමට සැරසුනෙමි.....නංගි මම එයාලට ඔයා මෙහෙ ඉන්නව කිව්වෙ නෑ මම කිව්වෙ මගෙ යාලුවෙකුගෙ ගෙදරක නැවැත්තුව කියල.....ඇන්ටිලත් කියන්න එපා.....අක්කා කීවාය....මා ඔවුන්ගෙන් යැමට පෙර .....ඇන්ටී අන්කල්ටත් කියන්න මම ගියාකියල....පැවසූ විට.....ඇයි ඇන්ටි අන්කල්ට අද නිවාඩු නේද....අක්කා ඇසුවාය.....අදත් උදෙම්ම වැඩවාගයක් තියෙනව කියල ගියා දුවේ....නිමන්තිගේ අම්මා කීවාය....
අපි ගෙදර යනවිට අම්මා දොර ඇරගෙන අපි ඉදිරියට ආවාය.....අනේ මගේ දුවේ...... ඔයා කොහේද මගේ වස්තුවේ අපිව දාල ගියේ....හඩමින් පැව්සූ ඇය මාව තුරුලුකරගෙන පිස්සියක් මෙන් සිපගන්ටවූවාය......සුරන්ජිත් ද මාදෙස බලා සිටිනු දුටුවෙමි......මම නංගිට මෙහෙන් යන්න කියල කිව්වෙ නෑනෙ......අපි ගෙට ගොඩවන විට සුරන්ජිත් පැවසුවේය......ඔව් ඉතින් පල නොකිය පලා බෙදුවනෙ...මේ අහිංසක කෙල්ලට අනාතය කියකියා.....අක්කා ඔහුට දොස් කියන්ට වූවාය.....අනේ අක්කෙ අයියට දොස් කියන්න එපා.....මා කීවෙමි....මගෙ අතින් වැරදි වචනයක් කියවුනා තමයි....මම ඒක ගැන නංගිගෙන් සමාව ඉල්ලනව...සුරන්ජිත් කියන්ට වූවේය.....මේ නංගි...... මීට පස්සෙ අයිය එනකොට දොරකඩ ඉදන් සැලියුට් ගහල පිලිගන්න......අර සිකියුරිටි කාරයෝ වගේ.....අක්කා කීවිට.....මට එහෙම කරන්න ඕනැ නෑ අක්කේ.....ඒවෙලාවෙ මට මොනව උනාද කියල මමවත් දන්නෙ නෑ.....ඔහු දුකෙන් මෙන් කියන්ට වූවේය .....අනේ අක්කේ මම හින්දා ඔයාල රංඩු වෙන්න එපා රංඩු වෙනවනම් ආයෙත් මාව හිටපු තැනට ගිහින් ඇරලවන්න.....මා කිවිට.....මීට පස්සෙ මගෙ දුව කොහේවත් යන්න ඕනැ නෑ.....අම්මා නැවත මාව සිපගනිමින් කීවාය......පුතේ ඔයා යන්න.....දැන් නංගිගෙන් සමාව ගත්තනෙ....නංගි ඔයා ගැන අහිතක් හිතන්නෙ නෑ..ලොකු දුවේ ඔයත් රන්ඩුකරගන්නෙ නැතුව යන්නකො........අම්මා පැවසූ විට සුරන්ජිත් ඉහල මාලයට නගිනු දුටුවෙමි....අම්මා මාව ඇගේ කාමරය තුලට එක්ක ගියාය.කාමරයේ දොර වැසූ ඇය.මාව ඇගේ ඇද මත වාඩිකරවාගෙන.....මගේ දුවේ..... එදා සිදියෙන් පස්සෙ මට හිතුන මම ඔයාට වැරැද්දක් කලා කියල....ඒ හින්ද මට ඔයාට මුහුන දෙන්න මොකක්ද වගේ හිතුන..... ඒක හින්දයි මම ඔයාව මග හැරියෙ.....මම ඔයා ගැන තරහහෙන් නෙවෙයි දුවේ......මාව තව දුරටත් තුරුලු කරගෙන හඩන්ට වූවාය......අඩන්න එපා අම්මේ....මම අම්මට ගොඩාක් ආදරෙයි .....මා ඇයට තුරුලුවී පැවසුවෙමි.
අම්මාසමග සිටි මා අක්කාගේ කාමරයට ගියෙමි....මොකද අම්ම කියන්නෙ...අක්කා ඇසුවාය.....පවු අක්කෙ අම්ම....මම හින්ද එයා ගොඩක් දුක් වෙනව....මා කීවෙමි.....දුක් වෙන්න ඉස්සෙල්ල නංගිට ඔහොම කරන්න හොද නෑ කියල දැනගන්න එපායෑ.....අක්කා දොස් කියන්ට වූවාය......අම්ම දොස් කියන්න එපා අක්කෙ....අම්ම පවූ.....මා කියනවිට.....පවූ තමයි... නංගි ගුන යහපත් අහිංසක කෙල්ලෙක් හින්ද හොඳයි. මට එහෙම ඔහොම එකක් උනානම් මේ ඔක්කොම දමල ගහල ඔලුව හැරුනු අතේ යනව.....අක්කා කීවාය.....

No comments:
Post a Comment