එක් දිනක් පන්ති රැගෙන යන ඩ්රිවර් සීයා අසනීප බැනින් පැමිනීමට අපහසු බව දන්වා එවාතිබුනි. .....දුව ලෑස්ති වෙන්නකො කුලී වාහනයකින් පන්තියට දාල එන්නම්....හවසට අක්කට කියන්නම් එක්ක එන්න කියල....අම්මා එයට විසදුම වසයෙන් කීවාය. ඒ අනුව අම්මා සමග කුලී රථයකින් පන්තියට ගියෙමි....චන්ගච්චිද අපි සමග ආවේ අම්මා තනියම ආපසු පැමිනෙන නිසාය. පන්ති ඇරෙන විට රාත්‍රී හත පමන වේ....පන්ති ඇරුනු පසු මා අක්කා ගේ වාහනය සොයාගෙන ගියෙමි. නිමන්තී ඇගේ තාත්තාගේ වාහනය දෙසට යෑමට සූදානම් වී.....අක්ක ඇවිත්ද චතූ....වටපිට බලමින් ඇසුවාය.....අක්කගෙ වාහනේ තාම නෑවගේ අනේ.....මා කීවෙමි....එහෙත් සුරන්ජිත්ගේ වාහනය දැක ගැනීමට ලැබුණි. නිමන්තී සුරන්ජිත්ගෙ වාහනේනම් තියෙනව. අක්ක ඇවිත් තියෙන්නෙ ඒකෙද දන්නෙ නෑ....මා කියනවිට....සුරන්ජිත් අපිදෙස බලනු දුටුවෙමි....නැ චතූ...සුරන්ජිත් ඇවිත් තියෙන්නෙ.... පැවසූ නිමන්ති.....හා...හා...අද කෙල්ලට ජොලී....පවසා තාත්තා ගේ වාහනය දෙසට ගියාය. සුරන්ජිත් මට කතාකර නිමන්තිගේ තාත්තා දැක ඒ අසලට යනු දුටුවෙමි. ඔහු සමග කතාකල සුරන්ජිත් වාහනය අසලට පැමිනියේය.....නගින්න ඔහු කී බැවින් මා පිටුපස අසුනේ වාඩිවීම සඳහා දොර ඇරියෙමි.....නංගි හිතුවද මම නංගිගෙ ඩ්රයියර් කියල....ඉස්සරහ සීට් එකට එන්න කීවේය.....මා ලැජ්ජාවෙන් මෙන් ඉදිරි අසුනේ වාඩිවුනෙමි.... ඔහු වාඩිවූ විට ඔහු දෙස බැලූ මා.....මම හිතුවෙ අක්ක එන්නෙ කියල.....කීවෙමි.....රෑවුන හින්ද අක්කට බෑ කිව්වනෙ....ඒ සැරේ අම්ම කිව්ව මට එන්න කියල....පැවසූ ඔහු..... නංගි මාත් එක්ක යන්න බයද ඇසුවේය....අයියෝ නෑ අයියෙ.....අක්කයි එන්නෙ කියල කිව්ව හින්දයි ඇහුවෙ....මා කීවෙමි...... ඩ්රිවර් අන්කල්ට සනීප නෑලු නේද...ඇසූ ඔහු එයාට සනීපවෙනකල් මට තමා ඩ්රිවර් වැඩේ කරන්න වෙන්නෙ....ඔහු කීවෙය....ඕනැ නෑ අයියේ අයියට ඒක කරදරයක්නේ......අම්මත් එක්ක කතාකරගෙන මොකක් හරි කරන්නම්...මා කීවෙමි. මට මේ වෙලාවට වැඩක් නෑනෙ.....මම එන්නම්.... මම බෑ කිව්ව කියල අම්මටකියන්න එපා....ඔහු පැවසුවේය......ටික දුරක් ගිය ඔහු කඩයක් අසල වාහනය නතරකලේය.....නංගි කැමතිම දෙයක් කියන්න..... අයිස් ක්රීම්ද කූල් බීමද......එහෙම නැත්නම් බිස්කට් ද චොකලට් ද...ඔහු කෑම වර්ග කියාගෙන ගියේය.....අනේ අයියේ මොකුත් එපා....මා කීවෙමි....ඔන්න ඉතින් කිව්වෙ නැත්නම් මම තරහයි....ඔහු කීවේය....එහෙනම් චොකලට් එකක් ගේන්නකෝ.....මා කීවිට ලොකු චොකලට් පැකට් එකක් ගෙනාවේය.....මෙච්චර....මා පුදුමයෙන් කීවෙමි.....ඔයාට කන්න....ඔහු සිනාසෙමින් කීවේය....මේ ඔක්කොම කාල බත් කන්නත් බැරිවෙනව....ටිකක් කාල ඉතුරු ටික පස්සෙ කන්න ඔහු කීවේය....නෑ මම පස්සෙම කන්නම්....එය බෑගයේ දාගැනීමට සූදානම් වනවිට.....කොහේද දාගන්නෙ දැන් කඩල කන්න...ඔහු කී බැවින් මා පැකටය විවුර්ත කර....චොකලට් එකක් සුරන්ජිත්ට දුන්නෙමි.....ඔයා කෑල්ලක් ඕකෙන් කාල දෙන්න....කැබැල්ලක් කටින් කඩා ගත් මා ඉතුරු කැබැල්ල ඔහුට කැවුවෙමි.... මා චොකලට් කීපයක් ඔහුට කවමින් කෑවෙමි...... .නිවස ඉදිරියේ වාහනය නතර කල ඔහු බැසීමට පෙර කිහිපවරක් මගේ මුහුන සිපගන්ට විය.....මා ඔහුගේ මුහුනද සිපගත්තේ ඉතාමත් ආදරයෙනි.

No comments:
Post a Comment