සතියක් පමන ගතවූපසු අක්කා මාව හමුවීමට පැමින අම්මාට මාව ඉක්මනින් මුනගැසීමට අවශ්‍ය බව දැන්වූවාය....මේ සැරේ මොකක්ද දන්නෙ නෑ අවුල..කල්පනා කල මා මීළඟ ඉරිදා මා ඇයව හමුවීමට ගියෙමි. මා ඇය අසලට ගිය වහාම මාව තුරුලු කරගත් ඇය මාගේ මුහුන සිපගනිමින්.....මගේ දුව දකින්නෙ නැතුව ඉන්න බෑ....ඒකයි එන්න කිව්වෙ....කී ඇය....මම හිතාගෙන හිටියෙ ඔයාලව එක්තැන් කරල මගෙ ලගම තියාගන්න....මට හරි දුකයි දුවේ ඔයාලගෙ මේ කටයුත්ත කල්දාන්ට වුනාට....ඒකට කමක් නෑ මැඩම් මම ඕනැ කාලයක් ඔයාල වෙනුවෙන් ඉන්නම්.....මා කීවෙමි.....අනේ දුවේ මට මීටපස්සෙ මැඩම් කියන්න එපා ඉස්සර වගේ අම්මෙ කියන්න.....ඔයාගෙ අක්කත් හරි දුකෙන් ඉන්නෙ....එයාට මිස් කියනව කියල...ඇය එසේ පවසනවිට....ඇගේ ඇස්වලින් කඳුලු පිරෙනබව දුටුවෙමි......මම තාම පිට කෙනෙක්නෙ.... මම එහෙම කියන එක හරිනෑ නේද....ඇසූ මා....මමත් කවද හරි මේ පවුලට සම්භන්ධ වුනාම නෑකම් කියල කතා කරන්නම්..... කීවෙමි.....සම්භන්ද වෙනව කියල නංගිට විශ්වාස නැද්ද.....විශ්වාස නැත්නම්....ඔය විදියටම කතාකරන්න.....අක්කා අමනාපයෙන් කීවාය....විශ්වාස නැති හින්ද නෙවෙයි මට ඔයාල බැන්න මීටපස්සෙ නෑකම් කියල කතාකරන්න එපා කියල....මේ විදියට කතා කලොත් ආයෙත් ගැටලුවක් වෙයි කියල මට බයයි.....මා කීවෙමි....අපිට වැරදීමක් දුවේ එදා වුනේ....මීට පස්සෙ එහෙම දේවල් වෙන්නෙ නෑ කියල අපි පොරොන්දු වෙන්නම්කො.....අම්මා කීවාය....නංගි බයවෙන්න එපා මීට පස්සෙ අපේ අතින් එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ.....අක්කාද පොරොන්දුවූවාය. කෝ අක්කෙ ගෙදර අනිත් අය....මා කාලයකට පසු ඇයට අක්කා යනුවෙන් කතාකලෙමි....එයාල ඊයෙ බන්ඩාරවෙල වත්තට ගියා දුවේ.....අම්මා කීවාය....එතකොට අම්මයි අක්කයි විතරද අද ඉන්නෙ.....මා ඇසුවෙමි.....ඔව් දුවේ ඔයත් අද මෙහෙ ඉදල හෙට යන්න.....අම්මා කීවාය....බෑ අම්මෙ බෝඩිමේ ඇන්ටිට කියල ආවෙ නෑනෙ.....මා පැවසුවෙමි.
සිදුවූ දේවල් අමතක කර දැමූ මා මෙතැන් සිට පැරණි ආකාරයට නැවත නෑදෑකම් කියමින් කතාකරන්ට පටන්ගත්තෙමි. මාස දෙකක් පමන ගතවූ පසු අක්කා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයියා ලංකාවට පැමිනි බව අක්කා පැවසුවාය. ඇයව බැලීමට ඔහුගේ පවුලේ පිරිස පමිනෙන බව දන්වා තිබුනු බැවින් එදින මටද එහෙ එන ලෙස දන්වා තිබුනි......ඔසරියකින් සැරසුනු අක්කා ඔව්න්ව පිලිගත්තාය....එදිනම මංගල්‍යය තීරනය කරගත් අතර නැකත් දින බලා දැන්වීමට දෙපැත්තේම තීරනය විය.
සතියකට පමන පසු ඔව්න්ගේ උත්සව දින දන්වා ඇතිබව සුරන්ජිත් මාසමග පැවසුවේය.....ඔන්න අක්කගෙ වැඩේට තියෙන්නෙ තව මාස දෙකයි....ඊට පස්සෙ අයිය....ඔහු මගේ අතින් අල්ලාගෙන සතුටින් කීවේය....ඒ දවස් ටිකේ ගෙදර නවතින්න බලාගෙන එන්න....ඔහු කීවේය...ඒවට තව කල්තියෙනවනෙ....තාම අපි බැන්දෙ නෑනෙ.....මා පැවසූ විට....දැන් ඉතින් බැන්ද වගේ තමයි කී ඔහු වටපිට බලා මගේ මුහුන සිපගත්තේය.....
අක්කාගේ මංගල්‍යය දිනය ලංවිය ඇයගේ යෙහෙලියන්ගේ කෙනෙක් හැටියට මාව තෝරාගෙන තිබුනි....තවත් දෙදෙනෙක් ඇයගේ යෙහෙලියන් අතරින් තෝරාගෙන තිබුනි. ඇයගේ උත්සවය සදහා මගේ සහය අවශ්‍යය බව දැන්වූ නිසා සති දෙකක් පමන කාලයක් ගෙදර නැවතී සිටීමට සිදුවිය......මෙම උතසවය කොළඹ තරුපහක හෝටලයක පැවැත්වීය....මෙයට ඔවුන්ගේ නෑදෑ හිතවතුන් විශාල ප්‍රමානයක් පැමින සිටිනබව දක්නට ලැබුනි. බොහො කලකින් විනෝදනී අක්කා මට හමුවූයේ මෙම දිනයේ දීය.....එදා මගෙ අතින් ඔයාට වැරැද්දක් උනාට මට සමාවෙන්න නංගි. මට අක්කා කිව්ව ඔයා මට ලේ දෙන්නත් ඉදිරිපත් වුනා කියල.....මට හිතාගන්න බැරිවුනා ඔයා ඒවගේ හිත හොද කෙනෙක්ද කියල.....ඇය මගේ අතින් අල්ලාගෙන සුපුරුදු පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන්ටවිය.....අක්ක ඒ වෙලාවෙ හිතේ අම්මාරුවට කල දේනෙ....මම ඒව එච්චර ගනන්ගත්තෙ නෑ....අක්කෙ....මා ඉංග්‍රීසියෙන්ම පිලිතුරු දුන්නෙමි....අපි කතාකරමින් සිටින විට සුරන්ජිත් අපි අසලට පැමිනියේය....

No comments:
Post a Comment