කුස්සිය දෙසට ගියමා උයන්ට පටන් ගත්තෙමි....පුංචි බේබි නැතුව අපි හරි පාලුවෙන් හිටියෙ.....මේ ගෙදරැ පුංචි බේබි ඇරෙන්න අපිත් එක්ක ඉඩහිටවත් කතාකරන්න ඉන්නෙ මැඩම් විතරනෙ....මාගරට් සතුටින් කියන්ට වූවාය....මාත් දැන් මේගෙදර කෙනෙක් නෙවෙයි මාගරට් නැන්දේ මාත් දැන් මෙහෙ හිටියට ඔයාල වගේ පිට කෙනෙක්.....මා ඔවුන්ට නොකියා සිතින් පැවසුවෙමි. කෑම උයා අවසන්කල මා කාමරයට ගොස් නාගත්තෙමි වෙනත් ගවුමක් ඇදගත් මා ඇදේ ඇලවී සුරන්ජිත්ගේ ලිපිය නැවත කියවන්ට උනෙමි....යසෝදරා දේවිය කියන්නෙ කොච්චර හොද කෙනෙක්ද.....මමත් ආසයි ඒවගේ චරිතයක් හදාගන්න....ඒත් මට කෝ බෝධිසත්ව චරිතයක්.... මම අහල තියෙන විදියට බෝධිසත්වයෝ පොරොන්දු කඩකරන්නෙ නෑ....බොරු කියන්නෙ නෑ....ඒත් සුරන්ජිත්?.....මගේ දෑස්වල කදුලු පිරුනි.....මේවට අඩල වැඩක් නෑ.....මේක තමයි මගේ ලැබීම......හිත හදාගෙන ජීවිතයට මුහුන දෙනව....තව ටික කාලෙනෙ මම මෙහෙ ඉන්නෙ....ඊට පස්සෙ මම මෙහෙ නෑනෙ....ඒත් මට කරපු උදවුවලට මෙයාලව අතහරින්නෙ නෑ...පුලුවන් උදව්වක් කරනව....විසේශයෙන් අක්ක...අක්ක විතරයි මාව හදුන ගත්ත වෙලාවෙ ඉදන් එකවගේම හිතවත් කමින් ඉන්නෙ....තාත්තයි ලොකු අයියයි හොද ඇති ඒත් එයාල ගැන හරියටම දන්නෙ නෑ....මා ලියුම කියවමින් කල්පනාකලෙමි.
අදතමයි කාලෙකින් රසට කෑමටික කන්නෙ.....දහවල් කෑම වෙලාවේදී අම්මා කීවාය....වෙනදා මට කෑම කටක් හෝ කවන අම්මා ඒ ගැන වගක්වත් නොමැතිව කෑමගැනීම ගැටලුවක් විය. සුරන්ජිත් කිසිවක් කතා නොකර කෑම කනු දුටුවෙමි.... මොකද නංගි සුරන්ජිත් අයිය කියන්නෙ....සවස ගෙදර පැමිනි අක්කා ඇසුවාය. අනේ ම්ම දන්නෙ නෑ අක්කෙ....අයිය දැන් නිකන්වත් මා එක්ක කතාකරන්නෙ නෑ.....අම්මත් වැඩිය නෑ....කමක් නෑ අක්කෙ....අයියට හොදක් වෙනවනම් මට ඒ ඇති.....මාත් ඉතින් වැඩි දවසක් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ.....මා කීවිට අක්කා කිසිවක් නොකියා අනුකම්පාවෙන් මෙන් මා දෙස බලා සිටියාය.....අම්මා සහ සුරන්ජිත් මාසමග ගැටලු කාරී ලෙස හැසිරුනත් තාත්තා සහ ලොකු අයියා වෙනදාමෙන් හැසිරුනු අතර ඔවුන් වෙතින් කිසිම වෙනසක් නොදුටුවෙමි.....
සතිය කෙමෙන් ගිවී ගිය අතර සෙනසුරාදා දිනය උදාවිය.එදින සවස්වරුවේ සියලු දෙනාම ගෙදර සිටින දවසක් විය....මා අක්කා සමග රූප වාහිනිය නරබමින් සිටි අතර තාත්තාද අපි අසලට පැමිණි යේය.....ලොකු අයියා වෙනම පුටුවක වාඩිවී පොතක් කියවමින් සිටියේය.....සුරන්ජිත් කාමරේ ඇති බව මා කල්පනා කලෙමි.....ටික වෙලාවකින් තාත්තා අසලින් වාඩිවූ අම්මා....මම ඔයාට මේක කියන්න වෙලාවක් බල බලා හිටියෙ.....අපේ අයිය මංගල යෝජනාවක් කරල තියෙනව....අපේ සුරන්ජිත් පුතා ගැන....අම්මා පැවසූ විට....කාවද....තාත්තා එය එහරම් ගනනකට නොගෙන පැවසුවේය... විනෝදනී දුවට.....දෙන්න ඉතින් ගැලපෙනවනෙ....මහත්තය.....ඒ කෙල්ලටත් මොනවයෙන් අඩුවක්ද.....අම්මා පවසන්ට වූවාය.....ඔව් බොහෝම හොදට ගැලපෙනව..එක්සලන්ට්.. පැවසූ තාත්තා.

No comments:
Post a Comment