දැන් ඔයාලට අහන්න පුලුවන් අපේ චතුරිකා දුවගේ පියානෝ වාදනයක් සහ ගායනයක්.....අම්මා සියල්ලන්ටම ඇසෙන සේ එසේ පවසන විට ....මම දන්නෙත් නෑ මොකක්ද මේ වෙන්න යන්නේ....මා බිය සහ ලැජ්ජාවෙන් යුතුව අම්මා දෙස බැලුවෙමි.....යන්න දුවේ මම ඔයාට උගන්වල තියෙනවනේ.....කීවාය.....මා පියානෝව අසලින් වාඩිවූවේ සැලෙන හදින් යුතුවය.....නිල් අහස්තලේ ගීතය වාදනය කරමින් ගායනා කලෙමි....අවසානයේ සියලු දෙනාම අත් පොලසන් දී තව ගීතයක් ගයන ලෙස ඉල්ලා සිටින්ටවිය....මා ගීත කිහිපයක් ගායනා කරන විට තිබුනු බිය නැතිවී ගොස් තිබුනි....අම්මා උගන්වා තිබුනු ශාශ්ත්‍රීය පියානෝ වාදනයක් ද ඉදිරිපත් කලෙමි.....මා සංගීතයට මෙතරම් දක්‍ෂදැයි කල්පනා කලේ සියලු දෙනාම මට ප්‍රසංසා කරන විටය. මේ අතර මට උපන්දින තැගි කිහිපයක් ද ලැබුනි..... සුරන්ජිත් ගෙන්ද කුඩා පාර්සලයක් ලැබුනි.....සාදය අවසන් වන විට රාත්‍රී එකොලහ පමන විය.....තන්ගච්චී මට ලැබුනු සියලුම තෑගි පාර්සල් මගේ කාමරට ගෙනගොස් තබා තිබුනි. තැගි පාර්සල් පැත්තකින් තැබූ මා....ඇදගෙන සිටි සියලු ඇදුම් පැලදුම් ගලවා නයිට් ගවුම ඇදගෙන.....අක්කා මුහුනට ගැල්වූ සියලුම මේකප් සෝදා හැරියෙමි....නංගී මට අමතක උනානෙ ඔයාගෙ නේල් පොලිෂ් ටික ඇරගන්න කියන්න...... අත්වල ඒව මේ දියරෙන් අතුල්වලා ඇරගන්න...... කකුල් වල ඒව සපත්තු දැම්මම පේන්නෙ නෑ නෙ කීවාය.....
පසුදින පාසැල් ගියමා....ඉන්පසු උපකාරක පන්තිත් ගිය බැවින් ගෙදර පැමිනෙන විට රැවී තිබුනි රාත්‍රී ආහාර ගත් මා කාමරයට ගියේ ලැබුනු තෑගි පාර්සල් පරීකෂා කිරීමේ අරමුනෙනි....පලමුවෙන්ම මා සුරන්ජිත් දුන් තෑගි පාර්සලය බැලුවෙමි. එහි රෙදි කැබැල්ලක් තිබුනි..එය කුඩා මල් වැටුනු ගවුම් රෙද්දක් බව දුටුවෙමි......තව ලියුම් කවරයක් ද තිබුනි....සමහර විට ගවුම මහන්න සල්ලි වෙන්න ඇති සිතූ මා එය මේසය මතට විසිකලෙමි....එවිටම අක්කා කාමරයට ආවාය.....තෑගි ටික බලුවද නංගී ...ඇය මගෙන් ඇසුවාය.....දැන් තමයි බලන්න පටන්ගත්තෙ....කී මා අතේ තිබුනු රෙද්ද නැවත කවරයට දැමුවේය.....කාගෙන්ද නංගි ගවුන් රෙද්ද....ඇය ඇසුවාය.....සුරන්ජිත් අයිය දුන්නෙ....මා කීවෙමි....මෙච්චරද එයා දුන්නෙ....ඔව් අක්කෙ ඇයි මා ඇසුවෙමි.....නෑ නිකන් ඇහුවෙ...... කී ඇය අනිත් ඒවත් බලන්නකෝ කීවාය.....මගෙ පර්සලේ ලොකු එකක් වටිනා බඩුවක් තියෙනව....ඇය කීවාය.....මා එය එතූ කොලය ගලවා පෙට්ටිය විවුර්ත කලෙමි....මගේ ඇස් අදහා ගත නොහැකි විය වටිනා පරිඝණක යන්ත්‍රයකි..... ඇයි අක්කෙ මෙච්චර වියදම් කලේ මම මෙව පාවිච්චි කරන්න දන්නෙත් නෑ.....කීවෙමි. පුරුදු වෙන්න පුලුවන් නංගී මම කියාදෙන්නම්...... කීවාය.....අම්මා වයලීනයකුත් තාත්තා කැමරාවකුත් ලොකු අයියා රත්තරන් මාලයකුත් තෑගි දී තිබුනි.....දැන් තේරෙනව නේද අපේ බූරු මල්ලි දීල තියෙන්නෙ මොකක්ද කියල.....ඔය රෙදි කෑල්ල ඔන්නම් රුපියල් දෙසීයක් තුන්සීයක් ඇති......කමක් නෑ අක්කෙ එයාට තියෙන හැටියටනෙ දීල තියෙන්නෙ....මා කීවෙමි.......එයාට සල්ලි නෑ කියන්නෙ කොහොමද ඔයා දන්නෙ නැති හින්ද කියන්නෙ.....අපේ තාත්තට බණ්ඩාරවෙල තේ පැක්ට්රියක් තියෙනව....අක්කර ගානක තේ වත්තක් එක්ක.....තාත්ත ඒකෙ කොටස් අපි තුන්දෙනාගෙ නමට දාල තියෙනව....ඔයා දන්නවද ඒ කොටස් වලට මාසෙකට කීයක් අපේ බැන්කු ගිනුම් වලට එනවද කියල....අපි කැම්පස් ගියා කියල රස්සාවක් කරන්න ඕනෙ නෑ නංගි ඔය ආදායමම ඇති අපිට හොදට සැප විදගෙන ජීවත් වෙන්න.....ඒත් නංගි අපි උපාධී ගන්නෙ පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න මිසක් සල්ලි නැති කමකට නෙවෙයි.....අම්මට කුරුණෑගල පොල් වත්තෙනුයි කුඹුරු වලිනුයි ආදයම එනව....එයා කම්මැලි කමට පන්ති කලාට ලමයින්ගෙන් සල්ලි ගන්නෙත් නෑ.....ඇයගේ කතාව මාව කරකවලා අතහැරියාක් මෙන්විය.....මම මේව අපේ ලොකු කම පෙන්වන්න කියනව නෙවෙයි...නංගිත් දැන් අපේ අපේම පවුලෙ කෙනෙක්....නංගිත් මේව දැනගන්න ඕනැ.....කී ඇය....ඔය සුරන්ජිත් අයිය ඔයාට ඔය රෙදි කැල්ල දීල තියෙන්නෙ නොදී බැරිකමට මොකක් හරි දෙන්න ඕනැ හින්ද....එහෙම නැත්නම් තියෙන ලෝබ කමට.....නැත්නම් අලුත් වාහනයක් ගන්න පුලුවන් කම තියාගෙන පරන එකම පාවිච්චි කරයිද.....ඇය පවසන්ට වූවාය.....

No comments:
Post a Comment