Tuesday, March 14, 2017

සීයා 42......................................අප දෙසෙබලා සිනාසුනු සීයා ....ඔය ලමයි ඒකට බයවෙන්න එපා......ඒ රෙකෝඩින් වල ඔරිජිනල් කොපිය මම ගාව තියෙනව එයාට දුන්නෙ ඒකෙ කොපියක් විතරයි......සීයා මෙසේ පැවසූ විට ඔහු කෙතරම් ඉදිරිය බලා ක්‍රියාකරනවාදැයි අපිට වටගා ගැනීමට හැකිවිය.....ඔහුගේ දැනුම විද්යාව වෙනුවෙන්  පමනක් නොව තමාගේ පහසුව සහ ආරක්ෂාව සදහාද යොදාගෙන තිබෙන බව මට වැටහුනි......සීයා විද්යාඥයෙක් පමනක් නොව ඔහු හොද සටන් කාමියෙක් බව ඔහුද සතුරන්ට පහර දෙන ආකාරය දුටු මට හිතුනි.......සියා දන්නේ මොනවාද නොව නොදන්නේ මොනවාදැයි දැන ගැනිම ලෙහෙසිබව මම කල්පනා කලෙමි.
            ටිකවෙලාවකට පසු පොලිස් නිලදාරියෙකු අපේ නිවසට පැමින මෙම සිද්දිය සම්බන්ධව කටවුත්තර ගෙන .......අපිට තව ඕන උනොත් ආපහු එනව පැවසූ ඔහු නැවත ගියේය....... මාස්ටර් ඉන්දරජිත් ගේ මිනී මැරුම සම්භන්දව මේ සියලුදෙනාම රිමන් භන්ධනාගාර ගතකල කලබව පසුදා ආරන්චිවිය.
             මේ ගැටලුව ඇතිවී සතියක් පමන ගතවිය. ඒ වනවිට අපේ අධ්‍යාපනය වාරය නැවත ආරම්භවිය.......කුසල් දැන් ඔයාගෙ පොරොන්දු කාලය ඉවරවෙලා දවස් කීපයක් උනානේද?.....මා කුසල් සමග කතාකරමින් සිටින අතර තුල ඇසුවෙමි......ඒ මොකක්ද?......කුසල් එකවරම ඇසුවේ කිසිදෙයක් නොදන්නා සේය......ඇයි අනේ ඔයාට ඒකවත් මතක නැද්ද.......අපි දෙන්නගෙ මාරුව ඇරගන්න ඔයා මගෙන් කාලයක් ඉල්ලුවනෙ. දැන් ඒකාලෙ ගෙවිල දවස් කීපයක් උනානෙ......මම පැවසුවෙමි......ආ ඒකත් ඇත්ත......පැවසූ ඔහු.....කොහේද මේ ප්‍රස්න හින්ද ඒකත් අමතකවුනානෙ.......ඔහු කීවේය......සීයගෙ මැසීම දැන් හොදට වැඩකරන හින්ද ඉක්මනට මේ වැඩේ කරගම්මු නේද......අද හෙටම උනත් මම ලෑස්තියි.....මම කීවෙමි.......ටික වෙලාවක් කල්පනාකල කුසල්.........අපිදෙන්න එකපාරටම ආයෙත් වෙනස්වුනොත් ගැටලු එන හින්ද.....ඔයාගෙ යාලුවොත් එක්ක ඉන්න විදිය එයාල මොනවගේද කියල මට හදුනගන්න ඕනැ....ඒවගේ මම ආස්සරේකරන යාලුවො ගැනත් ඔයා දැනගන්න ඕනනෙ......මෙලෙස පැවසූවිට කුසල් පවසනදේවලද සත්යතාවයක් ඇතිබව මට වැටහුනි......එහෙනම් තව සතියක් විතර මේ විදියට ඉදගෙන ඒව ගැන දැනුමක් ලබා ගම්මු......මම යෝජනා කලෙමි.......ඒක හොදයි......කුසල් නොසතුටෙන් මෙන් පවසන බව මට වැටහුනි........මට ඉක්මනට කුසල් වීමට වුවමනාව ඇතත් කුසල්ට නැවත ඉන්දිකාවීමට එතරම් උවමනාවක් නොමැතිබව ඔහුගේ කතාවෙන් සහ හැසිරීමෙන් මම තේරුම්ගත්තෙමි. එහෙත් මා කුසල් බවට පත්වී නැවත මගේ අම්මා තාත්තා අසලට යෑමට දැඩි ආශාවෙන් පසුවුනෙමි......මේ සැරෙත් කුසල් මොකක් හරි උප්පැරිවැට්ටියක් යොදල මේ වැඩෙන් මගහරියිද දන්නෙ නෑ......ඒ හින්ද කල්පනාවෙන් ඉන්න ඕනැ.....මා සිතාගත්තෙමි......මා මේ දින කිහිපයේම මා ඇසුරුකරන ගහැනු යහලුවන් ගැන කුසල්ට පැවසුවෙමි.......ඔව්න්ගේ ගතිගුන......ඔවුන් බෝඩින් කාමරයේ හැසිරෙන ආකාරය පවා ඔහුට පැවසුවෙමි......කෙල්ලොත් එක්ක ඉන්න එක මට ඒතරම් අරුමයක් නෙවෙයි.......මම දැන් කොල්ලෙක් විදියට හිටියට කාලයක් කෙල්ලෙක් විදියටනෙ හිටියෙ.....ගැහැනු ලමුන් හැසිරෙන ආකාරය ඇසූවිට ඔහු සිනාසෙමින් පැවසුවේය......මාත් ඉතින් කොල්ලෙක් වෙලා හිටිය හින්ද මටත් ලොකු ගැටලුවක් වෙන්නෙ නෑ.......මම කීවෙමි........අනේ මන්ද ඔයා ගැනනම් මට කියන්න දන්නෙ නෑ......මාදෙස බලා සිනාසුනු කුසල් කීවේය.......ඇයි එහෙම කියන්නෙ.....මම ඇසුවෙමි.....ඉස්සර ඔයාට තිබුන ගැහැනු ගති දැන් ඔයාගෙ වැඩිවෙලා මිසක් අඩුනම් වෙලා නැතුව ඇති......ඒ හින්ද මට බය ඔයා කොල්ලො අතර සිසී.....කෙනෙක් හරි.....නපුන්සක කෙනෙක් හරි වෙයි කියල.......ඔහු කීවේය.....මොකක්ද සිසි කෙනෙක් කියන්නෙ මා මෙතෙක් කලක් අසා නොතිබුන එම වචනය ගැන ඇසුවෙමි.......සිසී කියන්නේ.....කෙල්ලො වගේ හැසිරෙන කොල්ලන්ට......හැබැයි ඔයා මහ ලොකුවට කුසල් උනා වගේ නෙවෙයි.......සිසී උනොත්නම් කොල්ලො අතරෙනම් ලේසියෙන් ඉන්න බැරිවෙයි......කුසල් කීවේය......හරි හරි මම ඒක හදාගෙන නියම කොල්ලෙක් වගේ ඉන්නම්කො.......මම කීවෙමි.....එහෙමනම් හොදයි......ඔහු කීවේය.....
             සතියක් ගතවීමට තව දිනක් පමන ඉතුරුවී තිබුනි.....අනිද්ද ඉදන් මේ යෙහෙලියො ටික ඔක්කොම මට ඈත් කරන්න සිද්ද වෙනව.....මෙයාල කෙල්ලො වුනත් මෙයාල ගොඩක් හොද අය.....අපි මේ මාස කීපයේ ගොඩක් සතුටින් හිටියෙ.....අනිද්දට ආයෙත් කොල්ලෙක් වෙලා කොල්ලො ගාවට ගියහම මම දැන් විදින සතුට කොල්ලො අතරෙ විදින්න පුලුවන් වෙයිද කියල මම දන්නෙ නෑ......ඒ මොනව උනත් මට ඕනැ ආයෙත් කුසල් බවට පත්වෙන්න......මා මගේ යෙහෙලියන් දෙස බලා කල්පනා කරන විට ඔවුන් හැරයෑමට සිදුවීම ගැන සිත තුල කනගාටුවක් ද ඇතිවිය............
 Transgender body swap ගේ ඡායාරූපය

No comments: