එදා සෙනසුරාදා දිනයකි උදේ නැගිටිනවිට මගේ යටිබද කොරවී වේදනාවක් දැනුනි......කුසල් කිව්ව දේ සිද්දවෙන්න එන්නෙ......දැන් ඒකට සූදානමින් ඉන්න ඕනැ.....මා යටිබඩ අතගාමින් කුස්සිය දෙසට ගියෙමි.....මා දෙස බැලූ සීයා බඩ කොරවෙලානම් කෝපිටිකක් බොන්න දුවේ.....සිහින් සිනාවකින් යුතුව කීවේය......සීයත් මේ ගැන දන්නව වගේ.....මට සිතුනි.....කුසල් පැවසූ පරිදි කෝපි පානය කල පසු වේදනාව තරමක් සමනය වූබව තේරුනි. සවස් වනවිට මගේ මෙන්සන්ස් ආරම්භවී තිබුනි මා කුසල් කියාදුන් පරිදි එම තුවා ඇදගත්තෙමි..... කවද මට මේ කරදරෙන් නිදහස් වෙයිද මන්ද......මේ අතරතුර මා කල්පනා කලෙමි......මේ ආකාරයට නිවාඩු දින දෙක ගෙවා ගත් මා සදුදා පෑසැල් යෑමට ගේට්ටුව අසලට යනවිට ඒ වනවිට කුසල් ගේට්ටුව අසල සිටින බව දුටුවෙමි.......මා දුටු ඔහු.....අරක පටන්ගත්තද.......ඔහු ඇසුවේය......ඔව් අනේ සෙනසුරාද වුනේ තවම තියෙනව......පැවසූ මම.....ඔයා කියල දුන්න හින්ද හොදට ගියා නැත්නම් හරි වැඩේ වෙන්නෙ......මා කීවෙමි.....ඔයා ට ගැටලුවක් වෙන හින්ද තමයි මම මේක ඔයාට කිව්වෙ......ඔහු කීවේය.......මේ මටත් ඔයාගෙන් පොඩි දෙයක් අහන්න තියෙනව........ඔහු කීවේය....මොකක්ද කුසල්.......මම ඇසුවෙමි......ඔයාට මොකක් හරි අසනීපයක් තිබුනද.......විශේස අසනීපයක්නම් තිබුනෙ නෑ.....ඇයි මොකද උනේ....මම ඇසුවෙමි.......මට පොඩි වැඩක් වෙනව මම හිතුවෙ ඒක අඩුවෙයි කියල ඒත් හැමදාම හැදෙනව.......ඔහු ලැජ්ජාවෙන් මෙන් කීවේය.......මොකක්ද කියන්නකො....මම ඇසුවෙමි.....මගේ චූ කරන එක උදේට ලොකු වෙනව මොකද මන්ද......ඔහු සෙමින් කීවේය......එය ඇසුනු මට සිනානොවී සිටීමට නොහැකිවිය......මොකද හිනාවෙන්නෙ......ඔහු ඇසුවේය........ඕක කොල්ලන්ට වෙන සාමාන්‍ය දෙයක් ......මම පැවසුවෙමි.....ඒකත් එහෙමද පැවසූ ඔහු.....මොකක් හරි නරක සිතුවිල්ලක් ආවහමත් එහෙම වෙනව.......සමහර වෙලාවට ඇදගෙන ඉන්න කලිසමෙනුත් එලියට ඉලිප්පිලා පේන්න ගන්නව ලැජ්ජාවෙ බෑ.....හරිම කරදරයක්නේ........ඔහු කීවේය......ඔහොම තමයි අනේ කොල්ලො උනාම......ලස්සන කෙල්ලෙක් ගැන හිතගිය ගමන් ඔහොමවෙනව.......මම සිනාසෙමින් කීවෙමි......මට ඉතින් මෙච්චර කාලයක් ඔහොමදෙයක් තිබුනෙ නෑනෙ .......පැවසූ ඔහු ඔයාටනම් දැන් එහෙම දෙයක් වෙන්නෙ නෑ නේද.....එහෙම වෙන්න ඔයටත් දැන් ඒක නෑනෙ.....ඔහු කීවේය.....ඔව් ඒක නම් ඇත්ත දැන් ඒ කරදරෙන්නම් නිදහස්......ඒ වුනාට මම කැමති නෑ මේ ගැහැනු ජීවිතේට.......මා කීවෙමි........ඔන්න ආයෙත් ඕක ගැන කියවන්න ගත්ත......ඇස්වල කදුලු එහෙම පුරවගන්න එපා......මටත් එක්ක ලැජ්ජයි.....මා පොඩ්ඩ බැරිවෙනවිට ඇස්වල කදුලුපුරවා ගන්නා බව දන්නා ඔහු කීවේය......බිම බලා ගත්මම නිස්සබ්ද උනෙමි.........මා කුසල් ලෙස සිටින කලද කුඩා කනගාටුවක් ඇතිවූ විට ඇඩුම් එනබව දැනුනි එහෙත් මා එදා කොල්ලෙක් නිසාත් ඇඩීම පිරිමි කමට නින්දාවක් යනුවෙන් සමාජ සම්මතයක් ඇති නිසාත් ඒ ඇඩීම බලහත් කාරයෙන් නවතා ගත්තෙමි....එහෙත් මා දැන් ගැහැනු ලමයෙකි......ගැහැනු ලමයෙකුගේ ඇස්වල කදුලු පිරුනු විට සමාජයේ අනුකම්පාවට ලක්වෙනවා මිස අපහාසයට ලක්වෙන්නේ නැත....දැන්මට මගේ සිතට ඇතිවන හැගීම් කදුලුවලින් පිටකිරීමට හැකිවීම මගේ හිතට සහනයක් ගෙන දෙන බව දැනුනි....
දින දෙක තුනක් ගතවන තුරු කුසල් මගේ අසනීප තත්වය ගැන විපරම් කරන්ට විය.......දින කීපයකින් එය නැවතුනු බව දැනුනි.......දැන්නම් හොදයි කුසල් මම පවසූ විට......දැන්නම් කෙල්ලගෙ හිතට සහනයක් ඇති නේද.....ඇසුවේය.......ඊලග මසෙටත් මටම මේකට මුහුන දෙන්න වෙයිද දන්නෙ නෑ......මම කීවෙමි.......ඒක ඉතින් තීරනය කරන්නෙ සීයනෙ....ඊට ඉස්සෙල්ල..සීය ඒක හදාගෙන අපිව මාරුකෙරුවත් මම ඕකට මුහුන දෙන්න ඕනැනෙ.......ඔහු කීවේය.......කාට උනත් ඒක හරි කරදරයක් නේද.....මා ඇසුවෙමි.......එහෙම කරදරයක් කියල මටනම් හිතුනෙ නෑ......ඔයා ඕකට පුරුදු නැති හින්ද එහෙම හිතෙනව ඇති.......ඔහු කීවේය.
අපි දෙදෙනා මාරුවී මසක් පමන කාලයක් ගතවිය. මා ටිකෙන් ටික ගැහැනු ජීවිතයට හුරුවෙමින් සිටියෙමි.......මේ අතර අපේ පසැලේ බාස්කට් බෝල තරගාවලියක් සංවිධානය කර තිබුනි.....එම තරගාවලිය සදහා අවට පාසැල් කිහිපයක්ද සහභාගීවිය. දිනක් අපි ක්‍රීඩා තරගයක් නරබන අතර තුර අසල පාසැලක පිරිමි ලමයෙක් මා දෙස බලමින් මට උසුලු විසුලු කරන බව දුටුවෙමි.......ඔහු අසල සිටි ඔහුගේ මිතුරන්ද එයට අනුබල දෙන බව දුටුවෙමි......

No comments:
Post a Comment