අපේ නවක වද කාලය අවසන් විය ජේස්ට සිසුන් අපිව සුහදව පිලිගත්තෝය.....මා ඉන්දිකා වසයෙන් යෙහෙලියන් කිහිප දෙනෙක් හදුනා ගැනීමට ලැබුනි.......මා මෙන්ම කුසල් සහ ප්රනීත්ද අලුත් යහලුවන් ඇතිකරගෙන ඇතිබව පෙනෙන්ට තිබුනි......ඉන්දිකාට දැන් ගැහැනු යාලුවොත් ගොඩක් ඉන්නව වගේ නේද .....දිනක් ප්‍රනීත් ඇසුවේය.......කෙල්ලෙක් උනාම කෙල්ලොනෙ වැඩිපුර ආස්සරේ කරන්න වෙන්නෙ......මම කීවෙමි......කී..කාලෙකටද........ඔහු ඇසුවේය.....ආ ඒකත් ඇත්තනෙ.......සීය මැෂින් එක හැදුවගමන් මේ යෙහෙලියො ටික මට නැතිවෙනවනෙ......ඒත් මම තාමත් කැමතියි ප්‍රනීත්..... ආයෙත් කුසල් බවට පත්වෙන්න......අනේ මන්ද ඒක ඉතින් ඔයාගෙ කැමැත්තනෙ.......පැවසූ ඔහු සුසුමක් පිට කලේය......මා මෙලෙස කෙල්ලෙක් ලෙසටම සිටිම ඔවුන් සැමගේම කැමත්ත බව කුසල්,සීයා සහ ප්‍රනීත් ගේ කතාවලින් මට තේරුම් ගොස් තිබුනි.....එහෙත් මගේ සිත නිතරම පවසන්නේ ආපහු කුසල් බවට වෙනස්වෙන ලෙසය.......
ඉන්දිකා මම ඔයාට දවසක් කිව්ව නේද මගේ අම්ම තාත්ත ගැන කියන්නම් කියල......අපිට දේසන නොමැති වෙලාවක කුසල් කීවේය......ඔව් මට මතකයි ඒත් මම ඒගැන ඇහුවෙ නෑ ඔයාගෙ හිත රිදෙයි කියල......මම කීවෙමි......කුසල් මා සමග පිට්ටනියේ පඩිපෙල මත වාඩිවූයේ එම කතාව පැවසීමටය......මගේ තාත්ත තමයි මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ල හිටිය කරාටේ ගුරුවරයෙක් වෙන මාස්ට ඉන්ද්‍රජිත් ......මාස්ටර් ඉන්ද්‍රජිත් ගැන මම අහල තියෙනවනෙ එයා මොකක්ද වෙලා මලානේද?......මම ඇසුවෙමි......එයා මලේ නෑ සතුරො එයාව මැරුව......මගේ අම්මවත් මා ඉස්සරහම මරල දැම්ම.......මම පැන්න මාව උන්ට අහුවුනේ නෑ.....ඊට පස්සෙ තමා සීය ගාවට ආවෙ......ඔහු දුක්බරව පැවසුවේය......අපේ තාත්ත හොන්කොන් ගිහින්තමයි සටන් කලාව වැඩි දුරටත් හදාරල තියෙන්නෙ......එහිදී බ්රූස්ලිගේ ගෝලයෙකුගෙනුත් ඉගෙන ගෙන තියෙනව......අපේ තාත්ත බ්රූස්ලිවත් දැකල තිබුන කියල මට කිව්ව......එයා සටන් කලා කිහිපයක් පුහුනු වෙලා තියෙනව.....ලන්කාවෙ පාරම්පරික සටන් කලාවක් වන ගුස්ති කියන කලාවත් හදාරල තියෙනව......එයා ඉගෙන ගෙන තියෙන හැම දෙයක්ම වගේ මට කියල දුන්න.......ගුස්ති වල තියෙනව රහස් නිල ක්‍රමයක් ඒ තැන් වලට පහර දුන්නොත් දින තියල මරන්න පුලුවන්......ඔයත් දන්නවද ඒව......මම පුදුමයෙන් ඇසුවෙමි......ඔව්...කාටවත් ඒව දෙන්න එපා කියල ඉගැන්නුව......කවදාවත් ජීවිතයක් හානිකරන්න මේ සටන් ක්‍රමය පාවච්චි කරන්න එපා කියලත් කිව්ව.......කුසල් එසෙ පැවසූවිට .....එත කොට මොකටද ගහගන්න පුරුදුවෙන්නෙ......මම ඇසුවෙමි.......සතුරාව අඩපන කරල මර්දනය කරන්න......ඔහු කීවේය......එතකොට තාත්තවයි අම්මවයි මරපු අයට මොකද වුනේ......උන්ටික පොලීසියට අහුවුනේ නෑ සාක්කි තිබුනෙ නැති හින්ද......එතකොට ඔයා දන්නවද ඒ මිනී මරුවො.......මම ඇසුවෙමි......ඔව් මම දන්නව උන්තුන්දෙනා අද සමාජයේ ඉහලින් වැජබෙනව.....මම කොල්ලෙක් වෙලා හිටියනම් මෙලහටත් උන්ගෙන් ගෙන් පලිඅරන්.......දැන් ඔයා කොල්ලෙක්නෙ දැන් පලිගන්න හිතෙන්නෙ නැද්ද.....මම ඇසුවෙමි....එදා මම කොල්ලෙක් වෙලා හිටියනම් උන්ව මරනව.......දැන් මම ඒ මෝඩ පවුකාර වැඩේ කරන්නෙ නෑ.......ඒත් මම උන්ගෙන් පලිය ගන්නව.......ඔහු කීවේය......

No comments:
Post a Comment