නැන්දා ට මගේ කාමරයට අල්ලපු කාමරය ලැබුනි......නැන්දා මගෙන් නොයෙක් ප්රස්න අසන්ට විය......එහෙත් සමහර පැනවලට මට උත්තර දීමට නොහැකිවිය......අපරාදෙ කුසල් හිටියනම් මේව අහගන්න තිබුන..මට සිතුනි....මොනවද දුවේ ඔයා මෙහාට ආවට පස්සෙ හැමදේම අමතක වෙලාද......නැන්දා දොස් කියන්ට විය......මා ඉන්දිකා නොවන බව දන්නේ මාත් සීයත් පමනි......එහෙත් මේබව නැන්දාට නොකියන ලෙස සීයා මට පවසා තිබුනු නිසා නැන්දාට අපේ හුවමාරුව ගැන හැගෙවුවේ නැත......දින දෙකක් ගතවන විට මා නැන්දාට හුරුවුනෙමි.......ඇය එතරම් උස මහත නැති තනැත්තියක් වුවද රූමත් බවින් අඩුවක් නොමැති බව දුටුවෙමි.....කොන්ඩය දිගුවට වවාසිටි ඇය......ගැමි ගතිගුන ඇති කරුනාවන්ත තැනැත්තියක් වූවාය......ගෑනියෙක් වෙනවනම් මේවගෙ ගෑනියෙක් වෙන්න ඕනැ......ඉන්දිකාටත් මේවගෙ ගතිගුන තියෙනවනම් කොයිතරම් හොදද.....ඒත් එයාට තියෙන්නෙ පිරිමි ගතිගුනනෙ.....මා ඉන්දිකා සහ නැන්දා සසදමින් කල්පනා කලෙමි......දුවේ මම ගිහින් එනකල් නැන්දත් එක්ක පරිස්සමින් ඉන්න.......සීයා ගෙදරින් පිටවීමට පෙර කීවේය......
සීයා ගෙදරින් පිටවූ දින සිට මා නැන්දා සමඟ නිවසේ තනිවිය. ඇය සමග ගතකල කාලය තුල මා ගැහැණු ලමයෙකු වශයෙන් දැනගතයුතු කාරනා විශාල සංඛ්‍යාවක් දැන ගත්තෙමි.......මේ මොනව ඉගෙන ගත්තත් මම ආයෙත් කුසල් උනාම මේව වැඩක් නෑ.....ඒත් නැන්ද කියාදෙන හින්ද අහනව.....
මේ අතර මා නිතර විමසුවේ කුසල් ගැනය කුසල් ගෙදරින් ගොස් සතියක් ගතවන විට ගෙදරට කතා කලෙමි.....එහෙත් කුසල් පැමින සිටියේ නැත......සීයා පැවසූ පරිදි සතියකින් ආපසු පැමිනියේය......ඔන්න දුවේ මැසින් එක හදන්න ඔක්කොම කෑලිහරි......සීයා සතුටින් කියනු අසාසිටි නැන්දා.....මොන මැසින් එකක්ද.....ඇසුවාය.....සීයගෙ පරීක්ෂණයක් නැන්දේ.....මම කීවෙමි......අපේ තාත්ත එදා ඉදන්ම පරීක්ශනම තමා.....දැන් වයසට ගිහිල්ලත් ඒ වැඩේම කරනව නේද දුවේ......නැන්දා මාදෙස බලා සිනාසෙමින් පැවසුවාය.....සීයා මැසිම හැදුවත් කුසල් නොමැතිව වැඩක් වෙයිද......මෙයා කොහේ ගිහින්ද.
සීයා පැමිනි පසුද .. දින දෙකක් අපේ නිවසේ නැවතී සිටි නැන්දා ආපසු යෑමට සූදානම් විය.....මගේ දුව හරිම හොදයි තාත්තෙ......මගේ දරුවන්ට වඩා මේ දුව හොදයි කියල මට තේරෙනව......මට දුවව දාලයන්නත් දුකයි......ඇය මාව තුරුලට ගෙන සිප ගනිමින් පැවසුවාය.....මෙවැනි කරුනා බර නැන්දා කෙනෙකු ලග සිටීම කොයිතරම් වාසනාවක්ද.....මටද සිතුනි......ඇය සමුගන්නාවිට මගේද ඇස්වලට කදුලු පිරුනේ නොදැනුවත්වමය......මා පහත්වී ගවුමේ සායෙන් කදුලු පිසදමන අයුරු බලාසිටි නැන්දා......අඩන්න එපා දුවේ....මම ආයෙත් එන්නම්කො දුවව බලල යන්න...... පැවසුවාය.
ඔන්න දුවේ මැෂින් එකේ වැඩේනම් හරි අපේ ලමය එක්ක ආවොත් දැන් පුලුවන් ඔය දෙන්නගෙ පැටලිල්ල ලෙහා දෙන්න.......නැන්දා ගොස් සතියක් පමන ඉක්ම වෙද්දී සීයා පැවසුවේය.....එය ඇසුනු මා සතුටින් දුවගොස් කුසල්ට දුරකතන ඇමතුමක් ගත්තෙමි.......අයිය ගෙදර නෑ.....මල්ලීගේ කටහඩ ඇසුනි......කොහේ ගිහින්ද මල්ලී.....මම ඇසුවෙමි.......ට්‍රිප් එකක් ගිහින් තාම ආවෙ නෑ...අක්කෙ...ඔහු කීවේය.....කවද්ද එනව කිව්වෙ මා ඇසුවෙමි.....ඇයි අක්ක්ට එන දවස කිව්වෙ නැද්ද......ඔහු ඇසුවේය.....නෑ මල්ලි.....මම කීවෙමි.....අයිය පුදුම කෙනෙක්නෙ......එයාගෙ ගර්ල් ප්‍රෙන්ඩ් ටවත් කියල ගියෙ නැද්ද.......ඔහු කුසල්ට දොස් කියන්ට විය......මම එයාගෙ ගර්ල් ප්‍රෙන්ඩ් නෙවෙයි මල්ලියෙ කැම්පස් එකේ යාලුවෙක්......විස්තරයක් දැන ගන්න කතාකලේ.....මම කීවෙමි.....ආ එහෙනම් එයා ට්රිප් එක යන්න ඇත්තෙ එයාගෙ ගර්ල් එක්ක.....එහෙනම් අක්කෙ කවද එයිද දන්නෙ නෑ.....ඔහු සිනාසෙමින් කීවේය......එහෙනම් මම තියන්නම් මල්ලි.....කලකිරුනු සිතින් යුතුව මා රිසීවරය තැබුවෙමි.....අනේ මන්ද මේ කුසල් මොනව කරනවද කියල එයා මේ වැඩෙන් මග හරිනවද එහෙම වුනොත් මට ඉන්න වෙන්නෙ හැමදාම කෙල්ලෙක් වෙලා.....බලාපොරොත්තු සුන්වූ මම කල්පනා කලෙමි........

No comments:
Post a Comment