ඒයි ප්‍රනීත් උබට අමාරුද බන්......මහන්සියෙන් වාඩිවී සිටි ප්‍රනීත් අසලට ගිය කුසල් ඇසුවේය......ඉන්න මම බොන්න මොනව හරි හදාගෙන එන්නම්......පැවසූ මම කුස්සිය දෙසට යෑමට සූදනම් වනවිට.......ඔය දරුවො ටික ඔහොම වාඩිවෙලා ඉන්න මම හදාගෙන එන්නම්......සීයා කුස්සිය දෙසට ගියේය......භීතියෙන් හෙම්බත්වී සිටි මම පුටුවේ වාඩිවී ඇන්දට හේත්තුවී ඇස්පියාගත්හෙමි........ඉන්දිකානම් තාමත් බයවෙලා වගේ......කුසල් පැවසූවිට......එයා ඉතින් කොහොමත් බයේ ජීවත්වෙන එකේ මේ වෙලාවෙ බයවෙන්නෙ නැද්ද බන්.......ප්‍රනීත් සිනාසෙමින් පැවසුවේය.......බය හිතෙන්නෙ නැද්ද බන් අපිව ගැටගහල පිහිය අරන් අනින්න එනකොට......පස්සෙනෙ දැනගත්තෙ ඒ සීය කියල.....අපේ වාසනාවට සීයයි ඌයි පුටුවෙදි මාරුවෙලා.....එහෙම උනේ නැත්නම් අපිට අද මැරුම් කන්න තමා වෙන්නෙ......කුසල් කීවේය.......මම ඉන්න කන් එහෙම වෙන්න දෙන්නෙ නෑ බන් මම එලියෙ ඉන්න එවුන්ට ගහල ගේ ඇතුලට එන්න ආවෙ එතකොට මම දැක්ක උබත් එලියට ඇවිත් උන්ට ගහනව.......ප්‍රනීත් පැවසුවේය.........බියෙන් තැති ගැනීමෙන් සිටි මම කිසිවක් නොකියා පුටුවේ ඇලවී සිටියෙමි.......බොන්න ලමයිනේ......සීයාගේ කටහඩ ඇසුනි........ඉන්දිකා මේ බීම එක බොන්න......කුසල්ගේ කටහඩින් මා ඇස් දෙක ඇරියෙමි.....දුව හොදටම බයවෙලා වගේ......සීයා මට බීම වීදුරුව දෙන ගමන් පැවසුවේය..........මේ පුතාටත් හොදට පයිට් කරන්න පුලුවන්නෙ.......සීයා...... ප්‍රනීත් දෙස බලා පැවසුවේය......මෙයා මගේ ගෝලයෙක්නෙ සීයෙ......කුසල් කීවේය......එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ......සීයා අසල පුටුවේ වාඩිවී පැවසුවේය.......සීය ලොකු වැරැද්දක් කලේ........කුසල් කීවේය......ඒ මොකක්ද .....සීයා ප්රස්නාර්ත්ව ඇසුවේය.......සීය ඇයි අර කැසට් එක ඉන්ස්පෙක්ටට දුන්නෙ.....එයා ඒකට මොනව කරයිද දන්නෙ නෑ.....අපිට සාක්කියක් කියල තියෙන්නෙ ඕක විතරමයි.....ඒකනම් ඇත්ත සීයෙ....අපරාදෙ ඒක එයාට දුන්නෙ......අපිට ඒක ඉදිරිපත් කරන්න තිබුනෙ.....උසාවියෙ සාක්කි විභාගකරන කොට......මම කීවෙමි......එහෙම කියල හරියන්නෙ නෑනෙ ලම්යිනේ.....නඩුවක් ගොනුකරන්නත් සාක්කි තියෙන්න ඕනැනෙ......සීයා පැවසුවේය.....සීයා පැවසූ දෙය සත්‍යය වුවද පොලිස් පරීක්ශක තුමා එහි ඇති සාක්කිවල යම් විකුර්ති තාවයක් කලොත් හෝ...එම කැසට් එක නැතිකලොත් සීයාගේ උත්සාහය වතුරේ යන බව මටද තේරුනි......මේ ආව පොලිස් පරීක්ෂක අවන්ක පුද්ගලයෙක්නම් හොදයි....එහෙම නැත්නම් තමා ගටලුව.....මා කල්පනා කලෙමි......

No comments:
Post a Comment