ගෙදර පැමිනි මා ඇදගෙන සිටි සියලු කාන්තා ඇදුම් ඉවත් කර කොට කලිසමක් ඇද ටී සර්ට් එකක්. ඇදගත්තෙමි. මොනවද මේ ආයෙත් ඇඳගෙන ඉන්නෙ......මාව දුටු ආත් අම්මා ඇසුවාය. ඇයි... වෙනද අදින ඒවම තමයි....මා කීවෙමි......වෙනද ඇන්දට ඔයා දැන් ලමිස්සියෙක්.....ඊයෙ ඔයාට ගැහැනු ඇදුම් තිබුනෙ නැති හින්ද මම මොකුත් කිව්වෙ නෑ.....අද ඉදන් ලමිස්සියෙකුට සුදුසු ඇදුම් අඳින්න ඕනැ..... ඇය එසේ පැවසුවද මා එය ගනනකට නොගෙන ඒවා ඉවත් කරීමෙන් මග හැරියෙමි.
පසුදින උදෑසන පාසැල් යා යුතු යයි කල්පනා වුනු මා.....ආත්තම්මෙ කොහොමද දැන් මම හෙට ඉස්කෝලෙ යන්නෙ..... ඇසුවෙමි......ඇයි ලමයො වෙනද ගියා වගේ කකුල් දෙකෙන්නෙ.....ඇයගේ පිලිතුර විය.....මම දැන් කෙල්ලෙක්නෙ ආත්තම්මෙ මම කොහොමද කෙල්ලෙක් විදියට හෙට යන්නෙ.....මා ඇයට පැහැදිලි කර දුන්නෙමි.....ඒකත් ගැටලුවක් තමා පවසා ටික වේලාවක් කල්පනා කල ඇය.....බලමුකො හෙට උදේට මොකද වෙන්නෙ කියල......ඇය එය විශාල ගෙටලුවක් ලෙස කල්පනා නොකර සැහැල්ලුවට ගෙන පැවසුවාය......අනේ මන්ද මෙට කෙල්ලෙක් විදියටනම් ඉස්කෝලෙ යන්න බෑ....මා තදින් කියා සිටියෙමි.....ඕකට දැන් කෑගහල වැඩක් නෑ හෙට උදේට බලමුකො.....ඇය සැරෙන් මෙන් කීවාය.
මා රාත්රී නින්දට ගියේ පසුදින තත්වය ගැන දෙගිඩියාවෙන් යුක්තවය. ආත් අම්ම ඉස්කෝලෙට ගිහින් ප්රින්සිපල්ට කියයිද දන්නෙ නෑ.....මාව කෙල්ලෙක් වෙලා කියල....එහෙම උනොත් නිමල් කෙල්ලෙක් වෙලා කියල මුලු ඉස්කෝලෙම ඉන්න එවුන් මට කොලොප්පන් කරයි ඊට වඩා හොදයි ඉස්කෝලෙ නොගිහින් ඉන්නව....මාව වෙන කෙනෙක් විදියට ඉස්කෝලෙට බාරදුන්නොත් නම් ඒ තරම් ගැටලුවක් වෙන එකක් නෑ....කවුද දන්නෙ ආත් අම්ම මොකක් හිතාගෙන ඉන්නවද කියල....මා එසේ කල්පනා කරමින් නින්දට ගියෙමි.සුපුරුදු පරිදි උදෑසන අවදිවුනෙමි. මගේ කුමක් හෝ වෙනසක් සිදුවී ඇති බව තේරුනු මා හිස අත ගෑවෙමි. දිගු වරලස වෙනුවට කොටට කැපූ හිස කෙස් අතට අසුවිය. ඉක්මනින් පපුපෙදෙස අතගෑවෙමි. ඊයේ තිබුනු පියයුරු අතුරුදහන්වී නැවත පපුව පිරිමියෙකුගේ මෙන් වී ඇති බව තේරුනි. කලිසම යටින් ඇල්ලූවිට පුරුෂ ලිංගික පද්ධතිය අසුවිය. ඉක්මනින් කැඩපත අසලට ගියෙමි.මා පුදුමයට පත් කරමින් නැවත නිමල් බවට පත්වී ඇති බව දුටුවෙමි. මට සතුටින් කෑගැසුනි ඉක්මනින් ආත් අම්මා අසලට ගිය මා....මේ බලන්න ආත් අම්මෙ මම දැන් ආයෙත් නිමල් වෙලා.....සතුටෙන් යුතුව පැවසුවෙමි......හරි හරි දැන් ගිහින් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න.....ආත් අම්මා ගනනකට නොගෙන කීවාය......මාව ආයෙත් කොල්ලෙක් වුනා කියල ආත්තම්මට අප්සෙට් ඇති ඒකයි මාව ආයෙත් පිරිමියෙක් වුනා කිව්වම ගානවකටවත් ගත්තෙ නැත්තෙ......සිතමින් මුහුන සෝදා ගැනීම සදහා නාන කාමරය තුලට ගියෙමි.
මා සුපුරුදු පරිදි පාසැල් නිල ඇදුම ඇදගෙන පාසැල් යෑම සදහා පිටත් වුනෙමි. ඔයා ආයෙත් කොල්ලෙක් උනාට කමක් නෑ රස්තියාදු ගහන්නෙ නැතුව දෙකහමාර වෙනකොට ගෙදරට එන්න ඕනැ......ඇය වෙනදා කරන සුපුරුදු අවවාදය දුන්නාය.....

No comments:
Post a Comment