ඔහු මගේ ඇඟට තව තවත් දුම් අල්ලමින් මතුරන්ට විය. ටික වෙලාවක් මතුරූ ඔහු....දැන් පුතාටත් බඩගිනි ඇති නේද.....අපි කෑම ටිකක් කාලම ඉතුරු ටික පටන්ගම්මු......කී ඔහු නැවත තඹ පත මල් මත තබා පැවසුවේය.....
මගෙ ඇඟේ ඉන්න යකා එලියට ගියාද අන්කල්.....මා බත්කන අතර තුර ඔහුගෙන් ඇසුවෙමි.....තාම නෑ පුතේ ඒ යකා ලේසියෙන් යන එකෙක් නෙවෙයි....ඔහු බැරෑරුම් ලෙස පිලිතුරු දුන්නේය.....තව ගොඩක් වෙලා යයිද මා ඇසුවෙමි. කොච්චර වෙලා යයිද කියන්න බෑ ඌ යනකම්ම මතුරන්න ඕනැ.....ඔහු කීවෙය.....අම්මෝ එහෙනම් රෑවෙනකම්ම මතුරයි. මම අද හවසට සරත්ගෙ ගෙදර යන්න හිතාගෙන හිටියෙ ඒකත් බැරිවෙනව.....දුක් මුසුව කල්පනා කරන්ට වුනෙමි.......ඔය යකා කවදද අන්කල් මගේ ඇගට ආවෙ.....මම ඇසුවෙමි......පුතා උපන්න දවසෙ ඉදම්ම ඕක පුතාගෙ ඇගේඉන්නෙ....ඔහු මා දෙස බලා සියල්ල දන්නෙකු ලෙස ප්‍රකාශ කලේය....අන්කල් කොහොමද දන්නෙ....මා ප්‍රශ්න කලෙමි....මම දන්නෙ නැද්ද ඇග දිහා බැලුවාම කියන්න පුලුවන්....එතකොට අන්කල්ට යකාව පේනවද .....මා පුදුමයෙන් ඇසුවෙමි.....පේන හින්ද නේන්නම් කියන්නෙ පුතේ.....ඔහු ගනනකට නොගෙන කීවේය. එතකොට මගෙ ඇගේ මේක දිගටම ඉදල තියෙනවනෙ.....මගෙ අම්මයි තාත්තයි මැරුවෙත් මේ යකාද දන්නෙ නෑ.....මේක කියන ඒව මන් ලවා කරවගන්න අම්මයි තාත්තයි ඉඩ දුන්නෙ නැති හින්ද .....මූ ඒ දෙන්නව මරන්න ඇති....මම අහල තියෙනව යක්කු ඕවගෙ වැඩ කරනව කියල......එහෙම කලානම් මූව තියන්න වටින්නෙ නෑ.....මා කෑම කන අතරතුර කල්පනා කලෙමි.
කෑම ගැනීමෙන් අනතුරුව ඔහු නැවත තඹ තහඩුව මගේ හිසමත තබා මතුරන්ට විය. මූ කොයි වෙලාවෙ යයිද දන්නෙ නෑ.......මට හිතෙන්නෙ තඹ තදුව ඔලුවෙ තියෙනකොට මූට ඉන්න බැරුව ඇති....දැක් කොයි වෙලාවෙ හරි එක පාරටම එලියට පනියි.....එතකොට ඌව මට බලාගන්න පුලුවන් ....සිතමින්..මා නිශ්සබ්දව බලා සිටියෙමි.....එකවරම.....

No comments:
Post a Comment