කෑම ගෙන මුහුන සෝදාගත් මා ආත් අම්මා මුලුතැන්ගෙය අස්පස් කර පැමිනෙන තුරු බලා සිටියෙමි. ඇගේ කාමරයට ඇතුල් වූ පසු මා ඇය පසුපස ගොස් කාමරයට ඇතුලු වුනෙමි. ආ දුවත් ආවද.....ඇසූ ඇය..... දුවට ඒ කාමරේ තනියම නිදාගන්න බයනම් මේ කාමරේට ඇවිත් නිදාගන්න......දන් අපි දෙන්නම ගෑනුනෙ ඒ හින්ද ගැලලුවක් නෑ.....සිනාසෙමින් කීවාය......මම බය නෑ ආත්තම්මෙ මම මෙච්චරකල් නිදාගත්තෙ තනියමනෙ......මා කීවෙමි.....ඒ ඔයා කොල්ලෙක් විදියට ඉන්න කොටනෙ දුවේ.....දැන් ඔයා ලමිස්සියෙක්නෙ.......ඇය පැවසුවාය.... ඒ වුනාට කමක් නෑ මම තනියම නිදාගන්නම්.....පැවසූ මා.....ආත්තම්ම කිව්ව නේද මට ආයෙත් කොල්ලෙක් වෙන්න පුලුවන් කියල. ඒ කොහොමද ආත්තම්මෙ.... ඇසුවෙමි.......ආ ඒක ඔයාට සුලු දෙයක්නෙ......ඇය සිනාසෙමින් කීවාය......ඒ කොහොමද......මා උනන්දුවෙන් ඇසුවෙමි.......ඔයාට දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.....ඇය පැවසූ විට ඒ මොකක්ද ආත්තම්මෙ මම දැන් උනත් කරන්නම්.....මගේ උනන්දුව වැඩි කමට කීවෙමි.....දැන් කරන්න බෑ දරුවො....ඔයාට තියෙන්නෙ ඔය සේරම අනම් මනම් හිතෙන් අයින් කරල ලබන අවුරුද්දෙ විභාගෙ ඉහලින් පාස්වෙන එක......අයියෝ ආත්තම්මෙ එතකල් තව කොච්චර කාලයක් මේ විදියට ඉන්නද.....හදිසියේ බලාපොරොත්තු බිඳවැටුනු මා ඇසුවෙමි.......කරන්න දෙයක් නෑ ඔයාට ආයෙත් පිරිමියෙක් විදියට ඉන්න ඕනැනම් මන් කියන විදියට කරන්නම වෙනව......ඇය දැඩි ස්වරූපයෙන් පැවසුවාය......වෙන විදියක් නැද්ද ආත්තම්මෙ......නැහැ..... ඒ කට්ටඩි මහත්තය ඔයාට මතුරපු මන්තරවල බල පිහිටවල තියෙන්නෙ......විභාගෙ හොදට පාස්වුනොත් විතරක් ආපහු කොල්ලෙක් බවට පහ්වෙන විදියට.....දැන් ඒක වෙනස් කරන්න කාටවත් බෑ.....ඔයාටම විතරයි පුලුවන්....ඔයා මහන්සිවෙලා පාඩම් කරල පාස්වුනොත් ඔයා ආයෙමත් කලින් හිට්ය වගේ කොල්ලෙක්......ඇය විතර කරන්ට වූවාය.....අයියෝ.....තව අවුරුදු දෙකක් විතර මේ විදියට හිටපන්කො......මා කනගාටුවෙන් කල්පනා කලෙමි.....දුව මොනවද කල්පනා කරන්නෙ.....පාස්වෙන්න බැරිවෙයිද....ඇසුවාය.....හරි.... හරි.... මම පාඩම් කරල කොහොම හරි විභාගෙ පාස්වෙන්නම්කො ආත්තම්මෙ.....කී මම.....බැරි වෙලාවත් පේල්වුනොත්.....ඇසුවෙමි....පේල් උනොත් ඔයාට හැමදාම ඉන්න වෙන්නෙ ඔය විදියට තමා.....මොකද කොල්ලෙක් උනාමනෙ විභාග පාස්කරල ලොකු රස්සාවල් හොයාගන්න ඕනැ.....කෙල්ලන්ට විභාග පාස් වුනා නැතැයි කියල ගැටලුවක් නෑනෙ....ඔයාට දේපල ගොඩක් තියෙන හින්ද රූපෙත් ලස්සන හින්ද හොද කොල්ලෙක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ......ඇය සිනාසෙමින් කීවාය. දැන් ඔයාගෙ අතේ තමයි තීරනේ තියෙන්නෙ......විභාග පාස්කරල කොල්ලෙක් වෙලා හොද රස්සාවක් කරනවද විභාග පේල් වෙලා ගෙදරට වෙලා ඉඳගෙන පිරිමියෙක් එක්ක දීග කනවද.....

No comments:
Post a Comment