ටික වෙලාවකින් අපිට තේ හදාගෙන පැමිනි නිලන්තිගේ අම්මා.....ඔය දුව ආපුඑක හොදයි.....නිලන්තිත් තනියම පාඩම්කරන්න කම්මැලියි කිය කියා හිටියෙ....ඔය දූගෙ නම මොකක්ද ...අන තුරුව ඇසුවාය.....චතුරිකා.....මම කීවිට.....ඇයි අම්මට මතක නැද්ද ඔය නම මම කීපාරක් කිව්වද......නිමන්ති පවසන්ට වූවාය.
සවස් වනතුරු ඇගේ නිවසේ සිටි මා කරුවල වැටීමට කලින් ගෙදර යායුතු බැවින් එලියට ගියෙමි......අම්මේ චතුරිකා යන්න හදන්නෙ.....ඇය අම්මාට කීවාය.....කරුවල වැටෙන්න ඉස්සෙල්ල යන්න දුවේ කී ඇය.....මා දෙස හොදින් බලා තනියම යන හින්ද පරිස්සමින් යන්න.....ඇය එසේ පැවසුවේ මා වැනි රූමත් තරුනියක් තනියම පාරේ යෑම අනතුරු දායක බව වැටහීමෙන් බව තේරුම් ගත්තෙමි.......ආයෙ එනව නේද දුව.....ඇය ඇසුවාය.....ඔව් අම්මෙ හෙටත් එන්නව.....නිලන්ති කීවාය......මා සමග පැමිනි නිලන්ති මාව නොපෙනී යන තුරුම මා දෙස බලා සිටින අයුරු දුටුවෙමි. මා තනියම පාරේ ගමන් කරන බැවින් හිතට බය ගතියක් දැනුනි.....ඉස්සර නිමල් කාලෙනම් ඕනැ රෑක ඕනැ තැනක යනව කිසි යකෙකුටවත් බය නෑ...ඒත් දැන් මට බය හිතෙන්නෙ යක්කුන්ට නෙවෙයි යක්ෂ වේශයෙන් ඉන්න පිරිමින්ට....සුකුමාල තරුණියක් වූ මට හැඩි දැඩි පිරිමියෙක් සමග තබා පිරිමි ලමයෙක් සමගවත් හැප්පිමට තරම් ගතේ සවියක් නොමැති බව මතක්විය.එසේ වුවත් මා නිමල් ලෙස සිටින කල මගේ වයසේ පසුවන පිරිමි ලමුන්ට වඩා මගේ ගතේ සවිශක්තිය තිබුනි. පාරේ කාන්තාවන් කිහිප දෙනෙක් ගමන් කරන බැවින් සිතේ බය තරමක් අඩුවිය. එහෙත් මගේ සිතට සම්පූරන සහනය ඇතිවුනේ නිවස පෙනෙන මානයට පැමිනීමෙන් පසුය.
නිලන්තිත් එක්ක පාඩම් කරන කොට කිසි කම්මැලි කමක් නෑ. ඒ ඇරත් මට කෙල්ලො ගැන ගොඩක් දේවල් ඉගෙනන ගන්නත් පුලුවන්. මාව කෙල්ලෙක් බවට පත්වුනේ ලගදි හින්ද එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනව.....ගෙදර පැමිනි මා කල්පනා කලෙමි....කොහොමද චතුරිකා දුවේ ඒ ගෙදර.....ආත් අම්මා ඇසුවාය.....වරදක් නෑ ආත් අම්මෙ.....එහෙ කිසිකරදරයක් නෑ.....මා කීවෙමි.....ආයෙ කවද්ද යන්නෙ....මගෙන් ඇසුවාය.....හෙට හවසටත් එන්න කිව්ව.....මා කීවෙමි......කමක් නෑ දුවේ ඒත් පරිස්සමින්......ඇය කීවාය.
මාත් එන්නද දුවේ....පසුදින නිමන්තිගේ නිවසට යෑමට සූදානම් වනවිට ආත් අම්මා ඇසුවාය. ඕනෙ නෑ ආත්තම්මෙ පාරෙ සෙනග ඉන්නවනම් පයින් යන්නම් නැත්නම් බස් එකේ නගින්නම්.......ඒක හොදයි ළඟ වුනත් පාලු පාරෙ යනවට වඩා බස් එකේ යන එක හොදයි......ඇය කීවාය. මා පාරට යනවිට පාරේ කිහිප දෙනෙක් ගමන් කරනු දුටුවෙමි.....මාද ඔවුන් අසලින් ගමන් කරමින්....නිමන්තිගේ නිවසට ගියෙමි......දුවේ මෙන්න චතුරිකා.....ඇවිල්ල.....නිමන්තිගේ අම්මා ඇයට අඩගැසුවාය.....ඇය මාව එක්කගෙන කාමරය තුලට ගියාය.
අපි පාඩම් කරන අතරතුර වෙනත් දේවල්ද කතා කලෙමු. මේ නිසා කම්මැලි කමක් දැනුනේ නැත. පිරිමින් මෙන් නොව ගැහැනුන් කතා කරන දේවල් ඊට වඩා වෙනස් විය. ඔවුන් ගේ කතාවල් අතර ප්රදාන වෙන්නේ ලස්සන වීම . ඇදුම් පැලදුම් සම්භන්දව දේවල් වීම විශේෂත්වයක් විය. මාවත් නිරුත්සාහයෙන් මෙන් එම කතාවලට ඇදී ගියේ මටද දැන් ගැහැනු ගැහැනු ගති පිහිටා ඇති නිසා දැයි සිතුනි.
මා සතියකට තුන් හතර විටක් නිලන්තිගේ නිවසට යෑමට පුරුදුවිය. දිනක් නිලන්ති අමුතු කතාවක් මගෙන් ඇසුවාය......එය මට නොතේරුනු බැවින් ඇය දෙස බලා සිටියෙමි.....

No comments:
Post a Comment