අපේ විවාහ දිනය ලන්විය....මොනවද දැන් අපෙන් කෙරෙන්න ඕනැ....දම්මි ඇසුවාය.....ඔක්කොම හරි...ඔන්න එදාට ඔක්කොමල්ල එන්න ඕනැ......හර්සනිත් එනව කිව්ව.....ඔන්න කවුරුවත්වත් තෑගි එහෙම ගේන්න එපා....මා කීවෙමි.
අපේ විවාහ දිනය චාම් උත්සවයක් ලෙස පැවැත්වූ අතර මගේ යෙහෙලියන් සැම දෙනාම මේ සදහා සහභාගී වීම මගේ සතුටට කාරනාවක් විය...විවාහ ලේකම් වරිය අපේ නිවසටම ගෙන්වා අපේ විවාහය ලයාපදින්චිකරවා සුලු වේලාවකින් මගේ අත සෙමින් සිපගත් තරන්ග අයියා.....ඔන්න මට දැන් ඔයාගෙ අයිතිය සම්පූරනයෙන්ම තියෙනව.......කීවේය......ඒවුනාට යතුර ගන්න තව කාලයක් බලාඉන්න වෙයි....ඒක ඉතින් හම්බවෙන්නෙ අපි පෝරුවෙ නැග්ගට පස්සෙ තමා.....මා සිනාසෙමින් පැවසුවෙමි.......ඒකත් ඇත්තනෙ කී ඔහු......එතකන් ඉතින් එලවන්නෙ නැතුව වාහනේ අතගගා ඉන්න තමා වෙන්නෙ.....මා පැවසූ දේ තේරුම් ගත් ඔහු කීවේය.........අපේ විවාහයෙන් පසු නිවාඩු ලැබුනු හැම වෙලාවෙම තරන්ග අයියා මාව බැලීමට පැමිනීම පුරුද්දක් කරගෙන තිබුනි......දිනක් වුද්යානයේදී මුනගසුනු අයියා මගේ මුහුන දෙස ඉතා ආශාවෙන් බලා ඉන්නා බව වැටහුනු මා......මොකද මගේ මුහුන දිහාම බලාගෙන ඉන්නෙ..... ඇසුවෙමි.....ඔයාගෙ ඔය ලස්සන හුරතල් මුහුන දැක්කම ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනව......ඉතින් කවුද එපා කිව්වෙ.....හැබැයි එදාවගේ මුහුනට පැල්ලම් තියන්නෙ නැතුව.....මා කීවෙමි.....එවිටම ඔහු මගේ මුහුන දෙසට ලංවිය......මෙතන නෙවෙයි..අනේ...ඔක්කොමල බලා ඉන්නවනේ...ඔහුගෙන් මුහුන ඈත්කරගත් මා..අපි ඒකට සුදුසු තැනකට යමු......කීවෙමි මේ ඇත්තමයි තිලිනි කියන්නෙ.....මට ඔයාව දැක්කම ඔයාව පුලුවන් තරම් සිපගන්න හිතෙනව.....මට එහෙම හිතෙන්නෙ නරක අදහසකින් නෙවෙයි..... තිලිනි. මට ඔයා ගැන පුදුම ආදරයක් තියෙන්නෙ......ඒකයි....කී ඔහු මගේ අත ඔහුගේ පපුවට තදකරගත්තේය....මා ත් එහෙමයි අයියෙ.....පහුගිය දවස්වල මට ඔයාව නැතිවෙයි කියල හරිම හිතේ අමාරුවෙන් හිටියෙ...මා දුකෙන් මෙන් කීවෙමි.....එහෙම වෙන්න දෙන්නෙ නෑ කියල මම මුල ඉදන්ම්ම හිතාගෙන හිටියෙ. මට ඕනැවුනේ අර දිනිති නෙවෙයි ඔයාවමයි......අපේ හොද වෙලාවට කොහොම හරි අපේ පැතුම ඉස්ටවුනා.....මගේ අත සිපගනිමින් කීවේය.
මගේ යාලුවෙකුගෙ ගෙයක් තියෙනව තිලිනි......එහෙ මේ දවස්වල කවුරුවත් නැහැල්ලු.....අපි නිවාඩු වෙලාවක එහෙට යමු ..නිදහසේ කතා කරකර ඉන්න පුලුවන්නෙ....තරන්ග අයියාගේ යෝජ්නාවට හිත තුල කැමැත්තක් ඇතිවූවද ඒ සමගම බියමුසු හැගීමක්ද ඇතිවිය......ඔවයේ යන්න ඕනෙ නෑ අනේ.....අපි පෝරුවට නැග්ගට පස්සෙ හොද හෝටල් කාමරේකට යමුකෝ.....මා කීවෙමි.......ඇයි ඔයා බය වුනාද බයවෙන්න එපා කෙල්ලෙ..... මට ඕනෙ වාහනේ ටිකක් අතගාල බලන්න මිසක්....එලවන්න නෙවෙයි.....ඒ වුනාට එලවන්න හිතුනොත්......මා කීවෙමි..එහෙම වෙන්නෙ නෑ...යතුර ඔයාගෙ අම්මයි තාත්තයි ගාවනෙ තියෙන්නෙ......ඔහු කීවේය......
කිහිපවිටක් තරන්ග අයියා එම යෝජනාව කල බැවින් අකමැත්තෙන් හෝ මා එයට කැමැති උනෙමි.....දුවේ ඔයාල කසාද බැන්දට කමක් නෑ. පරිස්සම් වෙන්න වෙයි. මොකද මට පේන හැටියට තරන්ගගෙ අම්ම ටිකක් පිරිසිදු කම හොයනව වගේ.....අම්මා දුන් උපදේසය මට සිහිපත් විය. වෛද්‍යවරු මාව අංග සම්පූරන ගැහැනු ලමයෙකු බවට පත් කල පසු මට පිරිසිදු කම ඔප්පු කිරීම සදහා කන්යා පටලයක් ද ලැබුනු බව අපි හොදින් දැන සිටියෙමු....එය නිකරුනේ විනාශ කර ගැනීම නොහොබිනා දෙයක් බව මා කල්පනාකලෙමි......අයියේ මම ඔයා කියන තැනට එන්නම් ඒත් මට මගේ ආත්ම ගරුත්වය රැකගන්න ඕනැ.....මා ඔහුට කීවෙමි.....මාත් ඒක දන්නව ලමයො ඔයා මාව විස්වාස කරන්න කවදාවත් මගෙ අතින් ඔයාට එහෙම වැරද්දක් වෙන්නෙ නෑ....ඔහු දැඩි ලෙස පොරොන්දු විය.
දම්මි...තරන්ග අයිය මට කතාකලා අද හවසට ගමනක් යන්න.... එනකොට ටිකක් පරක්කු වෙයි......මා ඇයට එසේ කීවිට මා දෙස අමුතු ලෙස බැලූ ඇය... වෙඩින් එක ඉවර වෙනකන් අමරුවෙනම් වැටෙන්න එපා.....ඇය මට අවවාද දුන්නාය.

No comments:
Post a Comment