හදිසි අනතුර 150.............අපි දන්න තරමට එහෙම කෙනෙක් නෑ අම්මෙ.......එයා අපි කාත් එක්කත් හරිම හිතවත්.......මාදෙස බලා ඇසක් පුන්චි කරමින් පැවසුවාය. .......ඒ... ඒ ලමයගෙ හැටි....එයාට ඉස්සර ඉදම්ම වැඩිය යාලුයො හිටියෙ නෑ. හැබැයි ඉන්න ටිකදෙනා එක්ක හොදට හිතවත්.....අම්මා පිලිතුරු දුන්නාය.......දම්මි මා ගැන හොදින්ම දැනගෙනත් ඇයි එයා එහෙම කිව්වෙ.....මා කල්පනා කරන්ට උනෙමි. ...එක අතකට එහෙම කිව්ව එකත් හොදයි නැත්නම් ලොකු ගැටලුවක් වෙනව.....සිතූ මා...දම්මි දෙස බලා සිනාසුනිමි......අනිත් දෙදෙනාද එය අනුමත කිරීම මගේ වාසනාවක් විය.....එහෙත් අමදාගේ සහ සම්මිගේ සිත්වල යම් ගැටලු සහගත තත්වයක් මතුවුනු බව මට දැනුනි......දූලට තේ හැදුව එන්න....තාත්තා කාමරයට පැමින පැවසුවේය.....ගිහින් තේ බීල එන්න.....අම්මා පැවසූ විට අපි...කාමරයෙන් එලියට පැමින.....සාලයේ වාඩිවුනෙමු.......වැඩකරන කාන්තාව අපිට සංග්‍රහ කරන අතරතුර. තාත්තාද අපි අසලින් වාඩිවිය......ඔය දුවට නේද තිලිනි කියන්නෙ.....ඔහු මා දෙස බලා ඇසුවේය......ඔව්....මා සෙමින් කීවෙමි.....ඔය ලමය ගැන විස්තර අපේ පුතා මාත් එක්ක කිව්ව.....ඒත් අම්ම කැමතිවුනේ නෑනෙ..ඔහු අම්මාට නොඇසෙන ලෙස සෙමින් කීවේය...ඒ......මොකද අන්කල්.....සම්මි ඇසුවාය.....එයාගෙ යාලුවෙකුගෙ දුවෙක් ගැනනෙ ඔලුවෙ තියාගෙනනෙ ඉදල තියෙන්නෙ..... පැවසුවේය.....දැන් අම්ම එයාලත් එක්ක තරහෙන් නේද ඉන්නෙ.......අමාදා ඇසුවාය. ......සමහර වෙලාවට එයාලට බනිනව ඒත් මට හිතෙන්නෙ...ඒ අදහස හිතෙන් අත ඇරල නෑ වගේ.....එයා ඉතින් මොකක් හරි හිතට ගත්තොත් ඒක වෙනස්කරන්නෙ නෑනෙ......තාත්තා තවදුරටත් පවසන්ට වූවේය.....තරන්ග ඒ වැඩේට කැමතිද අන්කල්.....සම්මි ඇසුවාය.....අම්මගෙ බලකිරීම හින්ද කැමැත්ත දුන්න මගෙ හිතේ......ඔහු කීවේය.....ඔහු මෙසේ පවසන විට මගේ සිතතුල යම් දුකක් දැනුනි.....එහෙත් මා එය කිසිවෙකුට නොදැනෙන ලෙස සිටීමට උත්සාහ ගත්තෙමි......මට හිතෙන්නෙ දැන් අම්මගෙ හිත වෙනස් වෙලා ඇති කියල......දම්මි කීවාය.....අපෝ ඕව අහන්න යන්න එපා......දැන් අපිට තියෙන්නෙ අම්මගෙ හිත හැදෙන්නත් එක්ක ඒ ඇන්ටියි අම්මයි ආයෙත් යාලුකරවන්න.....මා පැවසුවෙමි......එයාල ආයෙත් යාලුවුනොත් මේ වැඩේ ස්තිරවශයෙන්ම කෙරෙයි. එතකොට පුතාගෙ අදහස ඉස්ටවෙන්නෙ නෑනෙ......පැවසූ තාත්තා මා දෙස ප්‍රශ්නකාරි දෙස බැලුවේය........මේ වෙලාවෙ අම්මගෙ හිත සතුටු කරන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්නෙ තාත්තෙ......මා පැවසුවෙමි......එසේ කියනවිට අම්මා තාත්තාට අඩගසන හඩ ඇසුනු නිසා ඔහු ඒ දෙසට යන්ටවිය......මොකක් බන් උබ අතට ආපු චාන්ස් එක අත අරින්න හදන්නෙ.....උබට පිස්සුද......සම්මී තරහෙන් මෙන් පැවසුවාය.....ඒකනෙ අපිට තියෙන්නෙ එයාල තව තරහ කරවන්න මිසක් යාලුකරවන්න නෙවෙයිනෙ.....මේ මෝඩිට ඒක තේරෙන්නෙ නෑ.....අමාදා කීවාය......ගෙදර අයගෙ හිත් රිදවල කරගන්න මගුල් වැඩක් නෑ අනේ.....මා පැවසුවෙමි....එතකොට තරන්ගගෙ හිත රිදවන එක හොදයිද.......ඇසූ දම්මි....අම්ම අර ගෑනු ලමය ගැන අහපු වෙලාවෙ. මට උඹව පෙන්වන්න තිබුන. ඒත් මට බය හිතුන මෙතැන මොකක් හරි ගැටලුවක් වෙයි කියල...ඒහින්ද මම එහෙම කලේ නෑ.....දම්මි තරහෙන් මෙන් කීවාය......දැන් මට හිතෙනව කෙලින්ම කිව්වනම් හොදයි කියල.....අනතුරුව ඇය පැවසුවාය.....අන්න අම්ම එනව .....අම්මා රෝද පුටුවෙන් අපිදෙසට පැමිනෙනු දුටු.....සම්මි කීවාය.....අපි නිසබ්දව පුටුවලින් නැගිට්ටෙමි.....වාඩිවෙන්න දුවේ.....කී ඇය.....දූල තේ බිව්වද.....ඇසූ ඇය.....පුතා නිවාඩුවක් හම්බවුන ගමන් මෙහෙ එයි....ඒ ආපුවහම අහන්න ඕනැ ඒ ගෑනුලමය ගැන.....අම්මා කීවාය.....අම්මගෙ යෝජනාව ගැනද.....දම්මි ඇසුවාය......නෑ දුවේ එයාගෙ හිතේ තියෙන එක ගැන......අම්මා කීවාය.......එතකොට අර කලින් පොරොන්දු වුන එක්කෙනා....දම්මි තවදුරටත් තහවුරු කරගැනීම සදහා ඇසුවාය........මම කොච්චර බලාපොරොත්තුවෙන්ද හිටියෙ.......කී අය අපි දෙස දුකෙන් මෙන් බලා.....ඒව දැන් වැඩක් නෑ.....කීවාය...අම්ම දුක් වෙන්න එපා අපි ඒ ඇන්ටි හම්බවෙලා කතාකරල බලන්නම්....එතකොට..මොකද එයාලගෙ ගැටලුව කියල අපිට දැනගන්න පුලුවන් වෙයිනෙ....මා එසේ කී විට.....කිසිවක් නොකියා මා දෙස ආයාචනාත් මක බැල්මක් හෙලූ බව මට වැටහුනි.
උඹනම් මහ මෝඩ වැස්සියෙක් බන්.....උඹ මොකටද පොරොන්දුවුනේ ඒ ඇන්ටිටිව හම්බවෙන්න....අමාදා මට දොස් කියන්ට විය.......තරහ වුන අය යාලු කරල දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් නෙ....මා පැවසුවෙමි....අනේ මන්ද උඹටයි ඕනැ දෙයක් කරගනින්.....අමාදා කීවාය.
No comments:
Post a Comment